පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, April 15, 2015

වර්තමානය නැවත කියවීමක්.



දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේශපාලන විශ්වාශය බිදී විසිරී ගිය බැවින් අවදියෙන් සිටි දේශපාලන සිත නිද්‍රාවට පත්වු බව සටහන් කල යුතුය. ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයක් වුවද , මේ පුණ්‍ය කාලයක් නම් නොවන බව මම සිතමි.
ජාතික ප්‍රශ්නය පිළිබද වර්තමාන කියවීම සමබර නැත. මහින්දගේ කියවීමද සමබරවූයේ නැත. රණිල්ගේ  චණ්‍ද්‍රිකාගේ කියවීම  සුළු ජන කොටස්වල අභිප්‍රායවූ බැවින් මෛත්‍රී ජනාධිපතිවූයේය.ජනාධිපතිවී දින සීයය තුල මුලින්ම පෞද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවීමටත්, උතුර නැගණහිර ජන්දදායකයන්ට කෘතගුණ සැලකීම කැපී පෙනෙන්නක් විය. සිංහල අවුරුද්ද වන විට පෞද්ගලික අංශයෙන්  මුදා හැර  විරැකියාවට  පත් නිවසට වී අහස බලා සිටින විශාල පිරිසක් මෛත්‍රී පාලනයට දෙස් දෙවොල් කියමින් සිටින්නට පටන් ගත්තේය. භාණ්ඩාගාර බිල් පත් පිළිබදව ඇතිවී ඇති කතා බහද අවුරුදු දහයක වංචා දූෂණ එක් රැයකින් ලොප් කරන තැනට ප්‍රබල මාතෘකාවක් බවට පත්වී ඇත.
මගේ අද මාතෘකාව ඉහත පුර්විකාවට සමාන  නොවූවත් , ශ්‍රිලනිපයේ ඡණ්දදායයකයාට  මේ සියල්ල මාතෘකා වී ඇති බැවින් ඔවුන්ගේ හැසිරීම කියවන විට මේවාද මාතෘකා වන්නේය.
අද ශ්‍රිලනිපය අර්බූදයකට ලක් වී ඇත. ඒ තරමටම  ශ්‍රිලනිපයේ ඡණ්දදායකයා අර්බූදයකට පත්ව   නැත.ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිපය දෙකඩ වී යයි ය‍මෙක් නිරීක්‍ෂණය කරන්නේ නම් එය නිවරදි නිරීක්‍ෂණයක් වන්නේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා  පොදු අපේක්‍ෂකයා ලෙස ශ්‍රිලනිපය හැර දමා එජාප හවුල සමග ඉදිරිපත් වීමෙන් ශ්‍රිලනිපය දෙකඩ කරවීමේ චෝදනාව තමන් සතු කර ගත්තේය. ශ්‍රිලනිප ඡණ්දදායකයා මේ නික්මයාම නොසලකා තම පක්‍ෂ යේ  නායකයා ජයග්‍රහණය කරවීම පිණිස ඡණ්දය පාවිච්චි කලේය.  ජනාධිපතිවීම සදහා මෛත්‍රිපාල සිරිසේන මහතා  ලැබු ඡණ්ද වටිනාකම ලැබුනේ ශ්‍රිලනිපයෙන් නොවන බව සටහන් කළ යුතුය.
ජණාධිපතිවරණයෙන් පසුව පළමු පැයෙන්ම මහින්ද තම තනතුරු අත්හැර මැදමූලනට පසු බැස්සේය.සියළු තනතුරු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්හැර දැමීය. මෛත්‍රිපාල සිරිසේන මහතා  එජාප හවුලෙන් ජනාධිපතිවී පක්‍ෂ ව්‍යවස්ථාවට මහින්දම ඇති කර තිබූ ප්‍රතිපාදන යොදා ගනිමින් මම නායකයා යයි කීවේය.පාර්ලිමේන්තුව සිටි ශ්‍රිලනිප මන්ත්‍රීවරු සහ තනතුරු. ලාබ ප්‍ර යෝජන අපේක්‍ෂාවෙන් සිටින කොටස් ( ඡණ්දදායකයින්ගෙන්  දශම ප්‍රමාණයක්) මෙම නායකත්වය පිලිගත්තත්  ඡණ්දදායකයා එම නායකත්වය  තවම පිලි අරගෙන ඇති බවක් පෙනෙන් නට නැත. නායකත්වය මතුවී ආ යුත්තේ චන්දදායකයා තුලින් වුවද නායකත්වය හයිජැක් කිරීම  මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් සිදුකර ඇති බැවින් ශ්‍රිලනිපය නායකයා ලෙස ශ්‍රිලනිපයේ ඡණ්දදායකයා පිලිගන්නේ නැත.
ශ්‍රීලනිප ඉතිහාසය  බණ්ඩාරනායකවරුන්ගේ ආධිපත්‍ය තුලින් සහ උරුමයතුලින් පැවත ගෙන විත් රාජපක්‍ෂලාට මාරුවිය. රාජපක්‍ෂලා නායකත්වය සහ උරුමය පසුපෙලට නොපවරවා දිගින් දිගටම රදවා ගන්න උත්සහා කලත් එය පසු ගිය ජනාධිපතිවරයෙන් පසුව ව්‍යාවර්ථ විය.එහෙත් මහින්ද රාජපක්‍ෂ චරිතය පසු ගිය තම පාලන අවුරුදු දහයේත් - චණ්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරානායක මැතිණිය බලයට පත්කිරීමටත් ශ්‍රීලනිපයට  කරන ලද සේවය කවරෙකුවත් අවතක්සේරු කල නොහැක. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ශ්‍රී ලනිප ඉතිහාසයේ  වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවත්‌, වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවත්   පළාත් සභා නවයෙන් අටක බලයත් තබා ගනිමින් වාර්තාවක් තබා ගත්තේය මීට අමතරව . . එජාපය හැර දමා, බණ්‌ඩාරනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරන විට ඔහුගේ සෙවනැල්ල සේ පසුපසින් පැමිණියේ ඩී. ඒ. රාජපක්‌ෂ මහතාය . රාජපක්‌ෂලාට ශ්‍රීලනිපය සමග  තිබෙන එම  උරුමය ආරක්‌ෂා කර ගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා   කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් පසු සිය දරුවෝ මේ අනන්‍යතාවය රැක නොගත්තේය.
තම පරාජයෙන් පසු   කිසිදු ආරවුලක්‌ ඇති නොකර  පක්‌ෂ නායකත්වය මෛත්‍රීට පවරා නික්ම ගියේ   පක්‌ෂය දෙකඩ වීම වළක්‌වා ගන්නටවිය හැක. එහෙත් අද වන විට  මහින්ද රාජපක්‍ෂට   පක්‌ෂය දෙකඩ කරනවායයි මෛත්‍රීවාදීන් සහ චන්ද්‍රිකාවාදීන් චෝදනා කරන්නේය. නිතර මුණු පොතේ හුවමාරු වන ග්‍රාම්‍ය අපවාද මඩ ප්‍රාහාර කියවන විට මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති වෛරය ප්‍රකට වන අතර “ මහින්ද යලි ගෙන එන්න “ පවත්වන රැලි වලට අරක්කු බෝතලයටත් බත් පාර්සලයටත් එකතු වන බව කියන ජන පවුරත් ගලපන විට මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති ජනතා වෛරය හිතා ගත හැක.
ශ්‍රීලනිපට හා මහින්දට  චණ්දය පාවිචිචි කල ජනතාවඑජාපයෙන් බලයට පැමිණ , ශ්‍රීලනිපය මිළට ගෙන රටකරවන  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහෙවන ශ්‍රීලනිපයට ඡණ්දය දෙයිද යන්න විග්‍රහ විය යුතුය. දැනට ශ්‍රීලනිප නියෝජනය කරන මැති ඇමතිවරු කෙවිටක් ගෙන ඡණ්දදායකයා ඡණ්ද පොලට දක්වා ගෙන විත්  කතිරය ගස්වා ගත හැකි නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රීලනිපය නැවත ජයග්‍රහනය කරවා ගත හැක. තවදුරටත් ශ්‍රීලනිප ඡණ්දදායකයා මීහරක් චරිතය චණ්දයකදී රගපාද්දැයි ආපසු හැරී ගමට විත් විමසීම කාලෝචිතය. (මීහරකා යන්න උපුටා දක්වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හෝ රනිල් වික්‍රමසිංගේ ප්‍රචාරක නඩය නිතර නිතර ඒ බව උපුටා දක්වන නිසා වෙනි.)




notes of imaginary

4 comments:

ප්‍රතිවාදියා said...

අද ගම් මට්ටමෙන් බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉල්ලන්නේ මහින්දගේ නායකත්වය. හවුල් ආණ්ඩුවේ තනතුරු ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ටත් අද ගම් වලට යන්න බැරි තත්වයක් ඇතිවෙමින් පවතිනවා. මහින්දගේ චරිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කළත් රටෙන් මකන්න කවදාවත් බෑ.

ප්‍රතිවාදියා said...

අද ගම් මට්ටමෙන් බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉල්ලන්නේ මහින්දගේ නායකත්වය. හවුල් ආණ්ඩුවේ තනතුරු ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ටත් අද ගම් වලට යන්න බැරි තත්වයක් ඇතිවෙමින් පවතිනවා. මහින්දගේ චරිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කළත් රටෙන් මකන්න කවදාවත් බෑ.

DE said...

එල රචනාව ලොක්කා!

අනතුරු ඇඟවීමයි: වෙන්ඩ පොශ් සහ සත්ය ටොය්යන් වීමට පෙරුම් පුරනා රාජ් වැනි යහපාලක බත්ගොට්ටන් ගේ දරුනු විවේචනයට ලක් විය හැකිය...

Anonymous said...

Very descriptive article, I loved that bit.

Will there be a part 2?

Here is my homepage :: Gel Socks