පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 18, 2013

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි










හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.

කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු  රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ 
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා 
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්  සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ 
 පුපුරන මනසේ කකියන පැතුමයි 
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ............................... සුවද නොවේ.











notes of imaginary

No comments: