පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, June 18, 2016

ජරමරයක්.


 මහ  රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය.
 ඇයි වසන්ත ?
සර් ! අර හවස කාමරේට ආපු කපල්  එක ......
ඔව් ,  වසන්ත
ඒ නෝනාගේ තොල පුපුරලා ලේ  ගලනවා.
වැටිලාද ?
අයිස් ටිකක් දෙනවා ලේ ගලන එක නතර වෙයි.
මම නිදිමතේ ඔරලෝසුව දෙස බලමි .වෙලාව රාත්‍රී එකයි තිහ පසුවෙමින් තිබේ.මේ මහ රෑ රොහල් යන්නද ? පොලිසියට කෝල් කරනවද ? .යන සිතිවිල්ලට මාරුවෙමි.
වසන්ත ., ගොඩක් අමාරුද ?.
ඔව් සර්. කාමරේ පුරාවට ලේ . රෙදි පෙරදි ලේ වලින් තෙමිලා.
මොකද ? මහත්තයා කියන්නේ ?
තරහෙන් පිපිරි පිපිරී එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා.
ඇයි ? ප්‍රථමාධාරයකටවත් මැදිහත් වෙන්නේ නැද්ද ?
නෑ සර් ........මැරුනත් කමක් නැතිළු.
ඉතින් වසන්ත ............ඔයා මහ රෑ ඒ නෝනා අරගෙන රෝහලට යන්නද හදන්නේ?
බැරෑරුම් කරුනක් වුනත් වසන්තට සැහැල්ලු කතාවක් කිව්වා.
සර්ට විහිළු. සොලියුෂන් එකක් දෙන්න .
නැත්නම් මම අමාරුවේ.
මම එන්නද ?. මේ මහ රෑ නිවසින් පිටවීම මහත්ම අපහසු වැඩක්වුවද මා  මැදිහත් විය යුතුය. මගේ ප්‍රධාන ආරක්‍ෂිකාවගේ අවසරයෙන් මීටර් හයසියයක පමණ දුර මහ රෑ වීරයෙකු මෙන් යන අතර   මා කුමන විසදුමකට එලබිය යුතුදැයි සිතන්නට විමි. අනන්‍යතාවය පමනක් තහවුරු කර ගන්නා පිලිගැණිමේ කවුන්ටරයේ කටයුතු කරන්නා හට විවාහ සහතිකයත් මින් පසු පරීක්‍ෂා කර  නවාතැන් පහසුකම් සැපයීමට උපදෙස් දෙන මෙන් මගේ හිත බලකලත් මාසේ අන්තිමට එකතු වන පිරිවැය කන්දරාව හමුවේ නිරුත්තර වීමට සිදුවිය.
මා  දුටු විට වසන්තගේ මුහුණට වසන්තය උදාවිය.
මොකක්ද ? සර් කරන්නේ ?
නෝනා සමග කතාවට නොගොස් මම මහත්තයා ගෙන් උත්තර සොයන්න තීරණය කලෙමි.
මා දුටු විට ගිණි කන්දක් මෙන් පිපිරෙන මහත්තයාගේ මුහුණට  ගලන ලාවා ගග මිදුනාක්  මෙන් ගල් වන අන්දම නිරීක්‍ෂණය කරමින් බැරෑරුම් ලෙස ප්‍රශ්ණයට  පිවිසියෙමි.
මොකද ? මේ රෑ අරගලේ ?.
නෑ අන්කල් මේ පට්ට ....................... මාව රැවට්ටුවා.
මම පුතාගේ කතාව අහන්නම්............. මේ දුවට මොනවද කරන්න ඕන ප්‍රතිකාර.දුරින් බිත්ති කණුවකට මුවාවී ලේ ගලන තඩ ස්සිවු මුහුණුන් ඉකි ගසනා   යුවතිය විමසු මම වසන්ත සහ කාර්ය මණ්ඩලයම මේ මහ රෑ කරන්න සිදුවු අමතර රාජකාරිය පිලිබද කණගාටුව පල කලා. නැතිත්නම් හෙට හිරු නැගිලත් කාර්ය මණ්ඩලය අවදි කරවා ගන්න අසීරු වෙයි කියලා කල්පනාවක් ඇතිවුනා.
ප්‍රථමාධාර පෙට්ටියෙන් සුළු තුවාල සදහා ප්‍රතිකාර කර ගන්නට සලස්වා. වහා  වෛද්‍ය ප්‍රතිකාර  ගැණිමට  ලගම ඇති රෝහලේ වෛද්‍ය වරයා ගේ නින්ද   නැති කලා.
හෙටට උත්තර දෙන්න වෙයි කියන සිතිවිල්ලෙන් ආගන්තුකයන්ගේ පොතේ නිවරදි සටහන් ඇතුලත්ව ඇත්දැයි පරීක්‍ෂාවෙන් නිසි පරිදි බිල්පත පියවා ගෙන ආදරණිය පුත්‍රයා කාමරයෙන් පිටමන් කරන්න වසන්තට උපදෙස් දුන් මම  මගේ ආරක්‍ෂිකාවගේ දුර කතනයට ඇහුම් කන් දුන්නා
ගෙදර එන්නේ නැද්ද ?
මේ එනවා............
අවුරුදු හතලිහයක් නිය පිටින් සුරන්නේ නැතිව මාව ආරක්‍ෂා කරපු මනුස්ස දුවට සමාන කරන්න පුළුවන්ද මේ දූ පුතුන්.
මම යලිත් නිවසට ආවා.notes of imaginary

2 comments:

අටම්පහුර said...

ඔහොම කේස් නිතරම වෙනවද ,

මේ කමෙනට් කරන විදිහ ටිකක් අවුල් වෙනස් කරන්න

miduma said...

හැමදාමත් මෙහෙම වෙන්නේ නැහැ.මේක සත්‍යසිදුවීමක්.
මා නොලියු ඉතිහාසයක් මේ සිද්ධිය තුල තියෙනවා. මගේ පරිසරය විශ්ව විද්‍යාලයක් ආශ්‍රිතයි. දරුවන්ගේ ජීවිත තුල ඇතිවන සමාජ පිලිගැණිමේ පෙරලිය මේ සිද්ධියට හේතු පාදක වෙලා තිබුනා. කාලයක් පැවති ප්‍රේමයක් වීශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී වෙනසකට පත්වීමේ ප්‍රතිපලයක් මේ අන්දමින් පුපුරා ගොස් ඇති බවයි මම තේරුම් ගත්තේ.
තරුන වියේ ඇතිවන ආදර හැගීම් ජීවිතයේ වෙනස් කම් සමග වසරක් දෙකක් යන විට නොගැලපෙන බව තේරුම් යනවා. නිර්මාණය වන සමාජ පරිසරයට ගැලපෙන අය ජීවිතයට යා කරගන්න අනියම් උත්සහායනට පෙලඹෙනවා.හුවමාරුවන ලබා ගන්නා ප්‍රතිලාභ නිසා මේ පුපුරා යන විධිය මෙහෙමයි.