පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, July 29, 2013

මන්තිරි යළිත් එද්දෙන් අප සොයා ගෙන







චන්දය ලබාගන්නට පළමුව
අටුවේ
වී ටික බිමට දී ලැග කොහු ලණු     
පුටුවේ
කළයෙන් නමාගෙන දිය බී පොල්     
කටුවේ
රද මැතිතුමා නැහැ අප ඉන්පසු 
දුටුවේ

මුලුගම රැවට වූ අලි බොරු කියා 
ගෙන
බෙල්ලකු වගේ පසුවෙන කට පියා 
ගෙන
මන්තිරි යළිත් එද්දෙන් අප සොයා 
ගෙන
එලවමු ඉපල් මිටි බැඳ දුර තියා 
ගෙන

- පී.බී.අල්විස් පෙරේරා.

1 comment:

රතීගේ දිනපොත said...

අනිවා මේ ඡන්දෙ ඉල්ලන්න එන උන් පහුගිය කාලේ දුන්න, ඒත් ඉටු නොකරපු බොරු පොරොන්දු මතක් කර කර ගහන්න ඕන එලව එලව..