Thursday, July 10, 2014

ජාත්‍යන්තර පාසල් .


ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල  දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම වැටුප් දවස. ලගම තියෙන තැපල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් ,කිලෝ මීටර් 15ක් විතර දුර ගෙවලා නගරයේ බැංකුවකින් තමයි එතුමා තම විශ්‍රාම වැටුප ගන්නේ.

එදාට එකට එකතු වෙන දහයක දොලහක සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය රජයේ විවිධ තනතුරු දරාපු උදවිය. එයාලටත් ලගපාතින් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් නගරයට එක් දිනකදී එකතුවන්න සම්මුතියක් අරගෙන තියෙනවා. 

විශ්‍රාම වැටුප අරගෙන දරු මුණුපුරන්ට අඩුම කුඩුම පොදි ගහගෙන මේ සෙට් එක දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට විවේක තැනක් තෝරා ගෙන තියෙනවා. පස්වරු එකට විතර සෙට් වෙන මේ කන්ඩායම හතරට පහට ගන්න ලන්ච් එකෙන් දවස එවර කරලා විසිර යනවා.   
මේ වැදගත් තලතුනා මහත්තුරු කණ්ඩායම මේ මාසේ මුල් අගහරුවාදා  මට මුණගැහුනා.

මෙයාලා නිත්‍යවම  මාසිකව එක් රැස්වන සංගමයක  සාමාජිකයෝ පිරිසක් නිසා බිස්නස් ප්‍රොමෝෂන් එකක් විදියට  දීමනාවක් දීලා තියෙනවා !.. මෙතුමන්ලා  vat  එකෙන් සහ service charge එකෙන් නිදහස් කරලා ආහාර පාන සදහා පමනක් බිල් පත ගණනය  කරගන්න  විශේෂ පහසුකම්  ඇති කරලා තියෙන්නේ වෙනත් තැනකට සෙට් වෙන එක වලක්වා ගන්න .

දිසානායක මහත්තයාගේ බුද්ධි මණ්ඩලයේ  අද සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ ජාත්‍යාන්තර පාසල් .

දිසානායක මහත්තයා වාමාංශික අදහස් තදින්ම වැලදගත් දේශපාලන පක්‍ෂයක් බදා නොගත් චරිතයක්. දිසානායක මහත්තයාගේ කෝණයෙන් වාමාංශික පක්‍ෂවුනත් තදින්ම විවේචණය කරනවා.  1970 -1977 සංවෟත ආර්ථිකය කුඩු පට්ටම් කරලා 1977 විවෘත ආර්ථිකය උපදිනවා. 1977 විවෘත ආර්ථිකයෙන් හැම රෙද්දම විවෘත වෙනවා. දිසානායක මහත්තයාගේ උස් හඩ දේශපාලන වේදිකාවක වගේ නැගිලා ඇහෙනවා.

මම එහාට මෙහාට දුවන තිලකසිරිගෙන් “පටන් ගත්ත ගමන්ම වැදිලාද කියලා අහනවා” . “නෑ සර් ගැම්ම ගන්නවා “ වේටර් තිලකසිරි හිනහා වෙනවා.

“ඔව් !  ඔව් !! අධ්‍යාපනයත් විවෘත වුනා. ජාත්‍යන්තර පාසල්  ඇරිලා.”  කන්ඩායමේ කෙනෙක් විවෘත ආර්ථික මාතෘකාව  - මාතෘකාවේ එක් කොටසක්වන  අධ්‍යාපනය පැත්තට හැරෙව්වා.

බලන්න මාතුපාල මහත්තයා,  අපේ කාලේ ඉදන් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් කියලා පාසල් තිබුනා. මේවා ව්‍යාපාර නෙමෙයි.

ජාත්‍යන්තර පාසල්  කියන්නේ කඩනේ !. සිරිපාල මහත්තයාගේ  හඩට
“මේවයේ කිසිම කිසිම ප්‍රමිතියක් නැහැ සිරිපාල මහත්තයෝ “පිලිතුර මාතුපාල මහත්තයාගෙන්ය.

මේ පාසල්වලට ප්‍රමිතියක්‌ හඳුන්වා දීමට කාටවත් උනන්දුවක්‌ නැහැනේ .  තවත් හඩකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන්  විශ්‍රාමික එදිරිසිංහ මහත්තයා කියන්නේ ‘ පුංචි වැඩක්නේ ජාත්‍යන්තර පාසලක් ලියාපදිංචි කරන එක කඩ කාමරයක්‌ කුලියට ගන්නවා.  ඒකට ඩෙස්‌  බංකු විසිපහක් තිහක් දානවා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්‌" ලෙස ලියාපදිංචි කරනවා  ඔන්න ජාත්‍යන්තර පාසලක් !.

මේ නීතිය යටතේ අපේ රටේ පවතින සියළුම ලොකු කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන බව මගේ මතකයට එයි. 

ජාත්‍යන්තර පාසල් වැඩි හරියක සුදුසුකම් ලත් ගුරුවරුන් නැත. රජයේ පාසල්වල මෙන් ගුරුවරුන් පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නැත . ජාත්‍යන්තර පාසල් මේ රටේ විවෘත කර දශක හතරකට ආසන්න වුවත් රජයේ අවධානය අධ්‍යාපන කෝනයකින් ජාත්‍යන්තර පාසල්  දෙස යොමු වී නැත .ඒ
වා ව්‍යාපාරය. 
මේ කතාබහට අහමින් සිටින විට මට සිහිපත් විය.


මේ වියපත් සංගමය ලබන මාසේත් විශ්‍රාම දිනයට එක්වනු ඇත පුංචි සාදයක් සමග කාලීන ප්‍රශ්නයක් විසදන්න උත්සහා කර සතුටින් විසිර යනු ඇත . ඒකාකාරී ජීවිතයට විශ්‍රාම වැටුප් දා සිසිලක් පවනක් වෙන්න සෙවනක් වීම මටද සතුටක් වනු ඇත. 

notes of imaginary

3 comments:

Wicharaka Asami Dakimi Soyami said...

මමත් ඔය ආකාරයට සංගම් පවත්වන්න කැමති වුනත්, රජයේ සේවකයෙක් නොවුන නිසා දන්නා හඳුනන කවුරුවත් නැහැ. මොකද ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් හමුවන්නේ සේවාමුක්ත භට සංගම් රැස්වීමකදී පමණයි. හැබැයි මම හරි කැමතියි ඔය වගේ පිරිසක් ආශ්‍රය කරන්න ඇත්නම්.

අද රජයේ පාසල් එක්තරා ආකාරයකින් කඩ නෙවෙයිද කියලා අහනවා මම අර මහත්තයාගෙන්.

sAm (සෑම්) said...

ඇත්තටම ජාත්‍යන්තර පාසල් වල ගුරුවරු යම් ප්‍රමිතියක යටත් කළ යුතුයි.

Anonymous said...

Jathanthara pasal apita apa...................
Meedumata Newatha imi.