Friday, March 22, 2013

ආපසු බැළුවෙමි.




දවසක මම අපේ පන්සල  කියලා වියමනක් කලා.  අපේ පන්සල කියලා ලියුවත් අපේ රටේ  පන්සල් ගැන හිතලයි වියමන වියමන් වුනේ වියමන කියවපු සහෘදයෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා. “ නොලියා හිටියා නම් හොදයි “ කියලා. ඒක ඇත්ත. බහුවිධ ආගමික සමාජයක ජීවත් වෙන අපි ,  අපි අනුගමනය කරන දර්ශනය හෑල්ලු කරගන්න හොද නැහැ. මම බෞද්ධාගම දකින්නේ දර්ශනයක් ලෙස වැදුම් පිදුම් කරන්න ඕන ප්‍රදර්ශණ භාණ්ඩයක් ලෙසින් නොවෙයි. බුදුන් වහන්සේගේ දේශනා   තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕනී. එතකොට අපේ ජීවිත ගමන් කල යුතු නිවරදි  මංපෙත පැහැදිලි වෙනවා
.සතියේ සටහන වෙන් වෙන්නේ එදා ලියු වියමනේ මා විවේචනයක් ලෙස  දුටු  භික්‍ෂු සමාජයේ වර්තමාන පැවත්ම පිලිබදව.

 ඉතිහාසයේ සිට භික්‍ෂුවගේ පැවත්ම  යාවත්කාලීනවී අද වන විට භික්‍ෂුව සිටින්නේ කොතනද?. සිටිය යුත්තේ කොතනද ? යන්න මීදුමට හිතා ගන්න බැහැ.භික්‍ෂු යන්න සස්කෘත භාෂාවෙන් සහ භික්ඛු යන්න පාළි භාෂාවෙන් තේරුම භික්‍ෂාවෙන් යුතුව ජීවත් වෙන්නා ලෙස දහම් පාසලේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. සංසාරේ බිය දකින්නේ භික්‍ෂාවෙන් යුතුව ජීවත් වෙන ඇත්තෝ.බුදුරජානන් වහන්සේගේ කාලයේ භික්‍ෂුන්වහන්සේලා  අහාර සොයා ගත්තේ පිඩු සිගා වැඩීමෙන්. තම සිවුරු සකස් කර ගත්තේ මළකදන් වල එතූ රෙදි කැබලි එක් කොට සකස් කර ගැණිමෙන්.ජීවත්වුයේ පාළුකැලැවල , ගල් ගෙවල් වල, මිනිසුන් විසින් අතුහරින ලද පැල්පත් ගෙවල් වල .බුද්ධ චරිතය කියවන විට බුදුහාමුදුරුවෝ මහා වෘක්‍ෂ යට ගංතෙර වල සිටි බව කියවෙනවා.
උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව උන්වහන්සේ අනුගමනය කල ශ්‍රාවක භික්‍ෂුන්වහන්සේලා  උන්වහන්සේ අනුගමනය කල අපිස් ජීවිතයම අනුගමනය කරලා තියෙනවා.බුදුන් වහන්සේගේ කීර්තිය පැතිරෙත්ම  අපි ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රවකයෝ “ කියා උන්වහන්සේගේ කීර්තිය තමුන්ටත් ආරෝපන කරගෙන වැජඹෙන්න අදහස් කරන පිරිස් මේ අතර ඇති  වෙනවා. ( දැන්වුනත් ඔය අපි අහවලාගේ මිනිස්සු කියලා අනෙක් අයට අඩන්තේට්ටම් කරන අය ඕන තරම් ඉන්නේ. )
මේ වෙනස් වීම මුලාශ්‍ර කරගත් කතාවක් මීදුම පාසල් යන කාලේ අහලා තියෙනවා.ගිහි ජීවිතයේ කිසිදු බරක් පතලක් නැති බුදුන් වහන්සේගේ ශ්‍රවකයෝ පියාපත් පමනක් ඇති කුරුල්ලෝ මෙන්  නිදහස්ව ස්වභාව ධර්මය තුල හුදකලාව , ස්වභාව ධර්මයට එක්ව ආගමික අරමුණක් උදෙසා පමනක් ජීවත්ව ගම් නියම් ගම් සිසරා  සංචාරක ජීවිතයක් පවත්වා ගෙන ගියා.
මේ කියන වකවානුව බුද්ධත්‍වයෙන් අවුරුදු විස්සක් වෙන්න ඇති. රජගහනුවර එක් සිටුවරයෙක් මේ භික්‍ෂුන්වහන්සේලා පිරිසක් උදෙසා පදිංචි වීමට ආරාම හැටක් හදා පුජා කරනවා. මෙතනින් එතුමන්ලාගේ  සංචාරක දිවිය අවසන් වනවා. නිවාස  සදහා ඇද මේස පුටු ලිං පොකුණු නිවසකට අවශ්‍ය අඩුම කුඩුම තඩලා ගෙන කුමන සංචාරයක්ද ?.මෙයින් වෙනස් වන්න  පටන් ගත් භික්‍ෂු සමාජයට ආමික අරමුණු සමග සමාජීය අරමුණු එක්වනවා. ස්වභාව ධර්මය බැදුන ජීවිතය සමාජය හා බැදුන ජීවිතයක්  බවට පත්වනවා. භික්‍ෂුචර්යාව වර්තමානය දක්වා වෙනස් වනවා,පාංශකූල චීවරය පට සිවුර දක්වා වෙනස් වනවා.  රුඛ්කමුල සේනාසනයට සත් මහල් ප්‍රසාද  දක්වා වෙනස් වනවා. ප්‍රතිමුත්ත හේසජ්ජයට  රසමසවුල් එක්විය .
බුදුන් වහන්සේගේ කාලයේ පැවදිවුවෝ එතුමන් කෙරේ ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පැවදි වුවෝය. පසුකාලීනව ජීවනොපායක් ලෙස පැවදිවුවෝද භික්‍ෂු සමාජයට එක්විය. මේ නිසා උන්වහන්සේගේ සමයේම භික්‍ෂු සමාජය වෙනුවෙන් ප්‍රඥාප්තියක් ඇති වීම සිදුවිය.
ඉතිහාසයේ භික්‍ෂුවට වඩා වර්තමානයේ භික්‍ෂුවට හුදකලාව පැවතිය නොහැක. එතුමන්ලාට දේශපාලනික උවමනාකම් ඇත. එතුමන්ලාගේ ජීවිතය ආචාරත්මක ප්‍රතිපත්තිමය සේවාමය හා සංකල්පමය ලෙස විශාල ලෙස විපර්යාසයකට පත්ව ඇත.උන්වහන්සේලා සමාජ අභිවෘද්ධිය තකා බුදුන් වහන්සේගේ දේශනා ගුරු කොට කටයුතු කල යුතු වුවත් වර්තමානය වන විට පෞද්ගලික න්‍යයපත්‍රයන්ට  අනුව කටයුතු කිරීම අර්බුදයක් ලෙස අපට පෙනේද ? යන්න මීදුමට ප්‍රශ්නයක් ව ඇත.





notes of imaginary

No comments: