Monday, September 08, 2014

බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel 

අපි ගැන අපි කතා කරනවා අඩුයි.
රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුවත් හැමදාමත් ජීවත් වෙන පරිසරය  වට පිටාව ගැන ලි‍යවෙනවා අඩුයි කියලා මීදුම හිතුවා. අද යොමුවන්නේ අපේ පරිසරය හා වටාපිටාව ගැන කතා කරන්න.
බෙලිහුල්ඔය කියාපුවම මතක් වෙන්නේ බෙලිහුල්ඔය තානායම.පන්සල  (කරගස්තලාව ශෛලගංගාරාමය) කතොලික පල්ලිය  හැරුනාම බෙලිහුල්ඔය තියෙන ඓතිහාසික ස්ථානයක් වන්නේ ‍බෙලිහුල්ඔය තානායමයි. වර්තමානය වන විට දේශිය සංචාරකයන් අතරට බෙලිහුල්ඔය තානායමට අමතරව තවත් සංචාරක නවාතැන් කිහිපයක්ම එකතු වෙලා.

”පර්ල් “ සහ “සැවින්රා” මේ අතර ජනප්‍රිය සහ පහසුකම් සපිරි සංචාරක නවාතැන් දෙකක්.

දර්ශනවාදියෙක් විද්‍යාඥයෙක් වන අර්නස්ට් හෙකල්  Ernest Haeckel  (1880-81 ) දී සංචාරකයෙක් විදියට ලංකාවට එනවා. ඒ ඇවිත් සංචාරක සටහන් ඇතුලත් කර A VISIT TO CEYLON  කියලා ලියන පොත “ ලංකාවට ගමනක් “ කියලා චානක සේනානයක විසින් සිංහලට පරිවර්තනය වෙනවා.

මේ පොතේ බෙලිහුල්ඔය ගැන සදහන් වෙනවා.

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel )  ගැනත් කියන්න ඕනී. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 පෙබරවාරි මාසේ 16 වෙනිදා උපත ලබා 1919 අගෝස්තු මාසේ 9 වෙනිදා මියයනවා  ඔහු  ගත් කතුවරයෙකු වෛද්‍යවරයෙක්,ජීව විද්‍යඥයෙක්, පරිසරවේදියෙක්,දාර්ශණීකයෙක්,මහාචාර්යවරයෙක් සහ චිත්‍රශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා.

මේ කියන කාලවකවානුව  වර්ෂ 1880 – 81. ක

අර්නස්ට් හෙකල්  ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අවසන් වෙන්නේ   නුවරඑලියෙන් පිටත්ව හෝර්ටන් තැන්න හරහා වැටී ඇති මාර්ගයෙන් බෙලිහුල්ඔටත්,  එතැනින් රත්නපුරයට පැමිණ පාරුවකින් කළුගග දිගේ කළුතරට පැමිණීමෙන්. කළුතර සිට ගොඩබිමෙන් කොළඹට පැමිනෙන අර්නස්ට් හෙකල්  නැවි ගත වෙනවා. 

නුවරඑලියේ සිට බෙලිහුල්ඔයට අදත් ලෝකාන්තය හරහා පැමිණිය හැකියි. ලෝකාන්තයත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 14 පමණ තිබෙනවා. මේ දුර ගෙවා පැමිණි අර්නස්ට් හෙකල් නවාතැන් අරන් තියෙන්නේ බෙලිහුල්ඔය තානායමේ.

අර්නස්ට් හෙකල් එදා දුටුව බෙලිහුල්ඔය අද නැහැ. ජනගහනයේ පිපිරීමත් එක්ක පරිසරය දේශගුණය විනාශවෙලා. අවුරුදු 134 ක් තිස්සේ පරිනාමයවු සමාජය නවීකරණය වෙලා. 

“ අර්නස්ට් හෙකල් හෝර්ටන්තැන්න සංචාරය අවසන් කරලා බෙලිහුල්ඔයට එන්නේ නොන්පෙරියල් වත්ත හරහා. ඔහුට නොන්පෙරියල් වත්තට එන්න පැය පහක් විතර ගතවෙලා තිබුනා එදා නොන්පෙරියල් වත්ත සරුසාර කෝපි වගාවක්.කෝපි වගාව විනාශ වීමෙන් පසුව තේ වගා කරනු ලදුව සරුසාර තේවත්තක් ලෙස අපි කුඩා අවදියේ දුටු  (1955)නොන්පෙරියල් වත්ත අද නිසරු තේ වගාවක් දක්වා වෙනස් වෙලා. එදා වගාභුමිය අක්කර 1200ක් විතරවු මේ වගා බිම  අද වන විට අක්කර 200ක් තරමට කුඩා වෙලා.

1881පෙබරවාරි 25 දා බදුල්ලෙන් ඇරඹි බටහිර දෙසට විහිදෙමින් රත්නපුරය දෙසට ලගා වෙන සුප්‍රකට මාර්ගයේ වඩාත්ම උසින් පිහිටි නවාතැනවු යේ බෙලිහුල්ඔය යි, 
නුවරඑලියේ සිට හෝර්ටන් තැන්න හරහා හේකල් බෙලිහුල්ඔයේ නවාතැන් ගන්නවා.  පසුව බදුල්ල- රත්නපුර මග  ඔස්සේ රත්නපුරයට යනවා. 

එදා බදුල්ල - රත්නපුර මාර්ගය බදුල්ලේ සිට කෝපි පලදාව කොළඹට ගෙන යාමටත් වැවිලිකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සදහාත් වැඩියෙන් භාවිතා වී තිබෙනවා. මේ මාර්ගයේ එකම ප්‍රවාහණ පහසුකම  වී ඇත්තේ කරත්තයයි. කරත්තකරුවන් උදෙසා නවාතැන් පහසුකම් සැලසු “ගාලේ කඩේ” නම් ගත් ස්ථාන මේ මාර්ගයේ පලින් පල හමුවෙනවා. මේ මගෙහි  “ගාලේ කඩේ “ යයි පැරණි නම භාවිතා වන නිවෙස් තවමත් ඇති බව සටහන් කල යුතුයි.
රත්නපුරේ සිට පාරුවෙන් ‍කළුතරට ප්‍රවාහණය වන බඩු බාහිරාදිය කළුතර සිට යලිත් කරත්ත කරුවන් විසින් කොළඹ දක්වා ගෙන ගිය බවයි අර්නස්ට් හෙකල් සටහන් කරන්නේ.

හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා. (කියවන්න   මේ ලිපියත් කියවන්න. 
බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල  පහර නිසාවෙනි .  අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන්  හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර  පටු ඕඩ  සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා.  මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.  

“නන්පෙරියල් වත්තේ සිට පැමිණි විට මෙම ප්‍රදේශයයේ ස්වභාව සෞන්දර්යෙන් කෙතෙක් වසග වුවාද යයි කිවහොත් මේ ගමේ  දින කිහිපයක් නතරවීමට අප තීරණය කලෙමු. කියන හේකල් අද බෙලිහුල්ඔයට පැමිණියෝත් ස්වභාව පරිසරයට ඇතිවී ඇති විනාශය දැක කම්පාවට පත් වෙනවා ඇති.

notes of imaginary

5 comments:

ඉන්දික උපශාන්ත said...

බෙලිහුල් ඔය වගේම, තානායමත් දැන් අන්තිමයි. ඔය පැත්තෙ අලුතෙන් ගොල්ෆ් පිට්ටනියක් හදනව නේද?

Lionel Liyanagamage said...

ගෝලප් පිටියක් හදන්නේ හල්දුම්මුග්ගෙන් හැරී සොරතුනේ හරහා යන වෑලිය මර්ගයේයි. මෙම ප්‍රදේශය පිලිබදව හදාරන්න භූ විෂමතා දක්වන සිතියමක් යොදා ගත්තෙතේ ඔබ දකීවී වෑලියේ පිහිටීම සම්බන්‍ධ වන්නේ හම්බන්තොටට බව .පහසුවෙන්ම බණ්ඩාරවෙලට , නුවරඑළියට - හම්බන්තොට සිට ලගා විය හැකි හරහා මාර්ගයක් ඉදිකරත හැකියිි කියලා සිතේවී.

Wmk Samarasekara said...

බෙලිහුල් ඔය හොඳයි තානායමත් හොඳයි.එත් ඒකෙ සාමාන්‍ය අයෙකුට හදිසියකටවත් නවාතැන් ගන්න නම් බැහැ.එච්චරකටම අය කරන ගාන සැරයි.

Wicharaka Asami Dakimi Soyami said...

බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට නන්පෙරියල් වත්ත හරකා හෝර්ටන් තනන දක්වා හමුදා පුහුණු කටයුතු සඳහා මා තුන් වතාවක් ගිහින් තියනවා. ඉතා අමාරු නැග්මක්. ඒ පුහුණුවේදී අවසාන කොටස යන්න වෙන්නේ කළුවරේ. අනතුරක් වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. නමුත් සුන්දර වගේම ත්‍රාසජනක අත්දැකීමක්.

Wicharaka Asami Dakimi Soyami said...

බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට නන්පෙරියල් වත්ත හරකා හෝර්ටන් තනන දක්වා හමුදා පුහුණු කටයුතු සඳහා මා තුන් වතාවක් ගිහින් තියනවා. ඉතා අමාරු නැග්මක්. ඒ පුහුණුවේදී අවසාන කොටස යන්න වෙන්නේ කළුවරේ. අනතුරක් වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. නමුත් සුන්දර වගේම ත්‍රාසජනක අත්දැකීමක්.