Sunday, September 01, 2013

ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි - අසල්වාසියාගේ අදහස


ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන, කිරිපිටිවල ඩයිසයන්ඩයිඑමයිඩ් (DCD) නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි යන සැකයත් සමග මතුවූ සමාජමය කැළඹීම, තවමත් කිරිපිටි පරිභෝජනය කරන ජනතාව අතර විවිධ අපැහැදිලි මතවාදයන්ට තුඩු දෙමින් පැතිර යන බව පෙනී යයි. මාධ්‍ය මගින් පළවන වාර්තා මගින් ඔවුන්ගේ අදහස්‌ විවිධ දිශාවන්ට දොaලනය කරනු ලබන බව පෙනේ. එම මතවාදයන්ට වඩාත් පුළුල් පැහැදිලි කිරීමක්‌ ලබාදීමත්, සමස්‌තයක්‌ ලෙස මේ සම්බන්ධව උනන්දු වන සියලුම ලාංකිකයන්ගේ අවබෝධය වර්ධනය කිරීමත් මෙම ලිපියේ අරමුණු අතර වේ.

DCD යනු කාබන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගේ එකතුවෙන්, කෘතිමව සෑදූ රසායනිකයකි. මෙසේ කෘතිමව නිපදවනු ලබන DCD වල භාවිතය විවිධාකාර වේ. ඒ අතරින් බහු අවයවික කර්මාන්තයේ දී (Polymer Industry) භාවිතා කරනු ලබන මෙලමයින් සංයෝගය සෑදීම (වසර කිහිපයකට පෙර කිරිපිටිවල ඇතැයි හඳුනා ගනු ලැබුවේ මෙම රසායනික සංයෝගයයි) පරිසර දූෂණය පාලනය කිරීමට නවසීලන්තය සහ සත්ත්ව නිෂ්පාදන (විශේෂයෙන් ගව පාලනය) සිදු කරනු ලබන වෙනත් රටවල තෘණ භූමි සඳහාත් භාවිතය, ප්‍රධාන වේ.

තණ බිම්වල දවසේ වැඩි කාලයක්‌ ගත කරන දහස්‌ ගණන් ගවයන් පරිසරයට මුදාහරින මුත්‍රා ප්‍රමාණය (පරිමාව) ඉතා විශාල වේ. මුත්‍රාවලට ආවේණික ගන්ධයක්‌ ඇති බව සියලු දෙනාම දන්නා කරුණකි. මෙම ගන්ධයට හේතු වනුයේ ඇමෝනියා නමැති රසායනික සංයෝගයයි. ඇමෝනියා රසායනික වශයෙන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍යවලින් සෑදුණ සරල සංයෝගයක්‌ වන අතර, එය වායුවක්‌ ලෙස අවට වායු ගෝලයට මුදාහැරීමේදී මුත්‍රාවලට ආවේනික ගන්ධය අපට දැනේ. ඇමෝනියාවල ඇති නයිට්‍රජන් වාතයේ, පොළොවේ ඇති ඔක්‌සිජන් සමග සම්බන්ධවීම විද්‍යාත්මකව ඔක්‌සිකරණය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී ජලයේ අසීමිත ලෙස දියවන නයිට්‌රේට නමැති රසායනික සංඝටකය සහ වායුමය නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් සහ නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් පරිසරයට මුදාහැරේ. මෙසේ මුදාහරිනු ලබන ද්‍රව්‍යමය සහ වායුමය සංඝටකයන් පිළිවෙළින් ජල දූෂණයට සහ වායු දූෂණයට සෘජු ලෙසම බලපාන රසායනික සංයෝග වේ.

තෘණ මගින්, මේ ආකාරයට ගවයන් තුළට DCD ඇතුළු වුවත්, ගවයාගේ බහිස්‍රාවී ද්‍රව්‍ය (ගොම සහ මුත්‍රා) මගින් DCD බැහැරවීමට ඇති ඉඩකඩ වඩාත් වැඩිය. ඒ අනුව ගවයාගේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන්ට ද ඇතුළු වීමෙන් පසු, ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD, පළමුව දියර කිරිවලත්, දෙවනුව කිරිපිටි තුළත් අඩංගුවේ යෑයි සිතීම ප්‍රශ්නාර්ථයක්‌ ගෙන දෙන්නකි.

එසේ නම් ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD කිරිපිටිවල පැවතීමට වෙනත් මාර්ගයක්‌ තිබිය යුතුය. දියර කිරිවල මිල නියම කිරීමේදී, සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන එක්‌ සංඝටකයක පැවැත්මේ ප්‍රමාණය මෙහිදී අවධානයට යොමුවේ. එම සංඝටකය දියර කිරිවල අඩංගු ප්‍රොaටීන ප්‍රමාණයයි. ඒ අනුව ප්‍රොaටීන වැඩි ප්‍රමාණයක්‌ සහිත දියර කිරිවලට වඩා වැඩි මිලක්‌ නියම වේ. ප්‍රොaටීන සෑදෙනුයේ ඇමයිනෝ අම්ල නමැති සරල තැනුම් ඒකක විශාල සංඛ්‍යාවක එකතුවෙනි. සෑම ඇමයිනෝ අම්ල ඒකකයකම පොදු ලක්‍ෂණයක්‌ වනුයේ එහි නයිට්‍රජන් ඒකකයක්‌ පැවතීමයි. ඒ අනුව ප්‍රොaටීනවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය මැන බැලීම, එහි ඇති මුළු ප්‍රොaටීන ප්‍රමාණය පිළිබඳ මිනුමක්‌ වේ. ප්‍රොaටීන මැනීම සඳහා භාවිතා කරන නයිට්‍රජන් ප්‍රමාණය මැනීමේ ක්‍රමවේදයට, කුමන ආකාරයකින් නයිට්‍රජන් කිරිපිටිවල තිබේදැයි (ප්‍රොaටීන නයිට්‍රජන් සහ ප්‍රොaටීන නොවන නයිට්‍රජන්) හඳුනා ගැනීමට හැකියාවක්‌ නැත. ඒ අනුව නයිට්‍රජන් අඩංගු කිරිපිටි සමග හොඳින් ගැලපෙන, ප්‍රොaටීන නොවන වෙනත් ද්‍රව්‍යයකට වුවද, මෙම පරීක්‍ෂණයේදී සත්‍ය ප්‍රමාණයට වඩා ප්‍රොaටීන් ප්‍රමාණය වැඩි ලෙස පෙන්වීමට දායක විය හැකිය.

DCD වල රසායනික ව්‍යqහය බැලූ විට එහි එක්‌ ඒකකයක නයිට්‍රජන් ඒකක හතරක්‌ පවතතී. DCD පහසුවෙන් ජලයේ දියවන, ගඳ සුවඳක්‌ නැති ක්‍ෂණික හානි කර තත්ත්වයක්‌ ඇති නොකරන රසායනික ද්‍රව්‍යයකි. වඩාත්ම අවධානයට යොමු විය යුතු කරුණ වනුයේ, ප්‍රොaටීනවල තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ල ඒකකයක්‌ මගින් නයිට්‍රජන් කොටස්‌ එකක්‌ ලබාදෙන විට, DCD මගින් එමෙන් හතර ගුණයක්‌ ලබාදීමයි. ඒ අනුව කිරිපිටිවල ප්‍රොaටීන අගය වැඩි කිරීමට DCD භාවිතා කළ හැකි සේම, කිරිවල පවතින ස්‌වාභාවික ප්‍රොaටීන වෙනත් වටිනාකමින් වැඩි නිෂ්පාදන සෑදීම සඳහා ඉවත් කරගෙන එම අඩුව සකස්‌ කිරීමට DCD පහසුවෙන් යොදා ගැනීමේ හැකියාව ද බැහැර කළ නොහැක.

කිරිපිටිවල මෙලමයින් රසායනය ඇතුළු කිරීම තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. තෘණභූමිවලට යොදන DCD නිර්ණය කළ හැකි ප්‍රමාණවලින් කිරිපිටිවල අන්තරගතවීම සැක සහිත වුවද, ප්‍රමාණාත්මකව ප්‍රොaටීන පෙන්වීමට, DCD කිරිවලට එකතු කරහොත් (adulteration), ස්‌ථිර වශයෙන්ම නිර්ණය කළ හැකි මට්‌ටමක අගයක්‌ ගැනීම සැකයෙන් තොරව පිළිගත හැකි කරුණකි.

DCD විෂ රහිතද?

DCD වල අහිතකර භාවය පිළිබඳව පවතින කරුණු තවමත් විවාදයට තුඩු දෙන සුළුය. මිනිසුන් සම්බන්ධව සිදු කරන ලද විධිමත් විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් මෙම ලියුම්කරු දන්නා තරමින් සම්පූර්ණත්වයට පත්වී නොමැත. එයට ප්‍රධාන හේතුව වනුයේ DCD මිනිසුන් පාරිභෝජනය කරන ද්‍රව්‍ය සමග ශරීරගත විය හැකි ආකාරයක්‌ සාමාන්‍යයෙන් නොපැවතීමයි. කිරිපිටි තුළින් DCD ශරීරගතවීම මෑතකදී අවධානයට ලක්‌වූ කරුණක්‌ බැවින්, DCD ශරීරයට හානිදායක නොවන අයුරින් ඇතුළත් විය යුතු උපරිම මට්‌ටම තීරණය කිරීමට තවත් කාලයක්‌ ගත වනු ඇත. පැහැදිලි නිගමනයන් නොමැති පසුබිමක, පාරිභෝගිකයන් වශයෙන් අප පිළිගත යුත්තේ DCD පරිභෝජන ද්‍රව්‍යවල නොතිබිය යුතු බවයි. කිරිපිටි සමග හෝ අනෙකුත් ආහාර සමග DCD හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක්‌ මුසුවී ඇතැයි සැක කරන්නේ නම්, එය බැහැර කිරීමට තරම් අප බුද්ධිමත් පාරිභෝගිකයන් විය යුතුය.

DCD ඇති බව ශ්‍රී ලංකාවේ දී නිර්ණය කළ හැකිද?

විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස බැලූ විට DCD ලංකාව තුළදී නිර්ණය කළ හැකිද යන්න මතභේදයට තුඩු දෙන්නකි. විශ්ව ගම්මානයක්‌ බවට ලෝකය හැකිලී ඇති අද වැනි කාලයක ඒ සඳහා තාක්‍ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ නොමැතිවීම පිළිගැනීමට අපහසු කරුණකි. එම අදහස ඇතිව මෙම කරුණ පිළිබඳව සොයා බැලීමේදී ලියුම්කරුට දැන ගැනීමට ලැබුණ තොරතුරු සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි පරිදි මෙහි සඳහන් වේ.

කිරිපිටි නිෂ්පාදනවල DCD අඩංගු යෑයි ප්‍රධාන ලෙසම වාර්තා වූ සමාගම සඳහන් කළේ, DCD නිර්ණය සඳහා අවශ්‍ය ක්‍රමවේදය පරීක්‍ෂණ කටයුතු සිදු කරන කාර්මික තාක්‍ෂණික ආයතනය (පෙර පැවැති ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය - ක්‍ෂීෂR) සතුව නොමැති බවයි. ඒ අනුව ජනමාධ්‍ය තුළින් ඔවුන් සඳහන් කළේ, මේ සඳහා අවශ්‍ය වනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පය සමග සම්බන්ධ වූ ස්‌කන්ධභේද වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීමේ ක්‍රමවේදය බවයි. ඛCරැඵී-ඵී ලෙස මෙය කෙටියෙන් හැඳින්වේ. කාර්මික තාක්‍ෂණ ආයතනය මේ සම්බන්ධයෙන් මේ වන විට භාවිත කරනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පයම වන අතර, එයට සම්බන්ධ වූ පාරජම්බුල/දෘෂ්‍ය වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීම සිදු කරයි. මෙම ක්‍රමවේදයන් දෙක පිළිබඳවම සාමාන්‍ය ජනයාට අවබෝධයක්‌ නොමැත. එබැවින් සැමට අවබෝධ වන ලෙස සරලව පැහැදිලි කරගැනීමට පහත උදාහරණය දැක්‌වීමට අදහස්‌ කරමි.

කොළඹ සිට අනුරාධපුරයට යැමට අවශ්‍යව ඇති කෙනකුට කොළඹ සිට කුරුණෑගල, දඹුල්ල හරහා කැකිරාව දක්‌වා ගොස්‌ කැකිරාවෙන් තලාව පාරට හැරී අනුරාධපුරයට ළඟා විය හැක. තව කෙනකුට මේ අයුරින්ම කැකිරාව දක්‌වා පැමිණ, මරදන්කඩවල හරහා අනුරාධපුරයට පිවිසිය හැක. වායුසමනය කළ බස්‌ රථ මරදන්කඩවල හරහා පමණක්‌ යන බැවින්, මරඳන්කඩවල හරහා යන තැනැත්තාට වායුසමනය කළ බස්‌ රථයකින් අනුරාධපුරයට යා හැකි වන විට, තලාව හරහා යන තැනැත්තාට යා හැකි වනුයේ සාමාන්‍ය බස්‌ රථයකින් පමණි. කෙසේ වුවත් දෙදෙනාටම ගැටලුවකින් තොරව ඔවුන්ගේ ගමනාන්තය වන අනුරාධපුරයට ළඟා විය හැකිය. DCD නිර්ණය කරන ක්‍රමවේදයන් දෙක තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. වායුසමනය කරන ලද බසයක සහ සාමාන්‍ය බස්‌ රථයක ගමන් කරන විට ඇතිවන පහසු අපහසුතා මෙම ක්‍රමවේදයන් දෙක තුළ ද ඇත.

කෙසේ වුවද, විද්‍යාත්මක සහ අන්තර්ජාතික මට්‌ටමින් පිළිගන්නා සත්‍යය නම් මෙවැනි නව පරීක්‍ෂණයක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පෙර එම ප්‍රතිඵලවල නිවැරදිභාවය තහවුරු කරනු පිණිස පරීක්‍ෂණ ක්‍රියාවලියක්‌ සිදු කිරීමයි. මෙම ක්‍රියාවලිය, පරීක්‍ෂණයේ වලංගුභාවය තහවුරු කිරීමේ (Analytical Method Validation) ක්‍රමවේදය ලෙස හැඳින්වේ.

ඉහත සඳහන් කරන ලද ක්‍රමවේදය මගින් DCD නිර්ණය කිරීමේදී, DCD තිබේ නම් එයට අදාළ සංඥවක්‌ (ඡැaන) දැකිය හැක. මෙම සංඥව හඳුනා ගැනීම පිණිස පළමුව DCD වල ප්‍රමාණය ස්‌ථිරවම දන්නා ද්‍රdවණයකින් (Standard Solution) නිශ්චිත ප්‍රමාණයන් උපකරණයට ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව DCD වලට අදාළ සංඥව පෙන්වන ස්‌ථානය සොයා ගනු ලබයි. පරීක්‍ෂාවට ලක්‌ කරන කිරිපිටිවලින්, නියමිත ක්‍රමවේදයට අනුව සකස්‌ කරගන්නා ද්‍රdවණ, සමාන තත්ත්ව යටතේදී වෙන් වෙන් වශයෙන් උපකරණයට ඇතුළත් කරනු ලබයි. DCD වලින් පළමුව සංඥව පෙන්නුම් කරන ලද ස්‌ථානයේම කිරිපිටි මගිනුත් සංඥවක්‌ පෙන්නුම් කරයි නම් එම කිරිපිටිවල DCD ඇති බවට තහවුරු වේ.  කිරිපිටි නිස්‌සාරණයෙන් ලබාගන්නා ද්‍රdවණ වෙනත් බොහෝ සංඥ ලබාදිය හැකි බැවින්, ක්‍රමවේදයේ ඇති සංකීර්ණභාවය පාඨකයා හඳුනාගත යුතුය. කිරිපිටිවල DCD සඳහා ලැබෙන සංඥවේ ප්‍රමාණය, DCD අගය ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණය මගින් ලබාදෙන සංඥවේ ප්‍රමාණය හා සංසන්දනය කිරීමෙන් කිරිපිටිවල ඇති DCD අගය නිර්ණය කළ හැක. ඉහත සඳහන් කළ පරිදි කිරිපිටි සඳහා සංඥ එකකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලැබේ නම් නිවැරදිව DCD තිබේදැයි හඳුනා ගන්නේ කෙසේද?

ඒ අවස්‌ථාවේදී අනුගමනය කරනු ලබන්නේ DCD ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණයකින් කොටසක්‌ DCD අඩංගු බවට තහවුරු වූ කිරිපිටි සඳහා පළමුව එක්‌ කිරීමයි. එමගින් සාදාගන්නා ලද ද්‍රdවණයෙන් කොටසක්‌ පෙර පරිදිම උපකරණයට ඇතුළත් කරනු ලබයි. පළමු DCD සඳහා කිරිපිටි මගින් පෙන්වන ලද සංඥව වඩාත් වර්ධනය වී මෙම අවස්‌ථාවේදී පෙනේ නම් එම කිරිපිටිවල DCD ඇති බව තහවුරු කළ හැක. ආරම්භයේදී DCD නොමැති කිරිපිටි මේ අයුරින් DCD එකතුකොට පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්‌ථානයේ අලුත් සංඥවක්‌ පෙන්නුම් කරයි. ලියුම්කරුට දැනගත හැකි කරුණක්‌ වූයේ කාර්මික තාක්‍ෂණ ආයතනය DCD තහවුරු කරගැනීම සඳහා භාවිතා කොට තිබූ එක්‌ ක්‍රමවේදයක්‌ මෙය බවයි.

කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වූයේ DCD සම්බන්ධ ක්‍රමවේදයේ වලංගුතාව තහවුරු කරනු පිණිස කරන ලද පරීක්‍ෂණවලදී කිරිපිටිවල DCD වලට අදාළ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය  පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බවයි. කිරිපිටිවල DCD වලට සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය යනු එම ද්‍රව්‍ය සෑදීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ආයතනයකින් සාදනු ලබන කිරිපිටි තුළ DCD නිශ්චිත ප්‍රමාණයක්‌ යෙදීමෙන් පිළියෙල කරගන්නා ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් මෙවැනි සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යයක්‌ පිළියෙල කොට භාවිතය සඳහා මුදාහැරීම වසර ගණනාවක්‌ ගතවන ක්‍රියාවලියකි. උදාහරණයක්‌ ලෙස ගතහොත් කිරිපිටිවල අඩංගු මෙලමයින් සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය එළිදැක්‌වූයේ, කිරිපිටිවල මෙලමයින් අඩංගු බව සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසුවය. එබැවින් මෙම ලියුම්කරුගේ අදහස වනුයේ කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය ලබාගැනීමට තවත් වසර කිහිපයක්‌ බලා සිටීමට සිදුවන බවයි. කෙසේ වුවත් කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය පිළිබඳ දන්නා පාඨකයකු සිටීනම් එය අදාළ පරීක්‍ෂණ කටයුතු කරන ආයතනවලට ලබාගැනීමට හැකිවන සේ තොරතුරු ලබාදීමෙන් මෙම සුවිශේෂී ජාතික කාර්යභාරයේ කොටස්‌කරුවකු බවට ඔබට ද පත්විය හැක.

සරත්  මලවිපතිරණ
(කථිකාචාර්ය - සබරගමුව විශ්වවිද්‍යාලය)







notes of imaginary

No comments: