පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, September 02, 2015

මගේ රටට දළදා හිමි සරනයි.




ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම  අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි සපයන ශාස්ත්‍ර වේදීන් මේ දිනවල ලියන්නේ ග්‍රහ තරු ගැනවීම විශේෂයකි. පසුගිය කාලයේ නැතිවම බැරීවු සාස්ත්‍රකරුවන් රණිල්ගේ ආගමනයත් සමග නින්දට වැටී ඇති බව දකිනට හැකිවේ.

දැන් රට අළුත්වෙමින් ඉදිරියට යන බවක් මගේ අසල්වාසී යහපාලනයට කඩේ ගිය සහ යන ඇත්තන්ගේ මතයයි. මගේ දේශපාලන දැක්ම කුමක් වුවත්  මට අවස්ථාව එනතෙක්  අසල්වාසියා සමග වාද විවාද නොකර ගනිමි යයි  හෟද සාක්‍ෂිය සමග ගිවිසුමකට එළඹුනෙමි.පාර්ලිමේන්තුව රැස්වී  කථානායකවරයකු , නියෝජ්‍ය කථානායකවරයෙකුද  පත්කර ගෙන සිටින ආණ්ඩුව තවමත්  ඇමැති මණ්‌ඩලය පත්කර ගෙන නැත්තේ අපේ වාසනාවටයයි මම උපකල්පනය කරමින් සිටිමි. පත් කරගත් දා සිට ගෙවිය යුතු බර පැන ගැන සිතන විට මේ කල්යාම රටට තාවකාලික හෝ  සම්පතකි.

මේ දේශපාලන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හදුරන අපට ඔවුන් කේවල් කරනා අන්දම ගැන හිතා ගත හැකිවේ.  කේවල් කිරීම කිසිසේත් ජනතාවට වාසිදායක ලෙස කෙලවර නොවෙන බවට නොවරදිනා අනාවැකියක් කිව හැකි බව සටහන් කරනුයේ මැතිවරණ ප්‍රතිඵල හදහනක් කොට සැලකීමෙනි.

ජනාධිපතිතුමාට අනුව මේ ප්‍රාතිහාර්ය පාමින් බිහිවන්නේ "සම්මුතිවාදී සන්ධානයකි.‌" සම්මුතියක්‌ ඇති තැනක බොහෝ කරුණු කාරණා විසදා ගැණීමට තටම තටමා සිටිය යුතු නොවේ. ඇමැති තනතුරු බෙදාගැනීමටත් මේ "සම්මුතිවාදී සන්ධාන ගත  ජාතික ආණ්‌ඩුව  තවමත් තටමයි. එයත් ප්‍රශ්නයක්‌ කරගන්නේ නම් සම්මුතිවාදි සන්ධානයක් එවැනි තත්ත්වයක්‌ තුළ බිහිවන්නේද යන්නත් ප්‍රශ්නයකි. ජනතාවට    මේ තැටමීම නිදහසට කාරනාවක් නොවේ. කියන්නාවු   සම්මුතිවාදී සන්ධාන ගත  ජාතික ආණ්ඩුවක් බිහිවී  රටට  ලැබෙන සේවය ජනතාවගේ බලාපොරොත්තුවයි . එහෙත් තවමත් තමන්ට ලැබෙන්නට නියමිත  ගොඩ ගැන සම්මුතියක් නොමැතිව කල්මරයි. 

දිවුරුම් දීමට නියමිත යෑයි කියන ඇමැති මණ්‌ඩලය ගැන මේ ලියන මොහොත වනතෙක් ද  නිවැරැදි තොරතුරක්‌ නැත. ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය 19 වැනි ව්‍යවස්‌ථාවෙන් ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩි වන බව පවසයි.  ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ලබාගත් පසුව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිත බවද පවසයි. "සම්මුතිවාදී සන්ධානගතවීමක් මුලින්ම  අවශ්‍ය  වන්නේ එයටයි. රටේ අවශ්‍යතාවයට නොවේ. මේ අපි ඡණ්දය දුන් එකගතාවයන් ට අයත් නොවී වෙනස්වු එකකි.
දෙගොල්ලෝම  සීතල යුද්ධයක නිරත වෙමින් ඇමති තනතුරු  ලබා ගැණිමට කේවල් කරයි.  එජාපය  කියන පරිදි අවශ්‍ය නම් තමන්ට තනිව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හැකියාව තිබෙන බව පවසයි . තවත් පිරිසකගේ සහාය ලබාගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බව  එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ද කියයි. මේ පාරම්බෑමේ අරමුන ජනතාව වෙනුවෙන්ද ?.
"සම්මුතිවාදී සන්ධානයක්‌" පිහිටුවීමට කරන කතා බහ අතර තම තමන්ගේ පාර්ශ්වයනට හිමිවිය යුතු බලය පිළිබඳව කඹ ඇදීමක නිරත වෙමින් සිටී. "සම්මුතිවාදී සන්ධාන  ආණ්‌ඩු කතා බහ කෙරෙන්නේ මෙවැනි ගොන් කතා මැද සිටගෙන වීම ජනතාවගේ සැකයට බීජවී තිබේ.  මේ සියල්ල ජනතාවු අපට  ලැබෙන්නේ විනෝදයක්‌ නොව සමස්‌ත දේශපාලනය ගැන කලකිරීමකි.

සත්භාවයක් නැති මේ හවුල් ගැන කතා කිරීමෙන් යහපාලනයට කඩේ ගිය අසල්වාසීයා උරණ කර ගත යුතු නොවේයයි මම මුලින්ම සිතුවෙමි. ඔහුට ඔහුගේ සුවදායක නින්ද තුල සිහින දකින්නට ඉඩ හසර තිබිය යුතුවේ.





notes of imaginary

2 comments:

miduma said...

දහනව වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ජාතික ආණ්‌ඩුවකදී ඇමැති ධුර ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්‌ ලබා ඇති එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ඇති බැවින් අමාත්‍ය මණ්‌ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක්‌ නොඉක්‌මවිය යුතු බවත් අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක්‌ නොඉක්‌මවිය යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(4) ව්‍යවස්‌ථාවට අමතරව පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි යන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඉදිරිපත් කරන යෝජනාවේ සඳහන් වේ.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය 46(1) ව්‍යවස්‌ථාවේ (අ) සහ (ආ) යන වගන්තිවලට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ නොවන අවස්‌ථාවලදී කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව තිහ නොඉක්‌මවිය යුතුය. කැබිනට්‌ නොවන ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්‌මවිය යුතුය. ඒ අනුව ඇමැති, නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව හැත්තෑවකි.

එහෙත් දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය 46(4) වගන්තිය අනුව ජාතික ආණ්‌ඩුවකදී කැබිනට්‌ ඇමැතිධුර සංඛ්‍යාව සහ කැබිනට්‌ නොවන හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව ඉහළ දැමිය හැක. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.

samakayawate said...

වන්නේ කුමක් දැයි බලා සිටිමි මමද