පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, January 10, 2015

මහින්දයන් වෙනුවෙනි.



හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් .

මින් පෙර එවන් අවස්ථාවකින්  මා හිත  පෙළුවේ  ඩඩ්ලි සේනානායකයනන් පදවි අත්හැර තම වුඩ්ලන්ඩ්ස් නිවසට යන ලද පුවත් එකල මාධ්‍ය වෙතින් කියවීමෙන්. ඔහු ජනමතයේ  තීන්දුව දුටු විට හිරු දකින පිණිබිදුවක් බවට පත්වුනා. . එදා ඔහු වෙනුවෙන් හැගීම් බර වෙන්නට මගේ ලපටි සිත මෝරා තිබුනේ නැහැ. එහෙත් මෝරා වියපත් වු මගේ සිත මහින්දයන් වෙනුවෙන් වැලපුන බව සදහන් කල යුතුයි.
මෛත්‍රීපාලයන්ටත් එසේ අප හදවත් තුල පැලපදියම් වන්නට කාලය  ඉතිරිව තියෙනවා.
මගේ කදුල මහින්දයන් වෙනුවෙන් නැගුනත් , එතුමන්ගේ දෙවන පාලන සමයේ  අවසන් වසර වන විට මීදුමේ  පහලින්ම  මෙසේ සදහන් කරන්නට සිදුවන තරමට කළකිරීමක් එකතුවී තිබුන බවත් සදහන් කලයුතුයි.
දැන් දැන් දේශපාලනය නම් ලියන්න මම අකැමති මාතෘකාවක් බවට පත්වෙමින් යන්නේ මොකද කියලා හිතා ගන්න බැහැ.   කලක් මගේ ප්‍රියතම විෂයයක්.


මහින්දයන් ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න අනුගමනය කල ක්‍රමවේදය විසින් නාස්තිය ඉපදුනා.මෛත්‍රී පාලනයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැණිමෙදී නැවතත් ඒ නාස්තිය තහවුරු උනොත් පලමු වටයේදීම යහපාලනයේ හැඩරුව විකෘති වෙලා යනවා. ශ්‍රී ලංකා මොඩලයේ දේශපාලන - ඥයන්ට  කිසිදා සාක්කුව පිරෙන්නේ නැත්නම් අත ඉස්සෙන්න නැති රෝගයක් තියෙනවා. මේ රෝගය නිසා ව්‍යවස්ථා සංශෝධණයක් වගේ දේකට 2/3 වැනි බහුතරයක් ලබා ගන්න බැරි වෙනවා.



 දින සීයයයේ ව්‍යාපෘතියේ සදහන්  එක්  අභියෝගයක්  විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් ඇති කිරීම.මේ සදහා 2/3 ඡණ්ද බලය ලැබෙන්න කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා'

අද මගේ සටහන මහින්දයන් වෙනුවෙන්වෙන්වුවක් .
මහින්දයන්ට ඡණ්දය නුදුන් - මහින්දයන් බරපතල ලෙස විවේචණය කල මගේ මිතුරන් බොහෝ දෙනා මහින්දයන් නික්ම ගිය පසු මා සමග නෙතේ උපන් කදුලින්මහින්දට  අප කලේ වැරද්දක් කියන තැනට පත්ව සිටියා. 
අපට මහින්දයන් නැති කලේ කවුද ? ඔවුන්ට  සාප වන බව මගේ  හිත කියනවා .මට ඇහෙනවා.

ප්‍රති විරුද්ධ දේශපාලනය  විසින් මහින්ද පරාජය කලා කියලා මගේ හිතට එන්නේම නැහැ. මහින්දයන් වටේ සිටි පිරිස මහින්දයන් විනාශ කලා කියලයි මගේ හිත කියන්නේ.
යහ පාලනය කියන වචනය අපේ දේශපාලන වදන් මාලාවට එකතු කර දුන්නේ මහින්දයන් වටේ සිටි අමනයන්.


 මහින්දයන්ගේ  දරුවන් ඥාතීන් දේශපාලනය තුල හැසුරන ආකාරය ගැන සමාජය කතා කලේ දැඩි දෝශ දර්ශනයෙන්. කන තුලට එන  එවැනි දෑ නිවරදි කර ගන්න තිබුනත් බලය විසින් ඒ සියල්ල වසා දමනු ලැබුවා. 
සමහර දේශපාලන-ඥයින් කල කී  නීතී විරෝධී දෑ පාලනය කරනු වෙනුවට ආරක්‍ෂාව සැලසුනා . ඒ නිසා කල කිරුන ජනතා විඥාණය දොරේ ගලා ගියේ මහින්දයන්ගේ ඡණ්ද පදනම විනාශ කරමින්. 



මෛත්‍රී පාලනයක් අවසන් වන දවසක මෙවැනි සටහනක් තියන්න ඉඩ නොලැබේවායි කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා. 
කන්න බොන්න නැති උනත් අපේ මුණුබුරු මුණුබිරියන්ට එකම රටක යහපත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ඉතිරි කරලා තිබුනොත් , එය මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මෛත්‍රීට හේතුවක් වෙනවා.මේ රට බුදුන් උපන් රට නොවුනත්  බුදුන්ගේ දහම තවමත් නොනැසී තියන රට !.




notes of imaginary

4 comments:

Unknown said...

ඒක හරි... මහින්ද පාලනය අවසන් වූ විදිහට මේකත් අවසන් නොවේවා.... අපිට කතා කරන්න දෙයක් ඉතුරු කරත්වා...

Anonymous said...

මහින්ද යනකොට , ''මහින්ද පව්'' කිය සමහරු දුක් වුනා. මම එතකොට කිව්වේ මෙහෙම. ''මහින්ද නෙමෙයි අපියි පව්, බලපල්ලා මොකද වෙන්නේ කියලා,පොන්න සිංහලුනේ'' කියලා

Anonymous said...

Hi there, just became alert to your blog through Google,
and found that it is really informative. I am gonna watch out for brussels.
I'll appreciate if you continue this in future. Lots of people will be benefited from your writing.
Cheers!

My web blog: diy home improvement ()

gayathri said...

කේතුමතී රාජ්‍යයේ පමණක් ඇති ඊනියා යහපාලනය එනතුරු බලා සිටිමි.සිහින ලොවක සිටි ෆේස් බුක් විශාරදයන්ට දැනටම යහපාචනය වී ඇති බව පෙනෙයි. අපි බලා හිඳිමු.