පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, August 16, 2014

රැකගන්න ජීවිතය.

ලස්සනට ඉන්න කවුරුත් කැමතියි.මේ දවස් වල ලස්සන ගැන ගොඩක් කතාවෙන්නේ තම සුරූපිත්වය රැක ගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය වෛද්‍යවරියක් මල්ශාලාවකින් හැඩවැඩවී මිණී පෙට්ටියකින් ගෙදර යන්න සිද්ධවීමක් වාර්තා වීමෙන් මැවෙන ප්‍රවෘත්ති තුලින්.

මේ මරණය  නොයෙක් රූපලාවන්‍ය පිලිබදව මතවාදයන් ගොඩනැගෙන්න පරිසරයක් ඇතිවී ඇත. කෙනෙක් රෑපලාවන්‍ය කිරීම හොදයි කියති. තවත් කෙනෙකුට නම් නොකටයුත්තකි.

බුදුන් වහන්සේට අනුව සියළු සංස්කාරයෝ අනිත්‍යයය.

උන්වහන්සේට අනුව  “ මේ ශරීරය ජරාවත් මරණයත් මානයත් ගුණමකු බවත් ඔබ්බා (තුන්සියයක් ඇටකටු පිහිටුවා නවසීයයක් නහර මැදින් වෙළා)  මස් හා ලේ ගල්වා කරන ලද නගරයකි“.

අට්ඨිනං නගරං කතං - මංසලෝහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චු  ච - මානො මක්ඛො ච ඔහිතො
ධම්ම පදය  ජරා වග්ගය.

සදාකාලික නොවු පංචස්කන්ධය දිරා යන විට මළකඩ කනවිට  රූපලාවන්‍යාගාර වලට දිව යන අපේ ඇත්තෝ රසායණිකයන් උලා ගෙන එන්නත් කරගෙන දිරාපත් වෙන කොටස් මළ කෑ කොටස් පිලියම් කරන්නට වෙර දරති.
තරුණකලට දිලිසී දිලිසී ඇති පිටත ස්වරූපය මහළු වන්නට වන්නට  හැකිලෙන්නටත් වියකෙන්නටත් පටන්ගනී.  එය ස්‌වභාවධර්මයයි.

සිදුහත් කුමරා සතර පෙර නිමිති  දැක  ස්වභාව ධර්මය අවබෝධ කර ගැණීමෙන් ජීවිතය ජය ගත්තේ ය. එහෙත් එමග අවබෝධකර නොගැනිමෙන් අපි තවමත් සංසාරෙ අතරමංව සැරිසරමින් තවමත් දුක් විදින්නෝය.

අපි ස්වභාවධර්මයා ජය ගන්නට උත්සහා දරමින් සිටිමු . අපි අපේ මනස රවටා ගනිමින් සිටිමු.  අප මේ කරන්නේ විගඩමයක් යයි අවබෝධ කරගැන්මට අකමැත්තෙන් සිටිමු. ජීවිතයේ දශක හතර පහ වන විට කොණ්ඩය සුදුවේ. එයට එරෙහිව කොණ්‌ඩය ඩයි කරන්නට පටන් ගනී. පොඩ්ඩ බැරිවුවහොත්   අසාත්මිකතා ඇති වී මරණයට පත්වීමට සිදු වෙයි. දීර්ඝකාලීන ව පිලිකාකාරක හිසේ ගලවා ගනිමින් සිටි.

හමේ රැලි හැකිලෙන්නට රැලි වැටෙන්නට පටන් ගනී දිරන්නට පටන් ගනී  විට, විවිධාකාර ආලේපන යොදයි. ප්ලාස්ටික් සැත්කම්වලට යොමුවෙයි. ඩිංග එහාමෙහා වන විට 'ඇන්ටිබයිටික්‌'  විස වී මිය යන්නට සිදු වෙයි. බඩ මහත්වී නෙරා එනවිට උදරය වටා තිබෙන තෙල් තට්‌ටුව ඉවත් කරන Lipo Suction වැනි සැත්කම් කර ගැණිමට යොමුවෙයි.තම පරම්පරාවේ පසුබිමේ මෙවැනි ස්වරූපයේ අය සිටියේදැයි නොවිමසයි. එවැනි සැත්කමක් කරනවිට දරන්නට සිදුවන වේදනාව කොයිතරම් අමිහිරිදැයි දන්නේ කරගත්තෝ පමනි. 
ජීවිතයත්  වානිජ කරණය වී තිබේ. මරණයද තීරණය කරනුයේ වෙළදපලින් ගලා එන ප්‍රචාරණයෙනි.  ප්‍රචාරණය අපේ ජීවණරටාවම ගිලගෙන ඇත්තේ මකරෙකු පරිද්දෙනි. අප ගිල ගෙන ගිණිදැල් පිට කරමින් මකරා ඉදිරියට ඇදේ.


ඉඩ දෙන්න  ස්‌වභාව   ධර්මයට - රැකගන්න ජීවිතය.




notes of imaginary

3 comments:

MPP Gunasinghe said...

මිනිස්සු තල්ලු වෙම්නි ඉන්නෙ පුදුහ තැනකට නේද ? ආහාර රටාව පවා වෙනස්වීමේ ඵල විපාක දැක දැකත් යන්නේ ඒ පැත්තටමයි. ආහාර වර්ග තෝරාගැනීමත් ආපසු හිටපු තැනටම එමින් තිබෙනවා. රූපලාවන්‍ය කටයුතු සම්බන්ධ මෙවැනි අවාසනාවන්ත තත්වයන් ගැන ලැබූ ඉගෙනුම් අත්දැකීම පවා තව ටික දිනකින් නැතිව යාවි. වෙළද දැන්වීම් සැලසුම් ව්‍යාපෘතියක් මගින් එය සිදුවන ආකාරය ඉදිරියේදී පෙනී යාවි

විභීෂණ II said...

ඔය කොච්චර කිව්වත් මෝඩ ගෑණු සොබාව ධර්මය ගණන් ගන්නේ නැහැ. උන්ගේ මොළ හෝදලා තියෙන්නේ එක එක ෂැම්පු කාරයොයි, සබන් කාරයොයි..

ඉර බස්නාහිරින් පායන අන්න ඒ සුන්දර දවසට ගෑනුන්ට මොලේ පෑදෙන බව විභීෂණ ට නම් ඉර හඬ වගේ විශ්වාසයි.

Amila Chathuranga said...

මේ සිද්ධිය ධාර්මික දේවලින් වහනවාට මම කැමති නැහැ. ඔය ධර්මයේ මොන බයිලා තිබුනත් අද පල්ලියට පංසලට යන්න පවා බොහෝ ගෑනු පිරිමි මෝස්තර කරනවා. මේ රූපලාවන්‍යය කියන්නෙ ඉතා පැරණි දෙයක්. සමාරවිට මිනිසුන් ශිෂ්ඨාචාරගත වීම දක්වා අතීතයක් තියෙනවා.

වැරදි බෙහෙතක් දීපු කතාවක් තමයි මට ඇහුනෙ. දැන් මේ ධර්ම කතා මිනිස්සු නොදන්න ඒවා නෙවෙයි නේ..රූඵය අනිත්‍යයි කියලා අපි 5වසරෙදිම දන්නවා. මිනිස්සුන්ගේ තියෙන සමහර පුරුදු මොන දේකින්වත් නවත්වන්න බැහැ. මේවගේ අනතුරු වලින් පස්සෙ විය යුත්තෙ ඒ ගැන පුළුල් සමාජ කතිකාවත් ඇතිවෙලා රූපලාවන්‍යය පුමිතිකරණය කරන්න අවශ්‍ය කටයුතු කිරීම.

මේ දොස්තර මහත්මයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙලා ඒ දීපු බෙහෙත් නියමිත ප්‍රමිතියේ ඒවා වුනානම් මේ මරණය සිදු වන්නේ නැහැ.