Wednesday, September 25, 2013

Catch me if you can



පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ්ඨර් යුගයෙන් පහල වු දායාදයන්ය. පුංචි රටට මැතිවරණ හතරක් !. මේ පුංචි රටේ හැම වසරේම මැතිවරණයක් නොතිබුනොතින් එය නම් පුදුමයකි.

අවුරුදු තිහක් තිස්සේ ත්‍රස්තවාදියෙකුගේ පාලනයට යටත්ව තිබු කැන්ගරු නීතිය රජකල උතුරට විග්නේෂ්වරම් කෙනෙකු උතුරේ ජනතාව තෝරා පත් කර ගෙන තිබේ.
දකුනේ ජනතාවට මෙන්ම නිදහසේ ( මෙයට  නියම අරුතක් නැත. ) දයාසිරිලා අනුරාධලා  පත්කර ගත හැකිවුවත් ඒ නීතිය යටතේම ඒ ව්‍යවස්ථාව යටතේම උතුරට විග්නේෂ්වරම් කෙනෙක් ස්වාධීනව ( මෙයටත් නියම අරුතක් නැත ) පත්කරගෙන කටයුතු කිරීම අකැප බව දකුනේ ජනතාව සිතන්නේ නම් එහි සාධාරනයක් ඇතියි සිතිය නොහැකිය.

උතුරටත් දකුනටත් එක හා සමානව සිතන්න අපේ රටේ දේශපාලකයන් සහ ආගමික දේශකයන් ඉඩ දෙන්නේ නැති සෙයකි. දකුනේ මෙන්ම උතුරේත් මේ වර්ගයේ ජාතිහිතෛෂින් අපමන සිටිති.අද ඇති සංහිදියාව නොඉවසන සෙයකින්  මේ ජාති හිතෛෂීන්  තම ශ්‍රී මුඛ විවර කරන්නේ වක්කඩ කඩා හැළුවාක් මෙනි.

එකෙකුට දිවුරුම් දීමේ ප්‍රශ්නයකි. තවත් එකෙකුට තවත් ප්‍රශ්නයකි. පවතින විධියට පැවතීමක් නොමැතිව අපි වෙනම පැත්තක යයි කුලල් කා ගන්න යාම මේ පොර කුකුළන්ට නම් විනෝදයකි.

අපිට රට දියුණු කර ගත යුතුයයි සිතා අපේ චින්තනය වෙනස් නොකර ගත හැකිද ?.
සිංහල පමනයි වු දා සිට උතුරත් දකුනත් විරසකවු බව අපට අද අමතකය. “58 පටන් ගත් ගිණි පුපුරු මහ විනාශයක් කර තවමත් නිමී ගොස් නැත. එපමනක්ද නොව භාෂාව නිසා අපට සිදුවු තවත් හෑල්ළුවීම් කොතෙක් ඇත්ද ?
අන්තර්ජාලය  ලෝකයම එක් ගමක් බවට පත්වී ඇත.  මේ යුගයේ අපි සිංහල භාෂාව පමනක්  ඉගන ගත් නිසා තනිවු කොදෙවිවක වාසය කරන හුදකලා මිනිසුන් බවට පත් වී ඇත. මේ  බව හදුනා ගත්  56 දරුවන් කම්පාවෙන් තම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යවන යුගයක අපි අද ජීවත් වෙන බව සිතිය යුතුය.

ත්‍රස්වාදියෙකු හා එක්ව වෙන්ව යන්නට අවුරුදු තිහක් තැත් කරන කල ජනතාවක් එක් වරම අංශක 360ක් ආපසු හැරවිය නොහැක. ඒ සදහා විග්නේෂ්වරම්ලා මෙන්ම දකුනේ ඇත්තෝද ඉවසීමෙන් කටයුතු කල යුතුය.

මම  ස්‌ටීවන් ස්‌පිල්බර්ග් නමැති චිත්‍රපටකරුවාගේ  "Catch me if you can" චිත්‍රපටියේ කතාව අසා ඇත්තෙමි. එය දේශපාලනයට සම්බන්‍ධවු කතාවක් නොවුවත් සංහිදියාව පිලිබදවත් දක්‍ෂතාවයෙන් ප්‍රයෝජන ගන්නට උපක්‍රමශීලි විම පිලිබදවත්  කිසියම් තරමක පණිවිඩයක් දෙන කතාවක්යයි මට සිතුණි.

මෙම චිත්‍රපට කතාව සත්‍ය සිදුවීමක් පාදක කරගත් ජීවමාන චරිතයක් වටා ගොඩ නැගුනකි.
1948 අප්‍රියෙල් මස 27 වැනි දා උපන් ෆ්‍රැන්ක්‌  විලියම් ඇබග්නේල්, වංචාවක් ලෙස නොපෙනෙන අයුරින් ඕනෑම ලේඛනයක අනු පිටපත් සෑදීම, චෙක්‌පත්වල අංක වෙනස්‌ කිරීම. ගුවන් ගමන් ප්‍රවේශපත්වල අනු පිටපත් සාදා එමගින් ගුවන් යානාවල ගමන් කිරීම ඇතුළු වංචා ගණනාවක්‌ කල පුද්ගලයෙක් විය.
ඔහු ව්‍යාජ හැඳුනුම්පත් අටක්‌ සාදාගෙන ගුවන් සේවා අටක නියමුවා ලෙස පෙනී සිටියේ ය. ගුවන් යානයක්‌ පදවන සෑම මොහොතකමපැදවීමට නොදත් නිසා  යානයේ නියමු කුටියේ (cabin) සිට දෙවැනි නියමුවා ලවා   යානය පදවාගෙන යාමට කටයුතු කලේය. මෙම වංචා සහගත කටයුතු කරමින් සිටියත් කල් යත්ම  ඇමරිකන් රහස්‌ පොලිසිය ඔහු  අල්ලා නඩු විසදා හිරේ දැමී ය.
ඔහුගේ දක්‍ෂකම වටහා ගත් එම රහස්‌ පොලිසියේ ම නිලධාරියකු ආණ්‌ඩුවෙන් විශේෂ අවසරයක්‌ ලබාගෙන ඔහු හිරෙන් නිදහස්‌ කර හොර චෙක්‌පත් සහ හොර මුදල් නෝට්‌ටු හඳුනා ගැනීමේ ආරක්‍ෂක උපදේශක නිලධාරියකු ලෙස රහස්‌ පොලිසියේ සේවයට බඳවා ගත්තේ ය.

මේ ස්‌ටීවන් ස්‌පිල්බර්ග්ගේ  "Catch me if you can" චිත්‍රපටියේ කතාවයි. ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල් රජයෙන් විශ්‍රාම ලබා ඇමරිකන් පොලිස්‌ අභ්‍යාස විදුහලේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

අපට නීතියත් ව්‍යවස්ථාවත් ආරක්‍ෂා කර ගෙන සාමයෙන් හා සාමදානයෙන් ප්‍රශ්න වලට විසදුම් සොයමින් ඉදිරියට යා නොහැකිද ?  

  නිතරම මම මගෙන් අසමි.



notes of imaginary