පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 31, 2014

අපොයි! ඡණ්ද වියදම්.

 


 
උදය ගම්මන්පිල මහතාට සුපර් ඩ්‍රෝ සැලසුමක් හා චිණ්තනයක් පහලවී තිබේ. කවුරුත් රුපියල් සීය බැගින්  පරිත්‍යාග කර ගම්මන්පිල මහතා වැනි අපේක්‍ෂයින් ජයග්‍රහණය කරවීමට සිත් පහල වේවා !!!!!
තමුන්නාන්සේල උන්නත් දාහයි - මළත් දාහයි   - අපිට උන්නත් මලත් බිංදුවයි. ගම්මන්පිල මහත්තයෝ !!.

ශ්‍රී ලංකාවේ හැමදාමත් මැතිවරණ තිබේ. පලාත් පාලන, පලාත් සභා ,පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යනාදී කී නොකී මැතිවරන සෑම වසරේම රටේ කිනම් ප්‍රදේහයක හෝ පැවත්වීමට අවස්ථාව යෙදෙන ලෙස මැතිවරණ කාල සටහනක් ඇත. මේ සම්බනධව ජේ.ආර්.ජයවර්ධණ මහතාට ජනතාව පින්දිය යුතුය.  මේ මැතිවරණ ගැනත් වියදම් ගැනත් අප බොහෝ වියමන් කර ඇත.

මැතිවරණ සදහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් නාමයෝජනා ලබා දෙන අය දෙස බැළුවිට ඡණ්දපොලට ගොස් ඡණ්දය භාවිතා කිරීමේ උවමනාව දවසින් දවස පිරිහී යන බව සටහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂ වල නායකත්‍වයට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන නාමයෝජන ලබනවුන් ගැන ඡණ්දය දෙන අපිට කවදාවමත් අභියෝග කල නොහැක. අපිට කළ හැක්කේ හොදම හොල්මනට ජණ්දය දීම පමණකි .

රටට ඵලදායි මෙන්ම දේශපාලනය ගැන දැනුම්වත් පිරිසක් ඉදිරිපත් කිරීමට වඩා සබන් කැටයක් අළවි කරගන්නට යොදන වෙළද දැන්වීම් මෙන් මැතිවරණ සදහාද වෙළද දැන්වීම් ඉදිරිපත් කර ප්‍රධාන පක්‍ෂ තම ගොඩ ලොකු කර ගැණීමට උත්සහා කිරීම දේශපාලනයේ සොහොන් ලකූණු විද්‍යාමාන වීමක් ලෙස වියමන්කරු සලකයි. . අනාගතයේදී අපේක්‍ෂකයන් ලෙස අවතාරද ඉදිරිපත් කර කෙසේ හෝ මැතිවරණ ජයගැණිමට ප්‍රධාන පක්‍ෂ සැලසුම් කරනු ඇත..

මේ වැඩකට නැති ඡණ්ද සදහා මහජනතාවගේ බදු මුදලින් උපයා ගන්නා මුදල් කන්දරාව වියදම් කරන අන්දම පිලිබද උදාහරණයක් පහත දක්වමු.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 120 ක්‌ වැය වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඇස්‌තමේන්තු කර ඇත.
Ø  පොලිස්‌ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200 ක්‌ද
Ø  තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 100 ක්‌ද
Ø  ඉන්ධන සඳහා මිලියන 40 ක්‌ද
Ø  මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 300 ක්‌ ද

වැය වනු ඇතැයි දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත. 

අවසන් වරට පැවැති උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට රුපියල් මිලියන (කෝටි 87 ක්‌) 876 ක්‌ වැය වී ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා මාධ්‍යයට පවසා තිබිනි.

Ø  රුපියල් මිලියන 150ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවටත්
Ø  රුපියල් මිලියන 79 ක්‌
Ø  තැපැල් දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 24 ක්‌ ඉන්ධන සඳහාත්
Ø  මිලියන 91 ක්‌ සැපයුම් හා සේවා
 වැය වී තිබේ.

මේ දියවී යන්නේ  ප්‍රජතන්ත්‍ර අයිතිවාසිකම්වල වටිනාකමයි.



notes of imaginary

3 comments:

vicharaka said...

ඡන්දේ ඉල්ලන එවුන්ට හැම ඡන්ද දායකයාම සල්ලි දෙන එක විතරයි අඩුවකට තිබුනේ. දැන් ඒකත් ඇවිත්. ඊළඟට ගෙදර ඉන්න එවුන් බිල්ලට ගන්න ඉල්ලයිද දන්නේ නෑ.

Anonymous said...

මොනවට කියනවාද? අර සීයේ කොළේ මාධ්‍යට පෙන්න පෙන්න ලැජ්ජ නැතිව කටක් ඇරියනේ...

Anonymous said...

ගම්මන්පිල මහත්තයෝ !!. සින්හලයව බේර ගන්න..