පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, August 24, 2015

අන්දා - මන්දා .


මායි - මගේ දේශපාලන දර්ශණයයි  දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම.
 උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙනවා. ඒ  නිසා මටත්  කර කියා ගන්න දෙයක් නැතිව ගියා.මගේ දේශපාලන දර්ශණය පැත්තක තියලා  සන්ධාණයෙන් පාර්ලිමේන්තු යන්න වලි කාපු කොල්ලාට සහයෝගය දුන්නා.මේ මහා පාවා දීම ගැන නොයෙක් විවේන ආවත් කවුරුත් කරන්නා වාගේ මාත් ආර්මාර්ථකාමී වුනා.මට දර්ශණයට වඩා කොල්ලා ලොකු වුනා.
ඉස්සර ගෙදර අක්කා අවුරුදු ගානක් නිදා ගෙන ඉදලා ජනවාරි අටවෙනිදා විප්ලවයෙන් පස්සේ එළියට බැහැලා යහ පාලන තහවුරු කරන්න බරටම කඩේ යනවා. සහයෝගයට නැගණහිර මායිමේ ඉන්න නිහාල් අයියත් එකතු වෙලා. අක්කගේ දුවට රස්සාවක් නිහාල්ගේ පුතාලට රස්සා වගේම ඉඩමක් පරමාර්ථ කරගෙන ජයටම වැඩ.
බලන කොට අපි තුන්දෙනාගෙම පරමාර්ථ එකයි.
දේශයේ හෘද සාක්‍ෂියට අත තියාගෙන  මහින්දට පළු යන්න බනින අජිත් සහෝදරයා පහුගිය කාලේ තමන්ගේ කොල්ලෝ කෙල්ලන් ට රස්සා වල් අරන් දුන්නේ සන්ධානයෙන්. හිතවත් ඇමතිතුමෙක් අජීත් සහෝදරයට උදව් කලේ. ඉතින් අජිත් සහෝදරයා දේශයේ හෘද සාක්‍ෂිය සුරකින ගමන් ඇමතිතුමාට ඡණ්දය දෙනවා කියලා කියනවා. විද්‍යාත්මක දේශපාලනයයි - ප්‍රාෙයා්ගික  දේශපාලනයයි ගැටෙනවා තමයි. ඒත් මම ඇමතිතුමාට යුතුකම් ඉටු කරන්න එපායැ. අජිත් සහෝදරයාගේ මත වාදය වෙලා.
මේ ඔක්කොමත් ඔළුවේ තියාගෙන ඡණ්දෙන් පස්සේ වෙන්නේ මොනවද කියලා බැළුවා.හත්වලාමේ ...... ඡණ්දෙන් පරාද කරලා ගෙදර යවපු කට්ටිය , ජාතක ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා.එතකොට එතන ජන මතය නියෝජනය වෙන්නේ නෑ කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි සංකල්පනාවක්.
අපි කරලා තියෙන දේමයි මහ කට්ටිය කරලා තියෙන්නේ ......කොටින්ම ආත්මාරථකාමී ලෙස එතුමන්ලා හැසිරෙනවා .ජනමතය බල්ලට දාලා.
මගේ කොල්ලටයි මටයි වෙච්ච දේ කියලා මේ සටහන අවසන් කරන්නයි බලා පොරොත්තුව.
අර ගොරක මුලක බිලී කොක්ක පැටලිලා ගමත් එක්කම තරහ වුන මසුන් මරන්නා වගේ ජයග්‍රහණය ඇස් පනාපිට දැක්ක නිහාල් සහෝදරයයි - අක්කයි අසල්වාසී මාත් එක්ක කතාව අත්හැරියා. චණ්දේ ගනන් කරලා බලාපුවම යහ පාලනේ දිනලා. මැතිවරණ කොට්ඨාසෙත් දිනලා. ඒත් නියෝජනය කරපු අපේක්‍ෂකයෝ තුන්දෙනාම පරාද වෙලා !.
දැන් මූණ පුළුටු කරගෙන ගලේ පහරපු බලල්ළු ගානට වැටිලා.

මටත් උනේ ඒ  සන්තාසියමයි.කොල්ලා   ප්‍රතිපල කියන කොට නතරවුනේ බවුන්ඩ්‍රියේ . දැන් ඉතින් පේන බල බලා ඉන්නවා.................

 දේශපාලනයේ නිර්දූෂිතයෙක් නොවන කොල්ලා   ජාතික ලයිස්තුවට යන්න තරම් දේශපාලනයේ මස්තබාල්දු වෙලා නැහැ. ඒ නිසා නායක කාරකාදීන්ට පේන චරිතයක් නොවෙයි. දැන් බවුන්ඩ්‍රිෙය් ඉදන් ජයවර්ධන පුරය පැත්තෙන් හමන හුලං බොන්න සිද්ධ වෙලා.............ජන මතයයේ වටිනාකමක් නැති රටක හිටපු ඒකාට වඩා මේකා හොදයි කියන්න බැහැනේ !.
notes of imaginary

4 comments:

vicharaka said...

එක අතකට කොල්ලා බේරුනා මේ ජරාජීර්ණ දේශපාලනයෙන්. නැද්ද මං කියන්නේ?

රූපේ said...

දුක තමයි!

රූපේ said...

දුක තමයි!

Dinesh said...

කොහොමත් ඉතින් දේශපාලනේ තෙම්පරාදු නොවෙච්ච අයට සිද්ද වෙන්නේ ඕක තමයි එක පැත්තකින්..