Sunday, November 01, 2015

පාතාල කළුවර.



සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ, තියුණු ආයුධ සහිතව අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනොරාමා සමාජශාලාව වෙත කඩා වැදුණු 25 කට ආසන්න පුද්ගලයන් පිරිසක්‌ අමානුෂික අන්දමින් කඩුවලින් කපා කොටා කරාටේ වසන්ත හෙවත් වසන්ත සොයිසා ඝාතනය කර පලා ගොස්‌ තිබේ.”  -  ප්‍රවෘත්තියකි.
සිවිල් මිනිසුන් නීතිය අතට ගෙන තිබේ.
සංවරවු සමාජයක තමන්ට අකටයුත්තක් වු කල නීතියේ පිලිසරණ පැතුවත් අසංවරවු සමාජයක තමන්ම නීතිය අතට ගෙන කටයුතු කරනු අපට දක්නට ලැබෙන්නකි.වසන්ත සොයිසා මහතාටද  මුහුණ පාන්නට සිදුව ඇත්තේ එවැනි ඛෙදවාචයකටයයි මම සිතමි. ඒ මහතාගේ ව්‍යාපාරය අනුරාධපුරයට සංස්කෘතිකමය ප්‍රශ්නයකි. කොළඹට එසේ නොවේ.එහෙත් මේ ගැටුම සංස්කෘතිමය ප්‍රශ්නයක් නිසා සිදුවක් යයි
සිතිය නොහේ.
තමන්ට කරන්න බැරි ව්‍යාපාර තවෙකෙක් කරනු බලා ඉන්නට බැරිව හිතේ ඇතිවන හැගීම්ද සමහර උදවියට ආරෝවක් ඇති කර ගැණිමට හේතු විය හැකියයි මට සිතේ.තවත් සමහරු අනුන් සතු සම්පත් තමන්ගේ  ප්‍රයෝජනයට බලහත්කාරයෙන් ලබා ගැණීමට යාමෙන්ද ආරවුල් ඇති කර ගනී. තවත් විවිධ හේතු කාරනා තිබෙන්නට ඇතත්, සමාජ ශාලා , බීම හල් ආශ්‍රීතව ඇති කරගන්නා සුළු සුළු සිද්ධීන් දුර දිග ගොස් වසන්ත සොයිසාට මෙන් එවැනි ස්ථාන අයිතිකරුවන්ට , භාරකරුවන්ට ද අනතුරු උපදින අවස්ථා ඇතිවේ.  
බීමහල් ආශ්‍රිතව පවත්වා ගෙන යන ආපන  ශාලා සහ සමාජ ශාලා වලට එන ගණු දෙනු කරුවා  නොව ටික වේලාවකින් දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්වු  ගණුදෙනු කරුවෙකි.
එක් එක් අයගේ බුද්ධිය සමාජ පදනම හා වෙනත් මානසික හේතුන්  මත  පුද්ගලයෝ හැසිරෙන්නේ විවිධාකාරයටය.මේ අයත් සමග ගනුදෙනු ඉතාමත් අසීරු කටයුත්තක්  වන අතර ඉවසීම භාවනාවක් මෙන් ප්‍රගුණ කල යුතුය. සමාජයේ අඩු අධ්‍යාපනයක්‌ ඇති පහළ ස්‌ථරවල මෙන්ම ඉහළ ස්‌ථරවලද මෙවැනි ගැටුම් නිර්මාණය කර ගන්නෝ සිටිති.   එහෙත් පහළ ස්‌ථරවල සිදුවනවා සේ මෙවැනි සිද්ධිවලදී ප්‍රචණ්‌ඩත්වයෙන් ඒවා කෙළවර නොවේ. ඔවුහු ඒවා තමන්ගේ තරාතිරම, අධ්‍යාපන මට්‌ටම, සමාජ තත්ත්වය මත එම ප්‍රචණ්‌ඩත්වය පාලනය කරගනී.
මා මෙවැනි අත්දැකීම් ලබා ඇත්තේ තානායම් පලක් ඇසුරෙනි. විවිධාකාර පුද්ගලයින් සමග ගණු දෙනු කරන්නට සිදුවන අතර  සමහරක් අය තමන්ගේ දේපලකට පැමිණීයාක් මෙන්  රිසිසේ තානායමේ දේපල පරිහරණය කරන්නට යාමෙන් අනන්තවත් ගැටුම් වලට කළමනාකරණය  මුහුණ පා තිබේ. ඒවා නොසලකා හැරීමෙන් පාලනය කරගන්නා ස්ථාවරයකට පත් වීමෙන් ගැටුම් ඇති නොකර ගන්නට  පුරුදු පුහුණුවීමෙන්   අනතුරු ආන්තරා වලින් මිදිය හැකියයි අත් දෑකීම් ලබා ඇත්තෙමි.



of imaginary

1 comment:

විචාරක - Wicharaka said...

සමාජ ශාලාවකට ගිය කාලයක් මතක නැහැ. අන්තිමට ගියේ 1990 දී විතර කියලා මතක තියෙන්නේ. ඕවට ගිහින් තියන වාර ගණන අතේ ඇඟිලි ගණනට වඩා අඩුයි. ගෙදර මිදුලේ, අඩ අඳුරේ, මන්ද්‍ර ස්වරයෙන් ගීයක් අසමින්, මධුවිතක් රසබැලීම තරම් වින්දනයක්, ඔය ගොරහැඩි සමාජශාලා තුළ නැහැ.

හැම එකකම තියෙන්නේ තරගය, පාරිභෝගිකයා ගසාකෑම, බල්ලෝ මරා හරි සල්ලි හෙවීම. ඒ තරගය තුළ, ගහ මරාගැනීම සාමාන්‍යකරණය වෙලා.