පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, September 12, 2015

මූණ අපේය.


තුමිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු නායිකාව මෙන්ම වර්තමාන අනුශාසකවරිය සහ මධ්‍යමකාරක සභිකයෙකි.
මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඉන්දියාවේ "ද හින්දු" පුවත්පතට කර තිබූ ප්‍රකාශයත් එතුමියගේ fbඅඩවිය හරහා කරනා ලද ප්‍රකාශය මසුරන් වටී.
එතුමිය තම පාලන කාලයේදී නිවරදි ආකල්ප සහිතව සිදුකරන ලද සියළු දෑ අපි තවමත් අමතක කර නොමැත. ඒවා මතක් කර දීම සුදුසුද නොවේ.මළ ගෙවල් වලදී තවමත් අපි තළු මරමින් ගායනා කරනුයේ ජීවිත කාලයේදීම කරන ලද දුගද හමන දේවල් නොව කරන ලද යහගුණයන් එකක් ඇත්නම් ඒ යහගුණය පමනකි. එබැවින් අපි තවමත් එතුමියගේ යහගුණය ගායනා කරමින් සිටිමු. ජනාධිපති තනතුර අහිමිවී හොරගොල්ලට පසු බසින ලද අපේ වීරවරිය හොරගොල්ලේ සිට යළිත් දේශපාලන වේදිකාවට කැදවා ගෙන ඒමට තරම් සුළගක් තබා සෙලවිල්ලක් වත් නොවුයේ එබැවිනි.
සාමාන්‍ය මිනිසුන් වන අපි උඩ බලා ගෙන කෙළ ගැසු විට තම මුහුණටම වැටෙන බව දැන ගෙන කටයුතු කරමු. එහෙත් අසමාන්‍ය හේතුන් ඇතුවු විට පෘතග්ජන නොවන අපි නොකරනා වැඩ උවද කරනු ලබයි.ඒ නිසාවෙන්දෝ  කුමාරතුංග මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ තනතුරු දරමින්ම සහ හිටපු නායිකාවක්‌ ලෙස මහින්ද රාජපක්‍ෂ තම ඇමති මණ්ඩලයේ තබා ගත්  බව අමතක කරමින් තමන්ම අපකීර්තියට පත්වෙයි.
තමන්ගේ ගෙදර ආරාවුලක් ඇතිවු වුවිට එය විද දරා ගන්නවා මිස අන් අය සමග තළු මරමින් විග්‍රහ කිරීම නුගත් සමාජය තුල පවා  පිළිකුලෙන් බැහැර කරන්නකි. එහෙත් අපේ රටේ දේශපාලන කුණු තළු මරමින් විදේශ මාධ්‍ය තුලත් සමාජය තුලත් වපුරා සතුටක් ලබන්නට තරම් පහත් මානසිකත්‍වයක් අපි අගේ කරන නායක නායිකාවන්ට ඇති බව දකින විට එතුමන් කෙරෙහි පිළිකුලක් ඇතිවීම වැලක්විය හැකි නොවේ.
මහින්දට එරෙහිව තරග කිරීමට අපේක්‍ෂකයෙකු සොයන විට ශ්‍රීලනිපය තුල හොරෙක් මිණිමරුවෙක් නොවු කෙනෙක් සොයා ගත නොහැකිවු බවත් සියල්ලම සිටියේ එකම තත්වයේ අය බවත් එතුමිය  ප්‍රකාශ කර ඇත.එතුමියගේ ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටි අය මහින්ද ගේ ශ්‍රීලනිපය ආණ්ඩුවේද සිටියේය. එතුමිය මහින්ද රාජපක්‍ෂ එලවා දමා පිහිටුවා ගත් සම්මුතික ආණ්ඩුවේද ඒ හොරුද මිණීමරුවෝද කියනා කොටස සිටින්නේය.  හොරුන්ගෙන් හා මීනිමරුවන්ගෙන් පිරුණු පක්‌ෂයක සභාපතිනියක්‌ව සිටි මැතිණිය අලි බබා පමණක් එලවා දමා ගෝල බාල පිරිස රැක ගෙන ඇත.
 කුමාරතුංග මැතිනිය 1980 දී ශ්‍රීලනිපයෙන්  වෙන් වී ගොස්‌ තමාගේම මවටත් එරෙහි විය.  2005, 2010, 2015 ජනාධිපතිවරණ වලදී ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට විරුද්ධව කටයුතු කලාය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය නොදී අලියාට ඡන්දය දෙන්නැයි   ඉල්ලා සිටියාය. එතුමිය නහයේ වැරද්දට මූණම කපා ගන්නේය.

මේ මූණ ඔබතුමියගේ නොව අපේය.
notes of imaginary

2 comments:

samakayawate said...

කියල වැඩක් නැ

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

නියම පෝස්ට් එක. මගෙනුත් උපහාරය ඔබට.