Wednesday, April 24, 2013

ගාමරී සිට ග්‍රාමසේවා නිලධාරි දක්වා.






 ග්‍රාම සේවා නිලධාරී තුමා තමයි අපේ ආසන්නතම රාජ්‍ය  (සේවකයා)නිලධාරියාරාජ්‍ය සේවකයින් , මහජන නියෝජිතයන් වගේ අය ඉන්නේ පොතේ . සැබෑ ලෝකයේ සේවකයෝ නැහැ.
ග්‍රාම සේවා නිලධාරී කියන්නේ අතීතයේ ඉදන් පැවති ආපු , වර්තමානය වන විට හුලං බැහැපු තනතුරක්. අපි ආරච්චිලා කෝරාල වගේ සමගාමී තනතුරු අහල තියෙනවානේ. මුවන්පැලැස්සේ ආරච්චිලා බය පක්‍ෂපාත මැණිකේ ලග විතරයි. වැයික්කියේ වැසියෝ එතුමන්ට බළු කුක්කෝ ගානයිඒතරමට වැයික්කියට  බලසම්පන්න තේජාන්විත චරිතයක්. ඒ වුනාට එතුමත් ගෙදරට බළු කුක්කෙක් ගානයි. කොයි ලොක්කත් එහෙම තමයි.

අහල තියෙනවද ආරච්චිලට වැයික්කියේ ඕන තැනක් ඔට්ටුයි කියලා කතාවක් !. නැත්නම් ඔන්න කෙටියෙන් අහගන්න. ඔන්න එක් වැයික්කියක ආරච්චිල කෙනෙක් වැයික්කියේ ඇවිදින කොට ඇහැට හිතට හරියන කාන්තාවක්  දැක්කා. කාලයක් ඒ පැත්තේ නැති රාජකාරි වලට කරක් ගහලා කාන්තාව  දැපනේ දාගත්තා.

මේ සංගදි සියල්ල වුනේ මැණිකෙටයි ,අර කාන්තාවගේ ස්වාමියාට හොරෙන්. මේ හුටපටේ කනට ආපු කාන්තාවගේ ස්වාමි පුරුෂයා දවසක ආරච්චිල කොටු කර ගත්තා.එතුමා හදිසියට රිංගලා තිබුනේ ඇද යටට. කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇද යටට එබිකම් කරලා ඇහුවා මොකද ආරච්චි උන්නාන්සේ අද යට කියලා ?.” ආරච්චිත් දුවිලි මකුළු දැල් පිහදාගෙන කෝට් බෑය ගස ගසා බොල මට වසමේ ඇද උඩ වගේම ඇද යටත් රාජකාරි කරන්න පුළුවන්කියලා  කියාපි!. වැඩේ ගොඩ.

ඔන්න ඔ‍හොමයි අරච්චි බලතල ඒ කාලේ පාවිච්චි උනේ.මීදුමට ආරච්චිලල ගැන කතා තව තව  ලියන්න පුළුවන් උනත් මීදුමගේ පුංචි කාලේ අපේ ගමේ අරච්චිලා කෙනෙකුට අපේ අම්මා දුන්න දඩුවමක් ලියලා අද වියමනේ වැදගත්ම කොටසට මාරු වෙන්න හිතුවා.

මේ කාලේ වන විට ආරච්චි තනතුර හැදුන්වුනේ ගම්මුලාදෑණිකියලා.අවුරුදු පනස් පහකට විතර ඉස්සර මීදුමට වයස අවුරුදු අටක් විතර ඇති.අපේ ගෙදර මායිම් වෙලා තිබුනේ ප්‍රධාන පාරකටකොට බැම්මක් බැදලා අපි පාරට පනින එක අවහිර කරලා තිබුනේ පුංචි ගේට්ටු පළු දෙකකින් . පුරුද්දට අපේ ගෙදර එකෙක් නැතිවෙන කොට තව එකෙක් වගේ බල්ලෙක් දෙන්නෙක් රාජකාරි කටයුතු වල යොදවලා තිබුනා. බල්ලාගේ රාජකාරි පුරුද්ද බුරන එක.

අපේ ගමේ ගම්මුලාදෑණි මහත්තයා පාවිච්චි කල  පටි දෙකේ හම් සෙරෙප්පු දෙක පාරෙ යන කොට චටස් පටස් ගාලා එතුමා ගේ විළුඹේ වැදිලා එන සද්දේ මේ බල්ලන් ට අල්ලන්නේ නෑ. බල්ලෝ තම රාජකාරිය කරන්න පටන් ගන්න එක ගම්මුලාදෑණි මහත්තයාට රුස්සන්නේ නෑ.
 අපේ ගෙදර පහුකරන හැමදාම ගම්මුලාදෑණි මහත්තයාට බල්ලන්ගේ අඩහැරයට මුහුන දෙන්න සිද්ධ වෙනවා.
වැයික්කියේ මට මායිම් නැති එවුවොත් ඉන්නවානේ කියලා හිතුන උන්නැහේ දවසක් අපේ අම්මාට බැන අඩගහගෙන පතරොම් තුවක්කුවකුත් කරේ තියාගෙන ඇවිත් අපේ බල්ලන් දෙන්නට වෙඩි තියලා දානවා කියලා කියාපි. අපේ අම්මත් කිසිම කලබලයක් නැතිව දම්වැල් දෙක්ක හොයා ගෙන බල්ලෝ දෙන්න බැදගෙන ඇවිත් ගේට්ටුවේ යකඩ කුරු දෙකක බැදලා පුළුවන් නම් වෙඩි තියනවා කියලා ගම්මුලාදෑණි මහත්තයාට පුංචි  අභියෝගයක් දැම්මා.

බල්ලෝ දෙන්න නිරුපද්‍රිතව ඊට පස්සෙත් ගම්මුලාදෑණි මහත්තයාගේ චටස් පටස් සෙරෙප්පු දෙකට සද්දේ දානවා. ඒත් ගම්මුලාදෑණි මහත්තයාගෙන  යුද්ධ ප්‍රකාශයක් ඊට පස්සේ නම්  සිද්ධ වුනේ නෑ.

අද කතාවේ තේමාව නම් ඔය අනම් මනම් නෙමෙයි. ග්‍රාමසේවක මහත්තයාට ඈත අතීතයේ ඉදන් නම් කරපු හැටි කියන එක.ඒ ඉතිහාසේ හොයාගෙන  යන කොට  මෙන්න මේ නම්වැල හමුවුනා.

තවත් දන්න නම් තියෙනවා නම් මේ ලැයිස්තුවට එකතු කරන්න.
Ø ගාමරී
Ø දකපති
Ø භෝප්කෘතිකාර
Ø පරුමක
Ø ගාපිණී
Ø ගටික
Ø ග්‍රාමභෝප්ක
Ø ගම්ලද්දා
Ø ගමරාල
Ø රාල
Ø කෝරාල
Ø ආරච්චිරාල
Ø ගම්මුලාදැනි
Ø ග්‍රාමසේවක
Ø ග්‍රාමසේවා නිලධාරි



notes of imaginary

2 comments:

Naleen Dilruksha said...

දැන් ග්‍රාම නිලධාරි නාමයයි භාවිත වන්නේ.. ප්‍රෙමදාස ජනපති කාලේ තමා සේවක කැල්ල හැලුවේ.

Naleen Dilruksha said...
This comment has been removed by the author.