පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 04, 2013

සරසවියක මඩවනවා...........


සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන්  බදුල්ල - කොළඹ ඒ 04 ්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං සංදිය) අවහිරවනසේ මග හරස් කර උපවාසයක් අරඹා ප්‍රධාන මාර්ගය හරස් කරමින් වි‍රොධතාවයක් පැවත්වීය.

පැය පහ හමාරක් පමණ වේලාවක්  මගී ජනතාව , සහ වාහන    අත්අඩංගුවට ගෙන සිසුන් කටයුතු කලේ ඔවුනට සරසවි පාලකයින්ගෙන් සිදුවුවායි පවසන ආසාධාරනයනට වගකිව යුත්තේ  මගී ජනතාව යයි සිතා විය හැක.
නැත්නම් ඔවුනට උපවාස කරන්නට සත්‍යග්‍රහ කරන්නට සුදුසු ක්‍රිඩාපිටි එළිමහන් භුමි ඔනෑවටත් වඩා සබරගමුව විශ්ව විද්‍යාලය සතුය.මේ රටේ පාලකයින්ට විරුද්ධවන උද්ඝොෂකයේ බොහෝ දෙනා කිසිවකටත්  අදාල නැති ජනතාව පීඩනයට පත්කරන්නේ ඔවුන් ලවා තම ගැටළු ලිහා ගත හැකිවේයයි සිතා විය හැක.


මෙම ක්‍රියාදාමයට ප්‍රතික්‍රියා දක්වන පොලීසිය සිසුන්ගෙන් මාර්ගය මුදවා ගැණිමට සාම සාකච්ඡා පවත්වා ඉන් ප්‍රතිපල අත්නොවු තැන අවම බලය යොදන්නේය. කදුළු ගෑස් බැටන් පොළු  දඩු මුගුරු වලින් යුද්ධය අරඹා සිසුන් රෝහල්වලට ඇතුලත් කර තමුනුත් රෝහල් ගතවෙන්නේය.
ප්‍රශ්නය අවසන් වන්නේය. සිරකර සිටි මගී ජනතාව දවසක වැඩ කටයුතු කඩාකප්පල් කරදමමින් නිදහස් වන්නේය. මේ අපේ රටේ විරෝධතාවල ස්වභාවය යි.

සබරගමුවේ සිසුන්   තම ආචාර්යවරුන්ගේ වාහන කුඩු වෙන්න ගල් ගසන්නේත් නිවාස කුඩුපට්ටම් කරන්නේ   ගුරුවරුන්ට ඇති   ගුරු ගෞරවයනිසාය. ඒතරමටම ගුරු ගෞරවය  රකින වීනිත සිසුන් නිසාය.පාසලක සිටියත් පූජණිය ස්තානයක සිටියත් විශ්ව විද්‍යාලයක සිටියත් ගුරුවරුන් ගුරුවරුය.
විශ්ව විද්‍යාල  පාලණාධිකාරිය මතු බුදුවන මෛත්‍රීය බුදුන් දැක නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන සැදැහැවත් පාලකයෝය.සිසුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමන්නට තරම් කාරුණිකය.කාටුනය බලන්න.

ඉදින් කවර කතාද ?.


notes of imaginary

1 comment:

Anonymous said...

Have you ever gone to a university for study?