Wednesday, July 23, 2014

සදාකාලික නොවු ලෝකයේ...........



තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ?
මම රාබු අලෙත් එක්ක අද  ඉන්නම්.
තක්කාලි ගෙඩිය යන්න.
මට විරෝධයක්  නොදක්වාම  උදෙන්ම අර්තාපල් අලේ ගමන් බලපත්‍රය  නිකුත් කලේය.
වෙනදා මාත් සමගම පෙර ගමන් යන්න සුදානම් වන  අර්තාපල් අලයට  අද ආත්තම්මාත් එක්ක  ප්ලාස්ටික් කෑලි ටිකක්  ඒකතුකරමින්  කෝච්චියක් හදන්න  අදහසක් පහල වී ඇත..
තවත් දවසක අර්තාපල් අලයක් නොවන සීයා කන්ටේනර් එකක් බවට පත්වන්නේය. එදාට   පුතා නිල් පාට ට්‍රේන් එකක් බවට පත්වන්නේය.
මමත් පුංචි එකාගෙන් මිදී සුපුරුදු කටයුතු  සදහා යොමු වුවත්  අපි දෙදෙනා අතර තහවුරු වී ඇති සෙනෙහසේ බැදීමෙන්  ඇතිවන සිතිවිල්ලෙන් නම් නිදහස් වන්නට නොහැකිය.

වැඩිහිටියන් ගේ ලෝකය වෙනස්ය. රළුය .
පුංචි එකාගේ ලෝකය සුන්දරය .සියුමැලිය.

සෙනහස කාලෙයන් කාලයට අප බැද ගන්නේ  විවිධ ස්වරූපෙයන් යයි මගේ සිත කියන්නට විය.  ජීවිතයට හමුවු  විවිධාකාර  අදුරු  මෙන්ම සොදුරු සෙවනැලි  වලින් මිදී  ජීවිතය ගීතවත් කල කුඩුම්භයේ  සෙනෙහස තුල පැල පදියම් විය.  වර්තමානයට වන විට පුංචි මුණුපුරා  සීයාගේ සෙනෙහසේ    ප්‍රමුඛත්වය  දිනා ගෙන ඇත. 
අතීතයත් වර්තමානයත් යා කරමින් ගලපන සිතට එක් තැනක සිරවු සෙනෙහසේ එක් කතාන්දරයක්  සුනිල් එදිරිසිංහගේ හඩින්  අවදිවී ගලා යන්නට විය.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

මගේ දුක දැක - ඔබේ දෙනයන  - උපන් කදුලින් සේදිලා //
ඔබේ වත නොව - ඔබේ හදවත - පුරා සදසේ පෑදිලා.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

එදා ලග සිට - දුටුව ඔබ නොව
මෙදා දුර සිට -මා දකින්නේ

සදාකාලික නොවු ලෝකයේ
සදා කෙලෙසද පෙම් බදින්නේ ?

වයසින් මුහුකුරා යන විට බාල තරුන වියේදී කල කී දෑ තක්සේරු වන්නේ සුනිලුන් ගයනා ලෙසින්
යයි මම තේරුම් ගනිමි.
එදා ලග සිට - දුටුව ඔබ නොව - මෙදා දුර සිට -මා දකින්නේ
මම මගේ බාලයින්ට අතීතය  කියමි.

එහෙත් මගේ බාලයන්
සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක් සොයා  නෙක ගම් දනව් පීරමින් කාලය  ගෙවීමින් සිටිති.

මෙය නිස්සාර කටයුත්තක්යයි මම පහදා දුන්නද ඔවුන් ඒ බව පිලි නොගනී. 
කාලය ගතවී ඔවුන්ද මා තරමට මුහුකුරා යන තෙක්
සදාකාලික නොවු ලෝකයේ -සදා කෙලෙසද පෙම් බදින්නේ ?
යන්න තේරුම් නොගන්නවා ඇත.

මම සිතිවිලි දැහැණින් මිදී ජීවිතයේ ස්වරූපය මෙයයි සුසුමකින් සහැල්ලුවට පත්විය.





notes of imaginary

3 comments:

Anonymous said...

just write!
I'm really enjoying this

කුරුටු ගෑ ගී පවුර said...

ඔබ විදිමින් ඉන්න සතුට ගැන ඉරිසියයි.... ඒත් ඒ ගැන හදවතින් ම සතුටු වෙනවා.. විශේෂයෙන් ම මේවා කියවලා.. දිගට ම මේවා ලියන්න...

Lionel Liyanagamage said...

මම අන්තර්ජාලයෙන්ම අතුරුදහන් වුනා අද අගෝස්තු මාසේ 12 වෙනිදා .අද ඉදන් ලියන්න බලමු.