Sunday, February 05, 2017

මගේ බෞද්ධකම


අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා.
මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩිය වයසට ගිය          අපේ රටේ  බෞද්ධකම ගැනයි.
මම පන්සල් නොයන බෞද්ධ ප්‍රතිපත්ති හැකිතාක් දුරට රකින පුරවැසියෙක්. පන්සලකට යතත් යන්නේ මට කරදරයක් නොවන  හාමුදුරුවරුන් ඉන්න පන්සල් වලට විතරයි. පන්සලක දායකයෙක් වෙලා ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හිතේ කුසල් රැස් කර ගන්න පන්සල්ම යන්න ඕනී නැහැ කියලා මට හිතෙනවා. මම දවසක ලිව්ව  පන්සල - “පහන් - සලක්”  විය යුතුයි කියලා. ඒත් අපේ පන්සල් -  පහන්සල් ද ?.
පන්සල් යන දායක දායිකවෝ පන්සලේ හාමුදුරුවෝ මග ඇරලා පන්සලට ගිහින් එන්න තරම් සර්ධාවක් හිතේ ඇති කරගන්නවා. පන්සලේ හාමුදුරුවෝ දැක්කොත් වැඩ ගොඩයි. කවදාවත් නිමා නොවන පන්සලේ සංවර්ධණ ව්‍යාපෘති උපාසික උපාසිකාවන්ගේ චිත්ත සංතානය දෙදරවනවා. හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ ගිහියන්ට තියෙන කරදර කලබල . ඒ වයින් හිත සැහැල්ලු වෙන්න මල් පහන් පුදා බුදුන් වැද පන්සල් පරිසරයේ  ටික වෙලාවක් ගත කරන්න යන ගිහියන්  ආපසු පන්සලෙන් නික්මෙන්නේ තවත් හිතේ බරක් පුරවා ගෙන නම් ඒ පන්සල් ගමනෙන් වැඩක් තියෙනවද ?.
අපේ රටේ තාමත් කටුමැටි ගහලා පිදුරු හරි පොල් අතු වගේ තාවකාලික වහලක් යොදා නිවසක් හදාගන ඉන්න පවුල් කීයක් ඉන්නවද ?. එවැනි ගම්මාන පවා තියෙන්න පුළුවන්. එ වැනි ගම්මානයක පවා ඉදිකරගෙන තියෙන විහාරාධිපතීන් වැඩ වාසය කරන නිවාසවල සුඛොපභෝගීත්‍වය දෙස බලන කොට මේ ගොඩනැගිලි ඉදිවෙලා තියෙන්නේ ඒ අසරනවු දුක්පීඩා මැද ජීවත්වන ගම්වැසියන්ගේ රුපියලෙන් ශ්‍රමයෙන් වීම නිසාවෙන් සසර මේ තරම් නිසරුද කියලා හිතෙනවා.
අපේ ඇත්තෝ අතේ තියෙන හැටියට තමන්ගේ අපල උපල දුරු කර ගන්න බාර හාර වෙනවා. වදිනවා පුදනවා. තිරුපතිවලින් පටන් අරන් ගමේ නුගරුක යට වැඩ වසන දෙවියන් දක්වා යතිකා කරනවා. අපේ මිනිසුන්ගේ කාලය දියකරන බලවේග බවට පල්ලි කෝවිල් පන්සල් පත්වෙලා. ආගම් බේදයකින් තොරව මෙම පූජණිය ස්ථාන මුදල් උපයන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙලා. රජය කරවන ඇත්තෝත් සත්භාවයෙන් එම කටයුත්තේ නියලෙන්නේ නැති නිසා දෙවියනට බියයි. ඒ  නිසා තාමත් මේ තැන් වලින් වැට් බදු , ආදායම් බදු ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකරන්නේ නැහැ. නැත්නම් බුලත් කොලේ පූජා වට්ටියේ තියෙන මුදලට තවත් 20% ක් විතර අමතරව මුදලක් පීඩාවෙන් යදින යදින්නන්ට සිදුවේවි.

දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි  ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.එමගින් උපයන මිළ මුදල්ද බොහොමයි.පීඩා වෙන් වෙසෙන දනන් මුලා කර මුදල් උපයන මෙවැනි වෘත්තිකයන් ගැන දෙවියන් නොබලයි. ඒ දෙවියන් නොසිටින නිසාද ?.

notes of imaginary

1 comment:

Pra Jay said...

//දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.//
ඒවා පමණක් නෙමෙයි ආගමේ වඳින පුදන රිචුවලිස්ටික් පැත්ත හුඟාක් වැඩියි. පංසලේ තියන කෑලි ඔක්කොම වාහනේ ඩෑෂ් බෝර්ඩ් එකේ අලවගෙන යාම උදාහරණයක්.
මේවා එන්න එන්නම වැඩිවීමට හේතුව මොකක්ද?