පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, May 21, 2013

සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල - රෝහන බැද්දගේ.




රෝහන බැද්දගේ මහතා  හොරන තක්‍ෂිලාවේ  උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම  යාමෙන් පසුව එක් දිනක් බදුල්ල -පානදුර බස්රථයකදී  එතුමා සමග ගමන් යන කුඩයත් බුලත් මල්ලත් සමග යලිත් අහම්බයෙන් මුණගැසිනි. “ සර් මොකද මේ ?.  “මම දැන් මොණරාගල ස්කෝලෙක උගන්වනවා .”හැත්තෑවේ දශකයේ අග භාගයේ ඇතිවු දේශපාලන විපර්යාසය එතුමා හොරණ සිට මොණරාගලට විසීකරන්න ඇතැයි මම එදා සිතුවෙමි.එතුමා අප තක්‍ෂිලාවේ සිටි අවධියේ නිර්මාණය කල පාසල් නාට්‍යය සමස්ථ ලංකා මට්ටමේ පලමු පෙල ජයග්‍රහණයයන්ට උරුම කම් කිවය. හොරණ තක්‍ෂිලාවත් - විද්‍යාරත්නයත් තරගයට මෙන් කරන ලද නිර්මාණ එදා සමස්ථ ලංකා මට්ටමේ කතාබහට ලක්විය. මගේ මතකය නිවරදි නම් තක්‍ෂිලාවේ “අලකලංචිය “ විද්‍යාරත්නයේ “සුදු ඇතා ආවාට පස්සේ “එදා බොහෝ කතාබහට ලක්වු නිර්මාණ විය.

අදත් වේදිකාවේ නම කියවෙන හැත්තෑවේ දශකයේ බිහිවු නාට්‍යකරුවන්  , නිර්මාණකරුවන්  මේ පාසල් නාට්‍යදෙක සහ මව්වරුන් වු බව සදහන් කල යුතුමය. මා දශක හතරකට ආසන්න කාලයක්  තිස්සේ මේ සුන්දර ගැමි කටහඩට  පෙම් බැන්දේය.

notes of imaginary

5 comments:

Dayal Bathee said...

ජෝ අබේවික්‍රමගේ රඟ පෑම් අප මේ රටේ පුරවැසියන් බව අපට පසක් කලේ යම් සේද රෝහන බැද්දගේ ගායනා ද අප මේ රටේ පුරවැසියන් හා අපට උරුම වූ සරල ජීවන රටාවකට උරුම කම් කියන්නන් බැව් අපට පසක් කලේය.

එතුමා නිදුක් නිරෝගී වෙත්වා!

Unknown said...

රෝහණ බැද්දගේ මහතාගේ පලිඟු මැණිකේ,කන්දේ ගෙදර වගේ නාට්‍ය මම 2-3 පාරක් බලල තියෙනවා. එත් අපහු උනත් බලන්න පුළුවන් කිසිම හිරිකිතක් නැතිව(දැන් හැදෙන මෙගා ටෙලෙනාට්‍ය වගේ නෙමයි..). අපේ රටේ බිහිවෙච්ච දක්ෂ කලාකරුවෙක්.. එතුමාට දිර්ගායුෂ පතනවා..

Unknown said...

රෝහණ බැද්දගේ මහතාගේ පලිඟු මැණිකේ,කන්දේ ගෙදර වගේ නාට්‍ය මම 2-3 පාරක් බලල තියෙනවා. එත් අපහු උනත් බලන්න පුළුවන් කිසිම හිරිකිතක් නැතිව(දැන් හැදෙන මෙගා ටෙලෙනාට්‍ය වගේ නෙමයි..). අපේ රටේ බිහිවෙච්ච දක්ෂ කලාකරුවෙක්.. එතුමාට දිර්ගායුෂ පතනවා..

Unknown said...

නූතන පරම්පරාවේ එවැනි උරුමයන් සොයා ගන්නත් බැරි තරම්. වෙලාවක මේ පැත්තෙත් ඇවිත් යන්න.
http://www.kurutugegeepotha.blogspot.com

යහපත් ලොවක් කරා... said...

ඔය කාලෙ මටත් හොඳට මතකයි. ඒ දවස්වල මමත් හොරණ තක්ෂිලාවෙ සා.පෙ. තරනව. 8 විද්‍යා ශිෂ්‍යත්වය පාස්වෙලා ගිහින් නේවාසිකාගාරයේ නතර උනේ. අපි වාරාවසාන විවිධ ප‍්‍රසංගයකට හොස්ටල් එකෙන් නාට්‍යයක් කළා. මගුල් සක්වල වගේ නම. ඒකෙ මගේ රඟපැම් දැකල තක්ෂිලාවෙන් කරපු නාට්‍ය සංදර්ශනයකට නොන්චි අක්කගෙ චරිතයට මාව තෝර ගත්ත. අලකලංචි නාට්‍ය අද වගේම මතකයි. ඒකෙ හාමිනේ,මුදලාලි, ඇසිලින්, පීටර් චරිත හොඳට මතකයි. ඒ නාට්‍යයේ අභාෂයෙන් අපි පරිසර නාට්‍යයක් නිෂ්පාදනය කළා ‘‘ මිහිමඩලේ විලාපය’‘ කියල. එකේ මංගල දර්ශනය ජූනි 8 වෙනිදා ඔළබොඩුවවත්තෙ සඳුන් උයනෙ මිහිඳු විහාරෙදි පෙන්වනවා. රෝහණ පැද්දගේ කියන ඒ අපූරු සොඳුරු ගුරුතුමාව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. එතුමා නිෂ්පාදනය කරපු තවත් නාට්‍යයක ධර්මරත්න හරිම අපූරුවට ගීතයක් ගායනා කළා ’’ සසර දුරු කතරේ වැදී...’’ කියල. ඒ ගීතයේ නිර්මාපකයත් එතුමාමයි. අවසානයේ එතුමා අපේ පාසලෙන් සමුගන්න දවසෙ එතුමා අමරදේවයන්ගේ ’’ ඔබේ දෑසයි ඔබේ දෑසයි ... ගීතය ගායනා කළා. මේ වගේ සුන්දර මතකයන් තමිය මට එතුමා ගැන තියෙන්නෙ. එදා අපිට ඔහු මහා වීරයෙක්. අදත් අපි වයසට ගිහින් ඔහු අපට එදා වගේම මහා වීරයෙක්. දයාබර ගුරු තුමනි, දිගු කළක් රස මිහිර බෙදන්නට චිරං ජයතු
මම කේ.මුණගම,
සභාපති,මිහිතල මිතුරෝ,
කොඩිගහකන්ද අභය භුමිය,
ඔළබොඩුව උතුර,ගෝනපල හංදිය, 0713496971