පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, September 25, 2013

Catch me if you can



පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ්ඨර් යුගයෙන් පහල වු දායාදයන්ය. පුංචි රටට මැතිවරණ හතරක් !. මේ පුංචි රටේ හැම වසරේම මැතිවරණයක් නොතිබුනොතින් එය නම් පුදුමයකි.

අවුරුදු තිහක් තිස්සේ ත්‍රස්තවාදියෙකුගේ පාලනයට යටත්ව තිබු කැන්ගරු නීතිය රජකල උතුරට විග්නේෂ්වරම් කෙනෙකු උතුරේ ජනතාව තෝරා පත් කර ගෙන තිබේ.
දකුනේ ජනතාවට මෙන්ම නිදහසේ ( මෙයට  නියම අරුතක් නැත. ) දයාසිරිලා අනුරාධලා  පත්කර ගත හැකිවුවත් ඒ නීතිය යටතේම ඒ ව්‍යවස්ථාව යටතේම උතුරට විග්නේෂ්වරම් කෙනෙක් ස්වාධීනව ( මෙයටත් නියම අරුතක් නැත ) පත්කරගෙන කටයුතු කිරීම අකැප බව දකුනේ ජනතාව සිතන්නේ නම් එහි සාධාරනයක් ඇතියි සිතිය නොහැකිය.

උතුරටත් දකුනටත් එක හා සමානව සිතන්න අපේ රටේ දේශපාලකයන් සහ ආගමික දේශකයන් ඉඩ දෙන්නේ නැති සෙයකි. දකුනේ මෙන්ම උතුරේත් මේ වර්ගයේ ජාතිහිතෛෂින් අපමන සිටිති.අද ඇති සංහිදියාව නොඉවසන සෙයකින්  මේ ජාති හිතෛෂීන්  තම ශ්‍රී මුඛ විවර කරන්නේ වක්කඩ කඩා හැළුවාක් මෙනි.

එකෙකුට දිවුරුම් දීමේ ප්‍රශ්නයකි. තවත් එකෙකුට තවත් ප්‍රශ්නයකි. පවතින විධියට පැවතීමක් නොමැතිව අපි වෙනම පැත්තක යයි කුලල් කා ගන්න යාම මේ පොර කුකුළන්ට නම් විනෝදයකි.

අපිට රට දියුණු කර ගත යුතුයයි සිතා අපේ චින්තනය වෙනස් නොකර ගත හැකිද ?.
සිංහල පමනයි වු දා සිට උතුරත් දකුනත් විරසකවු බව අපට අද අමතකය. “58 පටන් ගත් ගිණි පුපුරු මහ විනාශයක් කර තවමත් නිමී ගොස් නැත. එපමනක්ද නොව භාෂාව නිසා අපට සිදුවු තවත් හෑල්ළුවීම් කොතෙක් ඇත්ද ?
අන්තර්ජාලය  ලෝකයම එක් ගමක් බවට පත්වී ඇත.  මේ යුගයේ අපි සිංහල භාෂාව පමනක්  ඉගන ගත් නිසා තනිවු කොදෙවිවක වාසය කරන හුදකලා මිනිසුන් බවට පත් වී ඇත. මේ  බව හදුනා ගත්  56 දරුවන් කම්පාවෙන් තම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යවන යුගයක අපි අද ජීවත් වෙන බව සිතිය යුතුය.

ත්‍රස්වාදියෙකු හා එක්ව වෙන්ව යන්නට අවුරුදු තිහක් තැත් කරන කල ජනතාවක් එක් වරම අංශක 360ක් ආපසු හැරවිය නොහැක. ඒ සදහා විග්නේෂ්වරම්ලා මෙන්ම දකුනේ ඇත්තෝද ඉවසීමෙන් කටයුතු කල යුතුය.

මම  ස්‌ටීවන් ස්‌පිල්බර්ග් නමැති චිත්‍රපටකරුවාගේ  "Catch me if you can" චිත්‍රපටියේ කතාව අසා ඇත්තෙමි. එය දේශපාලනයට සම්බන්‍ධවු කතාවක් නොවුවත් සංහිදියාව පිලිබදවත් දක්‍ෂතාවයෙන් ප්‍රයෝජන ගන්නට උපක්‍රමශීලි විම පිලිබදවත්  කිසියම් තරමක පණිවිඩයක් දෙන කතාවක්යයි මට සිතුණි.

මෙම චිත්‍රපට කතාව සත්‍ය සිදුවීමක් පාදක කරගත් ජීවමාන චරිතයක් වටා ගොඩ නැගුනකි.
1948 අප්‍රියෙල් මස 27 වැනි දා උපන් ෆ්‍රැන්ක්‌  විලියම් ඇබග්නේල්, වංචාවක් ලෙස නොපෙනෙන අයුරින් ඕනෑම ලේඛනයක අනු පිටපත් සෑදීම, චෙක්‌පත්වල අංක වෙනස්‌ කිරීම. ගුවන් ගමන් ප්‍රවේශපත්වල අනු පිටපත් සාදා එමගින් ගුවන් යානාවල ගමන් කිරීම ඇතුළු වංචා ගණනාවක්‌ කල පුද්ගලයෙක් විය.
ඔහු ව්‍යාජ හැඳුනුම්පත් අටක්‌ සාදාගෙන ගුවන් සේවා අටක නියමුවා ලෙස පෙනී සිටියේ ය. ගුවන් යානයක්‌ පදවන සෑම මොහොතකමපැදවීමට නොදත් නිසා  යානයේ නියමු කුටියේ (cabin) සිට දෙවැනි නියමුවා ලවා   යානය පදවාගෙන යාමට කටයුතු කලේය. මෙම වංචා සහගත කටයුතු කරමින් සිටියත් කල් යත්ම  ඇමරිකන් රහස්‌ පොලිසිය ඔහු  අල්ලා නඩු විසදා හිරේ දැමී ය.
ඔහුගේ දක්‍ෂකම වටහා ගත් එම රහස්‌ පොලිසියේ ම නිලධාරියකු ආණ්‌ඩුවෙන් විශේෂ අවසරයක්‌ ලබාගෙන ඔහු හිරෙන් නිදහස්‌ කර හොර චෙක්‌පත් සහ හොර මුදල් නෝට්‌ටු හඳුනා ගැනීමේ ආරක්‍ෂක උපදේශක නිලධාරියකු ලෙස රහස්‌ පොලිසියේ සේවයට බඳවා ගත්තේ ය.

මේ ස්‌ටීවන් ස්‌පිල්බර්ග්ගේ  "Catch me if you can" චිත්‍රපටියේ කතාවයි. ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල් රජයෙන් විශ්‍රාම ලබා ඇමරිකන් පොලිස්‌ අභ්‍යාස විදුහලේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

අපට නීතියත් ව්‍යවස්ථාවත් ආරක්‍ෂා කර ගෙන සාමයෙන් හා සාමදානයෙන් ප්‍රශ්න වලට විසදුම් සොයමින් ඉදිරියට යා නොහැකිද ?  

  නිතරම මම මගෙන් අසමි.



notes of imaginary

Saturday, September 21, 2013

භෞත චිකිත්සක ප්‍රතිකාර


භෞත චිකිත්සාව බටහිර වෛද්‍ය කර්මයේදී  සිරුරට බාහිරින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙදයකි. ආයුර්වේදයේද මීට සමාන ප්‍රතිකර්ම විධි සිදු කරන අතර ඒ සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් අතර විශාල වෙනස් කමක් දක්නට ලැබේ. ආයුර්වේදයේදී තෙල් වර්ග බාහිරින් අලේප කරමින්   ශාක ඹෟෂධ රෙදිකඩක පොට්ටනියක් කර උනුසුමින් තැවීම සහ ඹෟෂධීය පත්තු බැදීම වෙනුවට  බටහිර වෛද්‍ය කර්මයේදී ආලෝකය ,විද්යුතය, සදහා නවීන විදුලි උපකරන යොදමින් සිරුර උනුසුම් කිරීමත්  ව්‍යයාමයත්  උපයෝගී කරගනි.


මෙම වියමනේ උත්සහාය  බටහිර වෛද්‍ය කර්මයේදී භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීම පිලිබද තොරතුරු  සංක්‍ෂිප්තව පලකිරීමය.

සිරුරට භෞත චිකිත්සා ප්‍රතිකාරයන් සදහා  යොදා ගන්නා ක්‍රමවේදයන්   
       උඩුකුරු  තෙරපුම
        ගුරුත්‍වාකර්ෂණය
        විද්‍යුතය
        ශබ්දය
        ව්‍යායාමය
ලෙස සරලව  කාණ්ඩ කර දැක්විය හැකිය.
භෞත චිකිත්සා ප්‍රතිකාර   වයස් සීමාවකින් තොරව ළදරු වියේ සිට වියපත් විය දක්වා යොදා ගනු ඇත. 
මෙම ප්‍රතිකාර මගින් ඹෟෂධ බාවිතයෙන් තොර නිසා සාංකූලතා ඇතිවන්නේ නැත. ස්නායු රෝග , විකලාංග රෝග, රක්තවාත රෝග, ළමා‍ රෝග .්‍රීඩාවන් නිසා සිදුවන  අනතුරු ,ශ්වසන හා හෘද රෝග, සහ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවන සිරුරේ වේදනා  සුව කිරීමට භෞත චිකිත්සා ප්‍රතිකාර   වලින් සිදුකරනු ලැබේ.
රීරික  සුවතාවය පවත්වා ගැණිමට භෞත චිකිත්සාවෙන් නිවරදි උපදේශක‍්‍තවයක්   ලබා ගත හැක.භෞත චිකිත්සා ප්‍රතිකාරයන්හී මුලික අරමුණු  වන්නේ  සිරුරේ මාංශපේශී ශක්තිමත් කිරීම , සන්දි වල චලන සමායෝජනය  හා චලන    පරාසය ඇතිකිරීම , බර දරාගැනීම හා සමබරතාවය දියුණු කිරීම, ස්ථුල බව අඩුකිරීම , වේදනාව අඩුකිරීම , ශ්වසන පහසුව ඇති කිරීම , ඇවිදීම පුහුණු කිරීම (විකලාංග සහ අංශබාග රෝගින්ට) .වැඩිහිටි පුද්ගල සාංකූලතා 

 සාංකූලතා ඇතිවන්නේ නැත
අවම කිරීම.සහ ශරීර සුවතාවය රැකීම හා පවත්වා ගෙන යාම වැනි කරුණු සාක්‍ෂා කරගැණිමය
භෞත චිකිත්සක වෘත්තීයවේදීන් වෙත යොමු කිරීමෙන් පහත සදහන් ළමා රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර ලබාගැණිමට හැකිය.
මාස 4 5  : හිස කෙලින් නොතිබීම
මාස 6-7      : තනිව නොපෙරලීම
මාස 9- 12   :තනිව වාඩි නොවීම
මාස 12 වැඩි            : අල්ලා ගෙන නොනැගිටීම
මාස 16 -24             : ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි වීම
 උපතේදී හා ළඳරු අවධියේ
        බෙල්ලේ ගැටිත්තක් තිබීම
        එක් අවයවයක (පාද, අත්) චලනය දුර්වල වීම
        සන්ධියක චලනය දුර්වල වීම
        සන්ධිවල ඉදිමුම රත්පැහැ ගැන්වීම
        උපතේදී ඇති වන අපස්මාරය
        මාංශ පේශීවල අසාමන්‍ය තද ගතිය හෝ ලිහිල් බව
 
නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
 

 ළමා කාල‍යේ දක්නට ලැබෙන රෝග
        හැසිරීමේ අසාමාන්‍ය තත්වයන්
        මුහුනේ මාංශ පේශීවල විකෘති තත්වයන්
        කොඳු ඇට පෙල ඇදවීම
        ඇවිදින විට දිස්වන අස්වාභාවික බව
Ø   පාදවල ඇදයක්
Ø  සන්ධි ගැටීම
Ø  කකුල කතිර ආකාරයෙන් තැබීම
Ø  ඇගිලි වලින් ඇවිදීම
Ø  පාදයක් කෙටිවීම
Ø  දනිස් පසුපසට නැමීම

භෞත චිකිත්සාවේ ප්‍රතිඵල සාර්ථක වීමට නම් ...
       ප්‍රතිකාර සඳහා යොමු වීම
        සායන වලට නියමිත ලෙස සහභාගීවීම
        ඇගයීම
        රෝගියා සමඟ අවබෝධයක් දැනුවත්බවක් ඇති     පුද්ගලයෙක් සායනය වලට සහභාගී වීම
        නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
        ආධාරක භාවිතය
        වෘත්තීයවේදීන්ගෙන් හැර අනෙක්  උපදෙස් පිලි නොපැදීම


බලන්ගොඩ  රෝහලේ භෞතවේදී චිකිත්සක ඊ.එම්.එස් ඩී. එදිරිසිංහ මහත්මියගේ දේශණයක් ඇසුරෙනි.





notes of imaginary

Thursday, September 12, 2013

තොටුපල අයිනේ - වික්ටර් රත්නායක




තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ .
කවුද අතවනන්නේ  - තොටුපල අයිනේ
තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ
කවුද අතවනන්නේ -  තොටුපල අයිනේ

හැන්දෑවරුවේ  - ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙවනේ
හබල බිදීලා -----------------
හබල බිදීලා  - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපල අයිනේ - කවුද අතවනන්නේ
 
ආ මග අදුරේ -  පෙරමග එගොඩින්
තරු යුවලක්  දිළිහේ
ඔරුකද ඇතුලේ ------------------
ඔරුකද ඇතුලේ නුපුරුදු සුවදක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපල අයිනේ - කවුද අතවනන්නේ

තොටුපල අයිනේ------------------------------- - කවුද අතවනන්නේ
කවුද අතවනන්නේ තොටුපල අයිනේ



notes of imaginary

Tuesday, September 03, 2013

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී - ඈ මට හමුවූවා.....


 197 6 වගේ කාලේ ඉදන් ගුවන් විදුලියෙන් අහපු විශාරද  සනත් නන්දසිරි  ගයන මේ ගීතය  මාස  දෙකක්  විතර කාලයක් ඩෙස්ක් ටොප් එකේ තියාගෙන බලා හිටියා.
ගිතය ඩෙස්ක් ටොප් එකට එන්නත් හේතුවක් ඇතිවෙන්නත් එපාය.  මේ කියන දවස් වල මට නුවරඑළියේ දවස් දෙකක කාලය මරන්න අවස්ථාවක් ලැබුනා.  වියපත් බව ආදරයෙන් පිලිගත්ත මට මේ ගමන අලස බවින් ගත කරන්න ඇත්නම් හොදයි නේද කියලයි හිතුනේ. ඒ බව මගේ පිරිසට පැහැදිලි කර දෙන්න පුළුවන් වුනා. විවාදයකින් තොරවම  මාව තනිකර  දමලා අනෙක් පිරිවර රිසි රිසි පරිදි විනෝද වෙන්න  මගෙන් වෙන්වුනා

නවාතැනින් පිටත් වුන මම වැව පේනමානයේ  තණ නිල්ලේ බංකුවකට වාරු වුනා. පරිසරය මගෙන් බොද වෙලා ගිහින් මම අතීතයත් වර්මානයක් අතර දෝලනය වෙමින් කාලය ගෙවා දමමින් සිටියා. දු දරුවන් සමග පැමිනි එක් නුවරඑළි සංචාරයකදී  බිරියන්ට හොරෙන් ඇග රත්වෙන්න යමක්  බොන්න අදහස් කර  මගේ මිත්‍රයෙකුටත් මටත් වු අලකලංචියක්  මතකයට ආවා.

 ඒ දවස් වල  “ සිලෝන් බෘවරි සමාගමේ 5% හේ නිෂ්පාදන උනු උණුවේම ගන්න පුළුවන් අවුට්ලට් එකක් නගරයේ තිබුනා අපි දෙන්න කෑන් එකක් අරගෙන ලීටර් තුනක් පුරවගෙන සැරවෙන්න කියලා 33% ඇල්කොහොල් මිලි ලීටර් 750ක් ඒකට එකතු කලා . අපි දෙන්නට අවසර පත් නිකුත් කරලා තිබුනේ උපරීම මධ්‍යසාර සංයුතිය  5%ට වඩා  අඩු පානයක් ගන්න විතරයි.  අපි හොරට මේ මිශ්‍රණය ගෙනත් 5% ඒවා කියලා දැන් ටික ටික බොනවා. පැය දෙක තුනක් මේ වැඩේ කර කර ඉන්න කොට දෙන්නටම යකා ගැහුවා වගේ ෆීල්ඩ් එකෙන් අවුට් වෙන්න වුනා. මතක තියෙන කාලයක් යනකමම් අපි දෙන්නට   අපේ  ගෙවල් වල ඉන්න වුනේ කනේ මූඩි ගහගෙන වහලේ වවුලෝ වගේ එල්ලිලා.

මතකය මේ වගේ දේවල් අතර එහාට මෙහාට යමින් කාලය ගෙවිලා ගියා. මට ඔච්චමක් කරමින් මාව පසු කර ගෙන ගිය කෙල්ලෝ කොල්ලෝ රොත්තක් සමග සිටි නඩයක නඩේ ගුරා කියලා හිතන්න පුළුවන් මහල්ලෙක්  නතර වෙලා මා දිහා බලා ගෙන  විමසිල්ලෙන් ඉන්නවා. 
බලනා බැල්මට මම හිතුවා අදුරන මුණක් කියලා. මම අතීතයේ පත්ලට ගිහින්   ජීවිතය පෙරා ගෙන තන නිල්ලට ආවා. මම  හදුනා ගන්නත් ඉස්සරම  ඔහු  මගේ කොන්ඩයට ඩයි පාරක් දාලා මූනත් මේකප්  කරලා  ලගට ඇවිත් “මචාං උඹ.....................?. මම විශ්වා . විශ්වපාල ”   ප්‍රශ්නයක් එක්ක උත්තරයක්  දුන්නා .

අවුරුදු හතලිහකට විතර අවසාන වරට දැක්ක  විශ්වා පරණ මිත්‍රත්වය තහවුරු කරලා  උගේ නඩේට ඕන තැනක ඇවිදලා මෙතෙන්ට ආපහු එන්න නැත්නම් ඉන්න තැන කියලා කෝල් එකක් දෙන්න කියලා අණ කලා.   මගේ අලස විවේකයට පරමාණු බෝම්බයක් වැටුනා.

 අපි අවුරුදු හතලිහක් ජීවිතය කාල් ගාමින් උඩු යටිකුරු කර  යලි යලි විමසන්න පටන් ගත්තා. කාලය අපිටත් හොරා ගෙවිලා ගියා සෝඩා ලිටර් දෙකක්  43% ක සැර බාලකරමින් කතාබහ ඇදී ගියා.  අවුල්පත් වලින් බඩ පිරුනා. අද ඔහුත් සමග පැමිණ සිටියේ අපි ඒ දවස්වල විශ්වාගේ ගමන් සගයා කියලා හිතාපු කෙනා නෙමෙයි. “කෝ මචං උ‍ඹේ පරණ කෑල්ල ?. ” මට ප්‍රශ්ණයක් වුනා.ගැටවර වියේ  අවුරුදු දහයක් විතර  ඉදන් විශ්ව විද්‍යාල ජීවිතේ පහු කර ගෙන සමාජයත් එක්ක ගැටෙන කම් උඹත් එක්ක හිටපු කෑල්ල මම තව විස්තර කලා. 

“ඒකී ගියා බන්.” “පුංචි කාලේ අපිට ජීවිතේ තේරෙන්නේ නෑ. ජීවත් වෙන්න හදන කොටයි ජීවිතේ තේරෙන්නේ. ඒකිට ඒක මට කලින් තේරුම් ගියා .මට ‍තේරුම් ගියේ  ඒකිට තේරිලා ටික දවසක් ගියාට පස්සේ !. විශ්වා නෙනැවතී  දාර්ශණික අදහසක් වමාරනවා. ප්‍රථම ප්‍රේමය මේතරම් හෑල්ලු වෙන්න පියබද කොයිතරම් විශ්වාට සමීපද කියලා ජීවිතය කිරන්න උවමනාවක් මට ඇතිවුනා. 

මම ජීවිතේ තේරුම් ගත්තේ අර රොත්තත් එක්ක මුණුපුරු මිණිපිරියන් පිරවරා ගෙන ගිය ඈ හමුවුනාට පස්සේ !.

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
ඈ මට හමුවූවා.....

සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
ඈ මට හමුවූවා.....
ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී....

රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී....//
හිරු අවරට ඇදුනා..
පාළුව තනිකම රජයන විටදී....//
ඈ මට හමුවූවා....

සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී....//
රහසක් මට කීවා..
සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී....//
ඈ මට හමුවූවා....

ඇවිලුනු ගිනිදැල්....//

විශ්වා ඒ අතීතයෙන් මිදිලා වර්තමානය දරු මුණුපුරන් ගැන කතා කරනවා මම අහගෙන ඉන්නව. පිරිස ගෙන් විශ්වාට පණිවිඩයක් ලැබෙන කම් .විශ්වා ගෙන් සමු අරන් මගේ තාවකාලික නවාතැනට යන්න. 

නුවරඑළියට ගලන මීදුමත් එක්ක ඉරත් බස්ණාහිරට සේන්දු වෙනවා. 



notes of imaginary