Tuesday, November 08, 2016

විවාහ මංගල්‍යයක්.



"මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි  - වේළුවන ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස්‌ රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු-  පාපු විස්‌මය -  සියලු සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් -  ඔබහට වේය ජයසිරි මංගලම්"
පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.
පෙරදා හවස  පැමිනී මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක් එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ. මේස සැරසිලි කරන අතර පැමිණි එක් තලතුනා මහතෙකු “  ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය. “ ඔව් .. ඔව් ඒත්  මම අදි මදි  කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?. මම තියනවා කියමි. මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම පිළිබද උපදෙස් මටම  සිහිපත් කරමි. විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි. අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත.
මම ජාතික ධජයන් ගෙන්  උත්සව ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.  
 ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට  පැවසුවත් එය පිලිගන්නා කෙනෙක්  නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ  ජාතික කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක්  ලනුවක එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස් කණුවල පේලි ගැසී බලාසිටී.සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන් එල්ලී සිටි.


“නිම්ම නැති සංසාර දුක  - සිදුහත් කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු  - අපි මහණවීමට  - අසුන් පනවැයි කී තොසින්
මංම පනිමිය - පහුරු මත්තෙන් - තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් -  ඔබ හට වේය -  ජයසිරි මංගලම් ”
අමුත්තන් සම්භාෂණ ශාලාවේ  අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන  මනාල යුවල පෝරුමස්‌තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන  අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා  ගායනය කරනවා මගේ සිතේඇදේ. 

“අංග පෙරදැරි තුමා -  සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන  - වසවතුගෙ ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා -  තිස්‌ යොදුනක්‌ ගොසින් - ගං තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන් - ඔබ හට වේය - ජයසිරි මංගලම්..."
අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක් පමනක් විනි.
 දවසකට  රජ වී පෝරු මස්තකයේ සිට  සිර ගතවන මනාල මහතා සහ නුවර විලාසිතාවට සැරසුන මනාලියට යුරෝපීය ඇදුමෙන් සැරසුන අෂ්ඨක කියන ගුරුන්නාන්සේ  මැදිවිය අහල මායිමකවත් නැති තරුණයෙකි. ඔහු මෙම යුවලට ආශිවාද පතා ගායනා කරන්නේ  සිදුහත් කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී.
 සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ දම් පුරන්නට ගියහොත්  දහසක් බලාපොරොත්තු ඇතිව සිටින මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.

notes of imaginary

3 comments:

MPP Gunasinghe said...

මිනිස්සු මොනතරම් බොළඳ අසරණයන් බවට පත්වෙලා දැය මොනවට පැහිදිලි වෙන පෝස්ටුවක්. ඔබතුමා එක් කර ඇති අෂ්ටක ටික හරිම වටිනවා.

විචාරක Wicharaka said...

ජාතික කොඩිය පාවිච්චි කිරීමේදී කරන ගොන්කම් ගැනනම් කියලා වැඩක් නැහැ. මොලේ ඇති කියලා හිතන උන්නැහේලාත් කරන්නේ අමන වැඩ.

අනේ පුලුවන්නම් අර අෂ්ඨක සියල්ල එකතු කරලා ලිපියක් දාන්නකෝ.

Lionel Liyanagamage said...

දවසක උත්සහා කරන්නම්.2016 නැකැත් ඉවරයිනේ.