Saturday, October 05, 2013

අපොයි මාළු !.

න්‍යාය විද්‍යාත්මක දේශපාලනය ආදී නෙයෙක් ආකාර ඇගට නොදිරවන අප නොදන්නා  විග්‍රහ ,පසුබිම් අතහැර වර්තමානයේ  රට  ගැන සිතන විට මීදුමට ඇත්තේ කල කිරීමකි. එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් රට පාලන වු අවදියක සිට  (1977 සිට ) ප්‍රායෝගික අවබෝදයකින් රටේ දේශපාලනය දෙස බලන  විට අප යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නොවන බව මීදුම සිතන්නේය.

 අද රට පාලනය  වන් මෑන් ෂෝ එකක් බවට පත්වී ඇත. මහින්ද රාජපක්ෂයන්ම කියන පරිදි  මේ නොහැකියාවට මන් මක් කරන්නද ? යන්නත් ඇත්තකි.

 අද පාර්ලිමේන්තුවේ නියම මහජන මතය නිරූපනය වන්නේ නැත. මෙය වඩාත්ම දැනෙන්නේ බහුතර නියෝජිතයන් පිරිසක් සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටය. වමටත් නැති මැදටත් නැති දකුණටත් නැති අච්චාරු දර්ශණයක රටේ දේශපාලනය අතරමංව ඇත.

රටට ප්‍රානවත් විපක්‍ෂයක් නැත. මේ නිසා ආණ්‍ඩුවත් වෙන් වෙන්ව ආණ්ඩු පක්‍ෂයේ  මැති ඇමතිවරුනුත්  පිස්සු කෙළියක ධන සම්පත් විනාශ කරමින් නිකම්ම  නිකම් වැජඹෙන පිරිසක් බවට පත්ව ඇත. කරන කෙන් ගෙඩියක් නැතිව මංත්‍රී දැන්වීම් පුවරුව එල්ලා ගෙන ප්‍රාදේශිය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මහජන බදුවලින් නඩත්තු වෙන  පිරිස සිය ගනනක් නොව දහස් ගනනක් අප රටට සිටින්නේය.

මේ පුර්විකාව සමග මීදුම යොමු වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය ගැන සිතට එන දේ සටහන් කිරීමටය.

1970-1977 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  2/3 බලය පරදා බින්දුවේ සිටි එක්‌සත් ජාතික පක්‍ෂය නැගිටින්නේ 5/6 ක බලයක් සුරතින් දරා ගෙනය. එම පිබිදීම  ධාර්මිෂ්ඨර් ජේ.ආර් ගේ වික්‍රමයක් වූයේ කෙසේද යන්න දැන් විමර්ශනය නොවන්නේ බේද බින්න වී ගෙදර කළකොලාහල ගැන සිතමින් සිටින ඉහල පෙලේ ඇත්තන්ට ඒ සදහා කාල වේලා වක් නොමැති වීම නිසා විය හැක.

1972 – 1973වර්ෂ  වන විට ජේ.ආර්.ජයවර්ධණ මහතා  සුපිරි බිම් මට්ටමේ අත්තිවාරමක් පිහිටුවාගෙන සිටියේය. ඉහල මට්ටමේ ජනප්‍රියතාවයක් සහ සමාජය පිලිගත් ආසන සංවිධාකයන් ජාලයක් එතුමාට තිබුනේය. මෙම ආසන සංවිධායකයන් හරහා පිහිටුවාගෙන තිබුන ගමේ ශාඛා සමිති පක්‍ෂයට සක්‍රීය මෙහෙවරක යොදා ගැණිමට පක්‍ෂය කෙරෙහි විශ්වාශයක් ඇති කර ගෙන තිබුනේය. මේ නිසා 1977 මැතිවරනය වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැරෙන්නවත් බැරි ලෙස සමාජය තුල හිරකරලන්නට ජේ.ආර්. සමත්විය.

අද එවන් සංවිධාන ශක්තියක් එක්‌සත් ජාතික පක්‍ෂයට නැත.  ගොඩ නගා ගන්නට උනන්දුවක් නැත .එසේ ගෙඩ නගා ගන්න විශ්වාසයක් ජනතාවට ලබාදී නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1977න් අවසන්වු පාලන කාලය තරම් පීඩනයක් අද ජනතාවට නැතිවුනත් ගිලිහෙන ජනතා විශ්වාසය එක් රැස් කරගන්නා වැඩ පිලිවෙලකට එක්‌සත් ජාතික පක්‍ෂය අවතීර්න වී ඇත්නම්  එක්‌සත් ජාතික පක්‍ෂය මෙතරම් වල පල්ලට ගාටන්නේ නැත.

ජනතාව සමග සිටින ආසන සංවිධායකයන් තෝරා පත් කරගෙන  ,  එක්‌සත් ජාතික පක්‍ෂය සමග සිටින පාක්‍ෂිකයන් අවදියෙන් තබා ගෙන බිම් මට්ටමේ සිට වැඩ කටයුතු පටන් ගතහොත්  මහින්ද රාජපක්‍ෂයන්ගේ රජය යම් තරමකින් හිර කරන්න එක්‌සත් ජාතික පක්‍ෂයට හැකියාවක් ඇත.එවැනි සංවිධාන ජාලයක් ගොඩ නන්වා ගන්නට සිතනවා වෙනුවට අද කරන්නේපක්‍ෂය තුල  මම ජනාධිපතිවීමේ සටනක් නම්,   යම් යම් පුද්ගලයින්ට තනතුරු ලබා දී බඩ තර කරවන්න තදියමක් හෝ රුදාවක්  ජනතාවට නැත.

ජනතාව බඩපිරුණ එකා කරන හාණිය අවමය යයි තේරුම් ගෙන ඇත. බඩ  තරවී ඇති නිසා වර්තමාන කණ්ඩායාමම තවදුරටත් පාලනයේ තබා සිටීම ජනතාවට ලාබ දායකය. මන්ද බඩගින්නේ සිට පැමිනෙන එකා බඩ පිරුණ එකා කරන හාණියට  වැඩි හාණියක් බඩ තර වනතුරු කරන්නේය.  

දේශපාලන පක්‍ෂ සහ නායකයින් වටා සිටින ඇම්බැට්ටයන්ගේ උවමනාවන් තර කරන්නට අද ඡණ්දදායකයින් සිතන්නේ නැත.ඡණ්දදායකයින් රට ගැනත් රටේ ස්ථාවරය ගැනත්, සිතා ඡණ්දය පාවිච්චි කරන විට ස්ථාවර දේශපාලන පක්‍ෂ ගැනවැඩි  අවධාණයක් යොමු කරනු දක්නට ඇත.
ඒ නිසා තමන් ශක්තිමත් බව දැක්වීමත් ඡණ්දය ලැබීමට එක් හේතුවක් වී ඇත. ගහ මරා ගැණිම් අමතක කර සියල්ලෝම එකාවන්ව  එක්ව ප්‍රතිවාදියාට මුහුණ දීමේ ශක්තිය ප්‍රදර්ශණය කලදාට ජනාධිපති සිහින දකින අයට නොවපක්‍ෂයේ  පහල පෙලේසිටින  මණ්ත්‍රී කට්ටෙකුට වුවද  එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් ජනාධිපති විය හැක.

අද මුලින්ම ඇත්තේ ඡන්ද ජය ගැනීමේ අභියෝගය නොව  පක්‍ෂයට සිදුවෙමින් තිබෙන හානිය අවම කර ගැනීමේ අභියෝගය  බව මුලින්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති වීමට සිහින දකින කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇත.

මේ විගඩම් වල අවසාන ප්‍රතිපලය ලබන්නේ ජනතාවය. අනාගතයේ පාළු ගෙදර වලං බිදින අය විසින්  ජනතාවගේ ප්‍රජාතණ්ත්‍රවාදය කුඩු පට්ටම් කර වලං කෑලි බවට පත් කරනවා ඇත.




notes of imaginary

No comments: