පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, December 14, 2013

මූදු පතුල යට ඉඳලා




මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

මුදුපත්ල යට ඉදලා

සෝමලතා සුබසිංහ - මුදුපුත්තු
notes of imaginary

1 comment:

Shehan Senadheera said...

මේ ගීතය තියෙන ඒ වේදිකා නාට්‍යය නම් මම බලල නැ. එත් මේ ගීතය නම් කීප වතාවක් අහල තියෙනවා. හරිම ලස්සන ගීතයක්. ආපහු පාරක් අතීතයට ගිය වගේ දැනුනා.