Tuesday, July 07, 2015

මීදුම ස්වයං විවේචනයක.


අවිවේකී බව වියමන් කරන්න අවහිර වෙලා මාස ගනනාවක් කිසිදු වැදගත් කමක් ඇති  සිතුවිල්ලක් සටහන් වුනේ නැහැ.
බොහෝ දවසක පටන් ගත්ත වියමන එවර කරන්න බැරිවෙලා හිරවෙනවා. මේ අතර වාරයේ මීදුමගේ පරිගණක යන්ත්‍රාලයටත් නොයෙක් කාර්මික ආපදා අක්‍රමිකතා වලට මුහුණ දෙන්න සිද්ධවුනා .
ඒ අතරෙ  වියමන් මේසෙට පංගු කාරයෙකුත් එකතු වුනා. ‘ අම්මේ .  මේ කම්පියුටරේ සීයාගෙයි මගෙයි නේ “ කියාගෙන එන මුනුපුරා මාව කම්පියුටරය ලගින් පලවා හැරියා. ගොනුවෙන සිතිවිලි   ඊට පස්සේ හිරවෙලා ,  ආයෙත් මුලින් පටන් ගන්න ගියාම  රසවත් බවින් තොරවුනා . වැඩක් නැහැ කියලා DELETE වුනා.එය අතරේ DESK TOP එක මටත් හොරා විශ්‍රාම ගියා. පැරණි වර්ගයේ DESK TOP එක පැරණි නිසාම විශ්‍රාම ගන්වන්න වුනා. - එයයි මමයි එක වයසේ.

ඒ  අඩුව පුරවන්න ගෙනා laptop එක දවසින් දෙකින් මුණුපුරා අයිති කරගත්තා. සීයේ මේක මට දෙන්න කියලා. දැන් ‘අම්මේ මේක මගෙනේ “කියන  මුණුපුරා paint වට ගිහින් චිත්‍ර අදිනවා. laptop laptop කේ පුරවා තියෙන අධ්‍යාපනික වැඩ සටහන් වලින් අකුරු කරනවා. සීයට සීයගේ පුංචි කාලේ මතක් වෙනවා.සීයා ගල්ලෑල්ලේ- ගල්කූරෙන් ඉරි ඇන්ද හැටි. මිදුලේ වැලි මාලිගාවේ සක්විති වුන හැටි. මුණුපුරා ඒ සියල්ල කම්පියුටරේ මවා ගන්න හැටි බලා ගන්න එකත් සීයට ලොකු කමක්.

මාස දෙක තුනක් මුණුපුරාත් එක්ක laptop එක බෙදා ගන්න කරපු අරගලය නිමාවට පත්කරලා සීයත් laptop එකක් ගෙනාවා. එකෙන්  සීයගේ පරිගණක යන්ත්‍රාලය නවීකරණය වුනා. මුණුපුරා මේසේ එක කෙරවලක වැඩ කරන අතරේ සීයට අවහිරයක් නැතිව ජීවිතය දිය කරන්න පුළුවන් පරිසරයක් ඇති කර ගන්න පුළුවන් වුනා.කොහොමද ? ජීවිතය. කියලා අහන ප්‍රශ්නෙට සීයගේ උත්තරය “ නිදහසේ හිරවෙලා “ කියන්න සීයා පුරුදු වුනේ ඔහොමයි.

මාස ගාණක් පැත්තකට දාලා තිබුණ නිර්මාණ සිතිවිලි අවදි කර ගන්න එක මහ අසීරු වැඩක්.මේ අතරේ දින සීයයට සහයෝගය දෙන්න කියවීම ඇසීම බැලීම අත්හැරලා දාලා තිබුනා. තාමත් එහෙමයි. මහ මූදේ මැද ගිල්වලා දාන්න ඕන කුනු කන්දල් අපේ කනේ පුපුරවනවා. ඇස් ඉදිරියේ දිගාහරිනවා. හුස්ම ගන්න බැහැ ගන්ධස්කාරේ.මේ නිසා රට තොට ගැන ලියන එකත් අත්හැරුනා. නිර්මාණ සිත අවධිකරගෙන ලාම්පු තෙලේ ගිල්වලා මලකඩ සෝදා ගෙන අවදි කරගන්න මහත් පරිශ්‍රමයක් දරන්න වෙනවා.  ඒ ව්‍යායාමය තමයි මේ කරන්නේ.

අද මම පුංචි සිද්ධියක් කියලා  මේ වියමන නතර කරනවා.නැත්නම් මගේ පුරාජේරුව විතරක් මේ වියමනේ තියෙන්නේ කියලා ප්‍රතිචාර පලවෙයි මට සවුත්තුව දාලා.විශ්‍රාමිකයා ගේ දවල් කාලයේ ගතවෙන්නේ නිර්මාණ උල්පතක.  වනපොත් කරගෙන විත්  වියමන් කලොත් දවසට එක වියමනක් නෙමෙයි වියමන් දහයක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතකද දිවයින ඉරිදා සංග්‍රහයට  ලියන ‘තානායම් පල්ලාගේ සටහන “  තානායම්පල්ලා සිටින පරිසරයක වගේ කාලය ගෙවන මීදුම ට දකින්න අසන්න ලැබෙන දේවල් තුලින් මනා සමාජ විග්‍රහක් ගොඩ නගා ගන්න පුළුවන්.

මේ එක චරිතයක් . නමින් “සේකර“ කියමු.
සේකර ගේ වයස අවුරුදු පනහක් විතර වෙන්න ඇති. සතියේ දින දෙක තුනක් මනාව හැද පැළදගෙන නවයට දහයට බීමහලට ගොඩවෙන සේකර බීම හලින් පිටවෙන කොට හවස් යාමය වෙනවා.ඒත් කාගේ හෝ ඇනවුමකින් ගෙන එන ත්‍රි රොද රථයකින්.මේ අතර කාලය ඔහු පදමට මත් වෙනවා. බීම හලේදී මුණ ගැහෙන කවුරුන් හෝ සමග නැත්නම් මේසෙක ඉස්සරහ තියෙන පුටුවත් එක්ක බරපතල සංවාදයක්.මාතෘකාව විවාහය, තනිකම, පාළුව සෙනසුරාදා දිනක නම් ලංකාදීප සිළුමිණ පත්‍රදෙකේ  තියෙන වයස අවුරුදු හතලිහට වැඩි විවාහයෙන් වෙන්වුන මංගල යෝජනා සමග සංවාදයක්.

මට මතක් වෙන්නේ කරුනාසේන ජයලත් ලියු පසුකාලයක ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කල ගොළු හදවතේ  සුගත්. සුගත් දම්මි ආදර කතාවට සමාන නොවුනත් සේකර ඉන්නේ බලවත්ම පාළුවකින්.ආදරයට  සෙනෙහස ට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ?  

.තනියෙන් මේ ප්‍රශ්නය විසදා ගන්න ශක්තිමත් නොවු ඔහු “ අප්පුච්චා මට සලකන්නේ නැහෑ “ කියලා පියාට චෝදනා 
පත්‍රයක් දමනවා.මේ ගැටළු ප්‍රශ්න පත්‍ර විසදා ගන්න අනුගමනය කරන ක්‍රියා පිලිවෙත සුදුසු ම නැතිවුනත් මානසික රොහලක රොගියෙක්ව නේවාසික වනවාට වඩා මේක අපුරු විසදුමක්.

   



notes of imaginary

1 comment:

රසිකොලොජිස්ට් - Rasikologist said...

ගොලු හදවතේ සුගත් කියන්නේ අන්තිම පරාජිත චරිතයක්. මං ඔය පොත ගැන සහ එහි පෙම්කතාව ගැන පොඩි කාලේ ඉඳලා අහලා තිබුණාට පොත කියවන්න ලැබුණේ වයස අවුරුදු විස්සක් විතර වුනාමයි.

එතකොටයි තේරුණේ මේ මොන බොළඳ පෙමක් ද කියාලා. මොන්ටිසෝරි ආදරයක්. ඕකට කියන්න තිබුණේ ගොලු හදවත නොවෙයි සිලි හදවත!

ඔබ කියා ඇති සිදුවීම ගැණ කියනවා නම් මේ ඵුද්ගලයා ගෙදරට වී නොබී පොදු තැනකට යනවාය කියන්නේ ඔහු සාමජය පිළිකුල් කරන කෙනෙක් නොව සමාජශීලී පුද්ගලයෙකුය කියන එකයි!