Friday, August 29, 2014

ජීවිතය

ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා නැවත හිතන කොට සිද්ධ වෙන්නේ වමාරපු මතක - මතක පිටුවේම  Delete කරලා දාන එක.
හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන මේ කතාව අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා
සංස්කරණය නොවු මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.
ලයනල් මහත්තයා...... ඒ පිය බිරිද මා අමතන හැටියි. මට මේක ටිකක් අමුතු උනත් කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. ඇමතීම රාජකාරී ස්වරූපයක් ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තිස් අටකටත් ඉස්සර ඉදන්.
ඈ ගුරුවරියක්ව අවුරුදු තිහක් වගේ කාලයක් එකම ස්කෝලේ  ඉගැන්වුවා. ලමයි ආවා ගියා. ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.
තිස් වසරක් තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .විදුහල්පතිවරු , පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.
ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . “ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  පංතියට ප්‍රශ්නයක්. ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක පන්ති කාමරේට අහන්න  සිද්ධවුනා. දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්ව  හමුවු  විටක් සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.
අවුරුද්දටම ගනන නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි.මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි. මම උදව් උනා නම් හිටපු එකම දරුවා බලා ගෙන තමයි.
එක දවසක කට  කාර සිසුවෙක් - අපි ඊයේ නතර කලේ...................... ? කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ “ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . “ ඔව්“ ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්. සහ විනෝදයෙන්.
ගෙදර ජීවිතය නම් මට හරි කරදරයක්.
ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. ගෙදර පංතියේ එකම සිසුවා මම. මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඔනී. නැත්නම් ඒ කටත් සද්දේ දානවා. මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ ඉන්නවා හඩ විතරයි.
ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලට මා පුහුණු  කලේ ටීචර්. ඇගේ හොදම ශිෂ්‍යා මම කියලා ඈ හිතනවා ඇති. දැන් අපේ පංතියේ මුණුපුරෙකුත් එක්ක හතර දෙනයි. අපි හතර දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.

අදට මේ ලියවිල්ල නතර කරනවා. මේවගේ සංස්කරණය නොකරන ලද ලියවිලි පලකරන්න “ ජීවිතය “ කියලා ලේබලයක් අළුතින් අලවා  ගත්තා ලිපි එකතුව කොහොම වෙයිද කියලා බලමු.

notes of imaginary

1 comment:

amila chathuranga said...

සමහර කන්තෝරුගත පුරුදු තියෙනවා අනික් අයට බෝ වෙන සුළු ඒවා. රාජකාරිය හා සම්බන්ධ මම යොදාගත් වචන දැන් සමහර අය යොදාගන්නවා මම දකිනවා.
උදාහරණ විදියට දිග නම් තියෙන අපේ කන්තෝරුවට සම්බන්ධ අයට මම නම් දාල තියෙනවා. අපිට සම්බන්ධ සරත් මහත්තුරු තුනක් ඉන්නවා. ඒ තුන්දෙනා හඳුන්වන්න අපි නම් තුනක් දාල තියෙනවා..තට්ටෙ තියන කෙනා බෝල සරත්..(මිනිහ බෝල බස්සන්නත් දක්ෂයා..) ඒ වගේම පෙර වගේම වර්ථමානයේ්ත් වනචර කම් වලට පතල ස්ත්‍රී ලෝල සරතෙක් ඉන්නවා.. මිනිහා හඳුන්වන්නෙ සල් වරත් ...හැමදේමට කිසි තේරුමක් නැති උත්තර දෙන මිටි සරත් හඳුන්වන්නෙ කොට සරත් කියලා.. ඒ වගේ වෘත්තියට ආවේනික වචන මාලාවන් එක් අයෙකු නිර්මාණය කලාම ඒවා දිගින් දිගටම පැතිර යනවා පෙලක් වෙලාවට..