පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, February 09, 2014

Face Book






  නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ සාකචඡා ඉබි ගමනින් යන කවදාමවත් ක්‍රියාත්මක නොවන කමත් කතාය. කමතේ ගොයම් පෑගෙන තෙක් හරක් බාන කෙතේ වාරයක් කැරකී කරකී සිටිතත් අවසානයේ ලැබෙන්නේ කරලෙන් ගිලිහුන වී ටික පමනකි.
ගුරුවරුන්ද විදුහල්පතිවරන්ද නූතන සිසු පරපුරට ගැලපෙන අන්දමට ඉගැන්වීම ද පරිපාලනයද වෙනස් කර ගත යුතුයැයි මට සිතුනේ පසුගිය සතියේ කුරුණෑගල  විද්‍යාලයකින් ඇසු ප්‍රවෘත්තියක් නිසා වෙනි.
මේ කතා පුවත සැකෙවින් මෙසේයි.
10 වැනි පන්තියේ ශිෂ්‍යාවක  Face Book වෙබ් අඩවියේ තම පෙම්වතා හෝ සහෝදර තරුනයෙකු සමග සිටින පින්තූරයක්‌ පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් නිසි පරදි ඉවත් නොකල නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක්‌ පෙම්වතා සමඟ අන්තර්ජාලයෙන් මතුවීම විදුහල්පති වරයා කලබලයට පත්වු හේතුවක් විය.  ඇය කැදවු  විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්‍ෂණ සඳහා පියා සමග එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය සාරියකින් ගෙල වැලලාගෙන මිය ගියා ය.

සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක්  මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද ‍  Face Book පරිහරණය කරන්නෙකි. විදේශ  ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.
මෙම සිසුවියගේ සිය දිවි නසා ගැණිම පිලිබදව නොයෙක් අර්ථ කථන ඇතිවිය හැක. Face Book වැනි සමාජ වෙබ් අඩවි  වෙත මෙහි වරද පටවා එවැනි වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කල යුතුයැයි තර්ක කරන පිරිසක්ද වේ. ගැටළු සහ ප්‍රශ්න වර්තමාන සමාජය විසින් මින් දශක හතරකට පහකට පෙර දුටු ආකාරයෙන් දැක ඒවාට විසදුම් සෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය කිරීමට යාමෙන් මෙවැනි ඛේදවාචකයන් ඇතිවන බව ලියුම්කරුගේ විශ්වාසය වී ඇත. දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පති වරයා මේ ගතානුගත අදහස් වලින් මිදී කටයුතු කලේ නම් මේ දරුවා සියදිවිනසා ගනීද ?.



මෙතන්ටත් ගිහින් බලන්න.

notes of imaginary

3 comments:

Unknown said...

ඹබතුමාගේ ලිපි හරම හරවත් ඒ වගේම හරිම ලස්සනයි. මම හැමදාමත් ඔබතුමාගේ ලිපි කියවනවා.

පුලුවන්කමක් තියෙනවා නම් මම ලියන බ්ලොග් එක එනම් නිහඬතාවය කියවලා බලන්න එන්න කියලා ඉතාම ගෞරවයෙන් හා ආදරයෙන් ආරාධනා කරනවා.

ඔබතුමාට නිදුක් නිරෝගී සුවබර දිවියකට සුබ පැතුම් පතමින් නිහඬ වෙන්නම්....

Shehan Senadheera said...

ඔය වගේ දෙයකට හොඳ සැලසුමක් තියෙන දර්ශනයක් තියෙන නායකයෙක් අද මේ රටේ නෑ. ඔක්කොම ඉන්නේ දුප්පත් කම වපුරලා චන්ද අස්වැන්න නෙලන්න බලන් ඉන්න කට්ටිය. ඒ අයට ඔය වගේ දේවල් ගැන කල්පනාවක් නෑ.

Anonymous said...


[url=http://1porno1.ru/]порно видео[/url]