පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, March 08, 2014

හීනෙන් බයවෙලා !


 කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි.

සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී.
, නව කැබිනට් මණ්ඩලය දහසයයි නියෝජ්‍ය ඇමතිවරුත් දහසයයි !
ව්‍යාපෘති කණ්කානි තනතුරු නැහැ.
ජ්‍යොෂ්ඨ ඇමතිවරු ගෙදර
ප්‍රවෘත්ති වැහි වැහලාය. මේ අතර අතුරු කතා ඇසෙන්නට පටන් ගනි. ඇමතිවරු නිල වාහනය වශයෙන් බයිසිකල් තෝරා ගෙන කියන කතාව සුලගක් මෙන් පැතිරෙයි. මට සැකයක් ඇතිවු බැවින් මේ ප්‍රවෘත්ති පැතිරෙන්නේ ශ්‍රී ලංකාවේද යන්න විමසීමට
බයිසිකලයක් පැදයමින් මා ඉදිරිපසින් එන බඩ තඩි සුදු ඇදුමක් ( බාච්ඡුවක් ) ඇදගත් පුද්ගලයෙකුට අත දිග් කලෙමි.  බයිසිකලය නතර කල ගරු ගාම්භිර බවක් පෙන්වූ වත් කාරුණික ඒ මහතා ඔව් ඔව් ශ්‍රී ලංකාවේ යයි උත්තර දී  බයිසිලය හැසුරු වේගයට  පාරේ අයිනේ තිබු රැහැන් ආවරනයකට මගේ දෙපා ගැටුණා.

ඒ තිගැස්මට මට ඇහැරුනා . මා සිටියේ ඇද උඩ . කියවමින් හිටපු ලිපිය තාමත් කොට්ටේ ලග
ඒ ලිපිය ලියවී තිබුනේ ඉතාලි අගමැති මත්තේයෝ රෙන්සි මහතා ගැන.   එතුමාගේ ඇමති මණ්ඩලය 16 යි. එතුමා ගමන් බිමන් සදහා යොදා ගන්නේ බයිසිකලයක් . ඉතාලියේ ජනගහණය කෝටි හයක්.  
 ඉතාලියේ අගමැති ධුරයට පත්වෙන්න පෙර  මත්තේයෝ රෙන්සි මහතා ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට  කටයුතු කලා. එතුමා නගරාධිපති හැටියට මනා කලමනාකරණයෙන් කරන ලද වියදම් (ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා ) අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වනලද විනිවිදභාවය සහ පරිපාළනය තුල දැනෙන ජනතාවාදී ප්‍රතිසංවිධාන ක්‍රියාත්මකකිරීමෙහිලා දක්වන අධිශ්ඨානශීලීත්වය නිසාම ජනතාව විසින් තමන් ගේ අගමැති ලෙස පත් කරගන්න ජනතාව උනන්දු වෙලා ! .
වයස අවුරුදු 39 දී හය කෝටියක ජනතාවගේ අගමැති බවට පත්වුනා.
ඒ ඉතාලියේ - ශ්‍රී ලංකාව ගැන මම ලියන්න ඕනී නැහැනේ.
ඡන්දයට  නාමයෝජනා ලබන්න සුදුසුකම් ලබන්නේ අධිකරණයේ ලබා තියන පෙර වැරදි ප්‍රමාණය මත. නැත්නමි පරපුරෙන් පරපුරට කරලා තියෙන ගසා කෑම් ප්‍රමාණය මත. සාධාරණ විදියට දේශපාලකයෙක් හැටියට විතරක් හිටිය මනුස්සයෙක් ඉන්නවානම් එයාගේ පරපුරට නාමයෝජනා ලබා ගැණීම නම් බොරු .  පැත්තකින් මත්ද්‍රව්‍ය ,රාජ්‍ය දේපල අනිසි ලෙස පරිහරණය, කොමිස් ,ගසාකෑම් වගේ ක්‍රියා පිලිබදව වැඩියෙන් කියවෙන පරපුරට නාමයෝජනා ෂුවර්.
ඉතින් උඩින් නාමයෝජනා අරන් එන එකාට ඡන්දය දීමනේ අපේ පරමාධිපත්‍ය.
ප්‍රජාතන්ත්‍රවාදී ස්කෝලේ පරමාධිපත්‍ය පේපර් එකට ලියලා වැඩියෙන් ලකුණු ගත්ත එකා පාස්. ඌ ( සමාවෙන්න ! මට මේ ශිෂයයන්ට කියන්න වෙන ගරු කටයුතු වචනයක් නැහැ ) .
පේල් වුන එකා ආණ්ඩුපක්‍ෂයේ නම් සංස්ථාවක සභාපති කෙනෙක් , නැත්නම් උපදේශක කෙනෙක් .
විපක්‍ෂයේ නම් මැරයෙක් නැත්නම් කප්පම් කාරයෙක්, නැත්නම් හොරෙක්. මේ දෙයාකාරයෙන්ම කියවෙන වෘත්තීයක්ම විශ්ලේෂණය කලොත් එකයි. 
දෙගොල්ලෝම නම්බුකාර කමින් සහ අනතුරුදායක අන්දමින් මැතිවරණ වියදම් පියවා ගන්න කටයුතු කරනවානේ.
පසුගිය සතියෙ මාධ්‍ය පල කල පුවත් එකතු කරපුවහම බස්‌නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 13 ක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන. ඒ අතර මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි , 'ඡන්ද ත්‍රස්‌තවාදීන්' අත්අඩංගුවට ගැණිම් , විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා.  ලස්සනම ප්‍රවෘත්තිය   බස්‌නාහිර සහ දකුණේ ඡන්ද ඩියුටි සඳහා මැර කණ්‌ඩායම් 15 කට අයත් නමගිය 181 දෙනෙක්‌ ඩියුටි පටන් ගත් බව දැක්වෙන ප්‍රවෘත්තියයි. 
මේ ගොල්ල නැතිව ඡන්ද කරන්න බැහැනේ. පොලිසිය හැම දේටම මැදිහත් වෙන්නේත් බැහැනේ.

මේ හැමදේටම ජේ. ආර් මහත්තයා සිහිපත් කරනවා. ඒත් මෙච්චර හයිය තියනවා කියන ආණ්ඩුවක් ජේ. ආර් මහත්තයාගෙන් උනා කියන වැරැද්ද තාමත් නිවරදි කරන්න උත්සහායක් අරගෙන නැහැ.




notes of imaginary

1 comment:

Amila Chathuranga said...

මා නම් සිතන්නේ අපේ ජනතාව වඩාත්ම ආසා කරන ක්‍රමය මෙය වන බවය. එනිසාය මිනිස්සු කෙතෙක් අමාරුයෙන් සිටියත් මේ රජයටම කතිරය ගසන්නේ.