Saturday, July 18, 2015

සබද අපි කදු නොවෙමු .



දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ලොකු කාලයක් ගන්නවා.

ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.

පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.

මම 1989 ප්‍රේමදාස කාලේ ඒ තාලෙට පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා.  මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර්ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා. ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන   තිබීම නිසා කියලා අවුරුදු  විසිහයකට පස්සේ මම හිතනවා.
දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු ,  අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ  කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.

මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.....//.

වියරු ගිනි දැල් නොවෙමු  වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින......

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......

නපුරු හීනය නොවෙමු  ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන....

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන....//

1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා. පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.
පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර්ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.
අද මම 67 වියේ.
අද  දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ “ කදු වෙන්න !.“දේශපාලන කදු වෙන්න.
කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක්  දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා
1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක තරුන තරුණියන්  බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න ඔන මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.
රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා. අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.


notes of imaginary

2 comments:

Priyanthi Hansamaali said...

මිනිහෙක් වෙන්න නම් පොතක් ලියන්න ඕනිලු+ ගහක් හදන්න ඕනිලු+ පුතෙක් හදන්න ඕනිළු. නමුත් එච්චරක් විතරක් මදි බව අපි හැමෝම දන්නවා. අපි අපි ගැන පමණක් නොවේ අනිත් අය ගැනත් හිතන්න ඕනි.
"හිස්ට්‍රි රිපීට්ස්" කියල කියනව නෙ? පොදු මිනිසාගෙ හදවතෙ හඬට සවන්දෙන්න නොදන්න නායකයකු/ නායකයන් කුමටද?
කළෛන් කළට පුපුරා ගිය මෙවන් ප්‍රශ්න ඉදිරියේදී ඇති නොවෙයිද?

මගේ කිචී said...

කඳු මිසක් තැනි වෙන්න අකමැති මිනිසුන් අතරේ සබඳ අපි තනිවෙලා