පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, August 02, 2015

තරහට කියන කතා.



කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් .
තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත් රටක ජීවත් වෙන ජන කොටසක් ඩයස්පෝරාව ලෙස හදුන්වනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ  තම නිජබිමෙන් පිට කෙරී ඊජිප්තුවේ ජීවත්වන යුදෙව්වන් මේ නමින් හදුන්වලා තියෙනවා. මේ අරුතින් ගත් කල නම් දෙමළ ඩයස්පෝරාව කියලා එකක් තියෙන්න බැහැ. 
මට හිතෙන්නේ දෙමළ ජනතාව තම මව් බිමෙන් පිට කරලා නැහැ. පිට වෙලා ගිහින් තියෙනවා. ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා. රැකියාවන්ට අධ්‍යපන අවශ්‍යතාවයටවගේ පෞද්ගලික උවමනාවන්ට. මෙ විධියට පිට වෙලා ගිය ප්‍රමාණය ලක්‍ෂ සංඛ්‍යාතයි.  මේ කොටසට දේශපාලනය විසින් හදුන්වන අන්වර්ථ නාමයක් තමයි ඩයස්පෝරාව.

ඕනම එකට දේශපාලනය ගෑවුනහම ඒක විනාශ වෙනවා.ගුණ යහපත් මිනිස්සුන්ට වගේම රටටත් වෙලා තියෙන්නේ ඒ සංගදියමයි.

මේ ආඩපාලි නෙමෙයි. යහපාලනයේ දවස් සීයය ගැන හිතමු.කරන ලද හොද වැඩ අස්සේ සාක්කු පිරෙන මහ බැංකු සෙල්ලම,කැපී පෙනෙන දෙයක් වුනා. පොදුවේ කවුරුත් දේශපාලකයෝ රටට , රටේ ජනතාවට ආදරේ ඇති අය නෙමෙයි.රණිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු නඩය තම දේශනා තුල කියන්නේ   පහුගිය කාලේ රාජපක්‍ෂලා තර වුනා දැන් අපිට තර වෙන්න අවස්ථාව දෙන්න කියලා.බඩ පිරිලා ඉන්න එකා කන ප්‍රමානයට වඩා බඩ ගින්නේ ඉන්න එකා කන ප්‍රමාණය වැඩියි.
එක අතකට බඩ ගින්නේ ඉන්න එකාට බඩපුරවාගන්න දෙන එකත් ලොකු පිනක්.
පහුගිය කාලෙම කතා කලේ එතනෝල් ගැන. සුරා බදු දෙපාර්තමේන්තු කියන විධියට එතනෝල් සම්බන්‍ධ වෙන්නේ දේශපාලකයන් එක්ක. සත්ගුනවත් බලවත් ව්‍යාපාරික  දේශපාලකයන්ට මුදල් ගලන ව්‍යාපාරයක් සහ කළු සල්ලි උල්පතක් වෙන්නේ එතනෝල්. 2014 අවුරුද්දටම එතනෝල් ලීටර් ලක්‍ෂ 14.7 ක් බීපු අපිට2015 වසරේ මුල් මාස හයට ජනවාරි ඉදන් මැයි වෙන කොට බොන්න දෙන්න ලීටර් 13.9ක් රටට ගෙනවිල්ලා.තව මාස හයක් තියෙනවා.පසුගිය මාස හයට බාර් ලයිසන් 28 ක් දීලා. චන්ද්‍රිකාගේ පටන් මහින්ද දක්වා සලකන්න බැරිව හිටිය රණිල් ආව හැටියෙම තමන්ගේ ඇත්තන්ට සලකන්න පටන් අරන් තියෙන හැටි ඔහොමයි.


මේ හවු අස්සේ ජනාධිපතිවරයා කියනවා මම 20යි 20 දී ජාතික අයවැය හදන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම නැතිව කියලා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැතිවද ? නැත්නම් අපි රවටනවද ? කියලා හිතා ගන්න බැහැ.


notes of imaginary

1 comment:

මලියා said...

කරන්න තියෙන හොදම දේ විදියට මං දකින්නේ හැම පක්ශෙන්ම ප්‍රතිපත්ති ගරුක් උන් විතරක් පාර්ලිමේන්තුවට එවීම..(එහෙම උන් ඉන්නවද කියලා අහන්න එපා)