පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, July 01, 2014

ලන්ච් ටයිම් කතාවක්.

විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා .ඒ නිසා දැන් මම විශ්‍රාමිකයෙක් නෙමෙයි. දැන් මගේ පැරණි සේවාදායකයෝ එක්කෙනා දෙන්නා නැවත මුණ ගැහෙන්න පටන් අරන් . පලමු දිනදීම හමුවුන සේවාදායකයෙක් මට දීලා තියෙන්නේ බාල්දියක්. ඒකෙන් මට වුනේ හොදට නාගන්න. සාජන්ට් මහත්තය (සාජ් ) දැන් මට නිතර නිතර හමුවෙන එක්කෙනෙක්.
සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් ම‍ටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.

අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.

මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.

අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.

 සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ‍ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
 පැමිණිලි දාලා හිටපු ‍කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.

 නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .

අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.

 notes of imaginary

3 comments:

DE said...

අමුතු කතාවක්.... සිත්කලුයි...

මැලේ රාළ said...

එතකොට එහෙමයි මෙට්ට විකුනන්නේ

vicharaka said...

පොලිස් කාරයාගේ ඉව තාම නැතිවෙලා නැහැ. හරියට රාජකාරි කරන්ඩ දන්නා පොලිස්කාරයෝ ඕනෙතරම් තවම ඉන්නවා. නමුත් පොලීසිය බලු කරලා තියෙන්නේ දේශපාලුවෝ. එක පොලිස්පතියෙකුට කොන්දක් තියනවනම් බලපෑම් යටතේ රාජකාරි කරන්න බැහැ කියලා අස්වෙන්න, එක මේ රටේ ලොකුම විප්ලවයක් වෙයි.