පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, August 26, 2013

කප්රුකවු පොල් .

පලාත් සභා මැතිවරණය නිසා පොල් කලාපයේ මේ දිනවල මරයුද්ධයකි .අපි දේශපාලනඥයින්ගේ අමන ක්‍රියාකාරකම් සදහා පිළිතුරු සොයන්නේ කෝච්චිය ගිය පසු  ගිය කෝච්චිය ගැන සිතමිනි. කමේ කතාව පලාත් සභා මැතිවරණය ගැන නොවේ. එලොව පොල් පෙනෙන පොල් වල මිළ ගනන් ගැනද නොවේ.පොල් ත්‍රිකෝණයේ උපත ලබා රට පුරා යන ‍පොල් ගෙඩිය ගැන අද මීදුම දෑස් යොමුවේ.
පසුගිය දිනක මීදුම දිවයින පුවත් පතේ   පොල් වතුර ගැන පලවු ලිපියක් කියවමින් සිටියේය .  එම ලිපිය ත් කියවමින් ඉතිරිවු මතක සිතේ තබා කරන මෙම වියමන මෙතැන් සිට කියවන්න.

දිනකට අපේ මුළුතැන් ගෙවල් වලින් පොල් වතුර ලීටර් 50000ක් කාණුවට හලන බව එම ලිපියේ කියවිනි. මේ කතාව කියන්නේ පොල් සංවර්ධණ මණ්ඩලයයි.පොල්වතුරෙ පල ප්‍රයෝජන ගැන කියවන්න
පොල් ගසේ  මුල්  උපත  ශාන්තිකර දුපත් වල බව මෑතදී කළ ඩී එන් ඒ පරීක්‍ෂණ වලින් පැහැදිලි වෙයි. ආසියාතිකරයට පැතුරුන පොල්  වගාව  අද වානිජ වගාවක් බවට පත්වී තිබේ. ඉන්දියාව,බුරුමය,තායිලන්තය,ඕස්ට්‍රේලියාව,කාම්බෝජය,මැඩගස්කරය,ජැමෙයිකා,ටැන්සානියා මලයාව පිලිපීනය සහ ශ්‍රී ලංකාව  යන රටවල  වානිජ වශයෙන් පොල්  වවන රටවල් වේ.
බටහිර ජාතීන් මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද දැන නොසිටි බව අපට සිතිය හැක. එසේත් නැති නම් . අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග වැනි නිෂ්පාදන සදහා  අපේ රටේ වෙළද පොලක් ඇති කර ගැණිමට පොල් වගාව පිළිබදව ප්‍රවර්ධණයක් නොකලා විය හැක. අපද පිට රට දේ මහත් ගෞරවයෙන් වැළද ගන්නා හෙයින් පොල් වලට වඩා ආනයණික නිෂ්පාදන වලට ඇළුම් කලාද විය හැක.


කප්රුක.

අප විසින්  පොල් ගසින් කිසිදු කොටසක් ප්‍රයෝජනයට නොගෙන විසිකරදමන්නේ නැත . ඒ නිසාදෝ පොල් ගස කප්රුකක් ලෙස හැදින්වීමට අපේ ඇත්තෝ හුරුවී ඇත. පොල් ගසේ විවිධ කොටස් අප විවිධ අන්දමින් ප්‍රයෝජනයට ගනිමු .පොල්  ගෙඩියක් ගතහොත් මදය කොප්පරා ,පුන්නක්කු,පිසීමට ගන්නා පොල්කිරි, පිසීමට ගන්නා තෙල්  , හිස ගැල්විමට ගන්නා සුවද කරන ලද තෙල් ,සුවඳ සබන්,ෂැම්පු, බිස්කට්, සහ කේක් නිෂ්පාදනයට ගන්නේය. ලෙල්ල පොල් කෙඳි ආශ්‍රීතකොහු කර්මාන්තයයේ ලණු,කඹ,බුරුසු .වර්ග,කොහු ලණු පැදුරු, සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ යොදවා ගනු ලැබේ.පොල් කද  දැවමය අවශ්‍යතා උදෙසා ද පොල් අතු පොල් අතු වියා සකස් කර නිවාස වහල ආවරණය සදහාද යොද ගනු ලැබෙන්නේය. පොල් ඉරටු ඉදල් නිෂ්පාදනය සඳහා සහ  විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. පොල් මල විනාකිරි ,.පැණි,හකුරු, සහ මධයාසාර ආග්‍රීත නිෂ්පාදන සදහා යොදා ගනු ලැබේ. පොල් කටුව හැදි,බොත්තම්, සක්‍රීය කාබන් සහ මදුරු දඟර නිෂ්පාදනයේ යොදා ගනු ලැබේ.




ශ්‍රී ලංකාවේ පොල්.
ශ්‍රී ලංකා ඉතිහාසයේ   පොල් සම්බන්ධයෙන් මුල්වරට  කියවෙන්නේ වාර්තා  ක්‍රි.පු. 03 වැනි සියවසේදී ඉන්දීය රජු වු  චන්‍ද්‍රගුප්ත වෙත ගිය රාජ දූතයෙකුගෙනි.  ක්‍රි. ව. 5 වන සියවසේ සිට පොල් ගස්  ශ්‍රී ලංකාවේ තිබු බව ඓතිහාසික මුලාශ්‍රයන්හී සදහන්ය.  1658 වර්ෂයේ පොල් වගාවක් වශයෙන් පවත්වා ගෙන ගිය බව  පළමු වරට සඳහන්  වේ. 1670 වර්ෂයේ ලංදේසීහු මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. ලංදේසීන්ගෙන්  පසු බලයට පත්  ලබා  බ්‍රිතාන්‍යයෝ වෙරළබඩ ප්‍රදේශයේ මෙන්ම රට අභ්‍යන්තරයේ බස්නාහිර සහ වයඹ පළාත්වල පොල් වැවීම ආරර්‍මභ කළහ.1860 දී පොල් අක්කර 25,0000 පමණ වගාවක් අප රට සතුව තිබී 1902 වන විට අක්කර 85,0000 පමණ දක්වා වගාව ව්‍යාප්ත විය. ඉංග්‍රීසින්ගේ සහ ලන්දේසින්ගේ සමයේ පොල් ගෙඩි, කොප්පරා , පොල්තෙල් ,වියලන ලද පොල්,  කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍යයන් විය.
පොල් වගාව නිසා නිෂ්පාදනය සැකසුම් කිරීම හා අලෙවිය යන අංශ වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහස් ගණනකට රැකියා සැළසේ. හෙක්ටයාර් මිලියන0.44ක ප්‍රදේශයක් තුළ වසරකට පොල්ගෙඩි බිලියන 2-3ක දක්වා නිපදවෙන අතර ඒ භුමි ප්‍රමාණයෙන්74%ක් අක්කර 20ට අඩු කුඩා ඉඩමිය ව්‍යාප්තිය පොල් ඉඩම් වලින් 65%-70% දක්වා ප්‍රමාණයක් කුරැණෑගල පුත්තලම ගම්පහ සහ කොළඹයන දිස්ත්‍රික්ක වල පොල් ත්‍රිකෝණයට සීමා වී තිබේ

 පොල් තෙල් ආහාරයට එක් කිරීමෙන් අපට වැදගත් වනරෝගාබාධ වලක්වා ගත හැකි අන්දම පහත දක්වන වගුවේ සරලව දක්වමි. මෙකල ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග අලවි කර ගැණිමට කරනු ලබන වානිජ ප්‍රචාරණයන් නිසා ජනතාව කොතෙක් දුරට නොමග ගොස් ඇත්දැයි සිතීමට එය අත්වැළකි.
1.      ප්‍රතික්ෂා රෝග, එඩ්ස්,චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි
2.      බැක්ටීරිය විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්‍රාශ ප්‍රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, නියුමෝනියාව හා උපදංෂය වැනි රෝග වලක්වයි.
3.      පටි පණුවන්, උකුණන් සහ අනෙක් පරපෝෂිත සත්වයන් එලවා දමයි.
4.      බාහිර හා ශක්තිය ලබාදෙන ආහරයක් වේ.
5.      ආහාර දිරවීම හා පෝෂන ද්‍රව්‍ය උරා ගැනීම පහසු කරයි.
6.      ඉන්සියුලින් වැඩි කර ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
7.      අග්න්‍යාශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.
8.      දියවැඩියාවෙන් ඇති සෞඛ්‍යමය අසාදන අවම කර ආසාදනයන් මුදා හැරීමට උදව් කරයි.
9.      කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ.
10.  ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.
11.  මහා බඩ වැලෙහි ඉදිමීම්, බඩේ අමාරු වැනි ආසාදන වලක්වයි.
12.  පටක වල උපශමනය හා නැවත සකස් කීරිමට උපකාරී වේ.
13.  ප්‍රතිශක්ති පද්ධතිය සදහා උපකාර හා අධාර ලබාදේ.
14.  මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි.

15.  කොලොස්ටරොල් ප්‍රතිශතය වැඩි කර හදවත් රෝග වලින් ඇතිවන අවදානම අඩු කරයි.



notes of imaginary

No comments: