පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, September 03, 2015

අදින් ඇරඹුන හෙට.


නාධිපති පොරයෙන් සහ අගමැති පොරයෙන්ද පරාදවී නිකම්ම නිකම් මන්ත්‍රීතුමෙකු වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනට  ගොඩ වදින අයුරු ප්‍රවෘත්ති   රාමු පෙලකින්   දුටිමි. තවමත් ඔහුගේ ජනප්‍රියතාවය නම් සිදී නැති සෙයකි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නැති පිලිගැණිමක් තවමත් මහින්ද රාජපක්‍ෂයන් හට ශ්‍රීලනිප පාක්‍ෂියන් තුල  ඇති බව ඒ රාමු පෙල කියනා සාක්‍ෂියකි. 
 චන්ද්‍රිකා මැතිණිය පක්‍ෂ සම්මේලනය ට සහභාගි නොවී විදේශගතව ඇත්තේ පාක්‍ෂිකයනට මුහුණ දෙන්නට ඇති අකමැත්ත නිසාද ? නැත්නම් දේශය වෙනුවෙන් සිදුවිය යුතු ඇගේ කාර්ය භාරය අවසන්ව ඇති නිසාද ? අපට ඉතිරි කර ඇති ප්‍රශ්නයකි. 

පසුගිය  1 වෙනිදා  ලංකාදීපය  විමල් වීරවංශගෙන් අසන ලද ප්‍රශ්නයකට

ප්‍රශ්නය - මහින්ද රාජපක්‌ෂ කියන්නේ තිබුණ හොඳම හා අවසන් තුරුම්පුව. ඒ තුරුම්පුව ගහලා ඉවරයි. මෙතැනින් එහාට තියෙන තුරුම්පු මොනවාද?

පිළිතුර - තිබිච්ච හොඳම තුරුම්පුව වගේම අනාගතයටත් තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්‌ෂයි. කවුරුහරි හිතනවා නම් ඒක එහෙම නොවෙයි කියලා මේ රටේ ඉදිරි වසරක පමණ කාලයක්‌ ඇවෑමෙන් තේරුම් ගනීවි මොකක්‌ද ඇත්ත තත්ත්වය කියලා ප්‍රකාශ කර තිබිනි.

එමෙන්ම මහින්දයන් ගැන බොහෝ මත පලකරන සගයෝ මට සිටිති. සමහර අයට අනුව මංත්‍රියෙක් වී හිටපු ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවට වී සිටිම නින්දිත ක්‍රියාවකි. තවත් සමහරු මේ මනුස්සයාගේ අරමුන මොකක්ද ? යන්න ගැන  සැක පලකරයි.

කෙසේ වෙතත් මහින්දයන්ට                ගරු කරන මෙන්ම නිගරු කරන සියල්ලටම මහින්ද චරිතය  කියවීම නම් හොද ආදර්ශයකි.
මහින්දයන්  1994 සිට 2004   දක්‌වා චන්ද්‍රිකාගේ  ආණ්‌ඩුවට වී   තමන්ට අවස්‌ථාව එනතුරු බලාසිටියාය. 2015 ජනාධිපතිවරණයේදී  ඔහු පරාජිත දේශපාලනඥයෙකු බවට පත්විය. එහෙත් 2015 මහමැතිවරණය පැවත්වු අගෝස්තු මාසය වන විට පාර්ලිමේන්තු ආසනයකට තරග කර නැවත මංත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැණිමට  තරම් මානසිකයක් ගොඩ නගා ගත හැකි පුද්ගලයෙක් බවට පත්වී සිටියාය. 
මහින්දයන් නොවන්නට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්‍ෂ නායකයාවු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්  පුළුවන් තරම් කකුලෙන් අදිද්දී එජනිස යට ආසන 96ක්‌ ලැබෙන්නේ නැත. මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් එම ආසන 96 කොල්ල කා   අද එජාපය සමග  ඇමතිකම් අරගන බිහි කරන සම්මුතික වාදි ආණ්ඩුව හදන විට උපේක්‍ෂාවෙන් බලා සිටින්නට මහින්දට හැකිය.

මේ සීතල නිහඩතාවය යටින් උණුසුම් දිය දහරාවක් ගලා යයිද යන්න හිතන්ට කල්වැඩි වුවත්, අද මහ බැංකුවේ අධිපති, අගවිනිසුරු, විපක්‍ෂ නායක පත්කල අත්තනෝමිකත්‍වය සහ හෙටින් පසු සිදුවන සුළු තරයට කරන ලබන වැඩි සැලකිලි හමුවේ මහජාතිය දක්වන ප්‍රතිචාර කළමනාකරණය කරන්නට වර්තමාන ආණ්ඩුවට හැකිවේදැයි අනාවැකි පලකල නොහැක.


මේ බොර දිය තුලින් අනාගතයේදී ශ්‍රිලනිපය දියවී වෙනත් දේශපාලන විකල්පයක්  කරලිය තුල ඉපදීම අනිවාර්ය විය හැකිය. එහි නායකත්‍වයට මහින්දයන් පත් නොවේයයි අපට සිතිය නොහැකිද ?.





notes of imaginary

1 comment:

මලියා said...

හිටපු අගවිනිසුරුවරිය එලවප කතාව මතක් වෙනවා මේක දකිද්දි...මං නං පුද්ගලිකව මනාපයි සම්බන්දන්ට වි.නායක කම හම්බුන එක ගැන.අනික ලංකාවෙ දෙමල ජාතිකයෙක් විපක්ශ නායක උන පලමු වතාව මේක නෙමෙයිනේ!