පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, March 17, 2013

මරණය ජොතිෂ්‍යය ඇසින්.

මරණය ජයගත්තේ ඔබ වහන්සේය.


අපට  නියමිත ආයු කාලයක්‌ වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේම වැරදි පැවතුම් නිසා ඊට වඩා අඩු ආයු ප්‍රමාණයකින් අපට මිය යන්න සිදුව ඇත. අපට අත්වන ආයු කාලය කොටස්‌ කීපයකට බෙදා දක්‌වන ඉසිවරු  එය බාලාරිෂ්ඨ, මධ්‍යායුෂ්ත දීර්ඝායු හා විපරිත වශයෙන් දක්‌වා ඇත.
ජොතිෂ්‍යයට අනුව එක්‌ එක්‌ ග්‍රහයා විසින් අපට හිමි  ආයු කාලය වූ අවු. 120 කොටස්‌ වශයෙන් බෙදා  ඇත.
එම භාරකාරත්වයේ වගකීම අනෙක්‌ ග්‍රහයන් වෙත පවරන්නේ චන්ද්‍රයා විසිනි. න්ද්‍රයාගේ  ගමන් රටාව අනුව නැකැත් 27 ක්‌ නියෝජනය කරමින් ආයු කාලය බෙදා ඇත.
සමස්‌ත අහස්‌තලයම කොටස්‌ 12 කට බෙදා යළි ඉන් එක්‌ රාශියක්‌ වූ අංශක 30 ක ප්‍රමාණය යළි රාශ්‍යාර්ධයේ සිට අංශක 30 න් 150 වැනි කොටස වූ නාඩිය දක්‌වා බෙදා දක්වයි.

අපි ඉන් එක්‌ ග්‍රහයකු ගෙන එම ග්‍රහයා අපේ ජීවිතය මෙහෙයවනු ලබන ආකාරය ගැන මඳක්‌ විපරම් කර බලමු.
·        ්‍ර මඬුල්ලේ ්‍රධානියා රවිය. මේ රවි විවිධාකාර අයුරින් අපේ ජීවිත ගමනට හවුල් වෙයි.ඔබේ කේන්ද්රයේ රවි ලග්නයේ නම් රවිට තමා සිටින රාශියේ අයිතියත්, නැකතේ අයිතියත්, දෘෂ්ටියේ අයිතියත් සංයෝගයේ අයිතියත් අනුව රවි ගේ ස්වභාවය එකිනෙකාට වෙනස්වෙයි.රවි ඔබේ කේන්ද්රයේ පළමු වන කොටුවේ හෙවත් ලග්නයේ සිටියේ නම් සිතුවිලි නපුරුය. ජීවන රටාව පහසුය. අඩුවෙන් කෑම ගනී. ඇස්පෙනීම දුර්වලය. ලග්නය තුලාව වී රවි ලග්නයේ වූයේ නම් යම් පමණකට අන්ධය. තරගයකදී පුරසාරම් දොඩයි. ඉතිහාසයත් කලාවත් ගැන දැනුම ඇත.
·        එම රවි (ලග්නයේ මේෂ වී) උච්චව සිටියේ නම් ඇස්පෙනීම හොඳයි. කීර්තිමත් වෙයි. ගුණ ගරුකයි. දැනුම ලබා ගැනීමට උනන්දුයි.·        ලග්නය මීන නම් ස්්‍රින්ගෙන් සැලකුම් ලබයි. ලග්නය සිංහ නම් රාත්‍රී අන්ධයෙකි. ශක්තිමත් සිරුරකි.
·        ලග්නය කටක වී රවි ලග්නයේ වූයේ නම් ඇස්වල සුද එයි.·        එම රවි කේන්ද්රයේ තුන්වැන්නේ නම් නිර්භීතය. දුෂ්ට මිනිසුන්ගේ ඇසුරට වැටෙයි. පොහොසත් වෙයි. නිදහස්මතධාරියෙකි.
·        එම රවි හතර වැන්නේ නම් හෘදය දුබලකම් වේ. මුදල් හීනය. පොදු අදහස්නැත. තද සිත් සහිතයි.·        එම රවි පස්වැන්නේ නම් චපල සිත් ඇති ඉච්චා බස්දොඩන්නෙකි. රජයේ සේවකයෙකි. කෙටි කලක්රටින් පිට ජීවත් වෙයි.·        රවි හය වැන්නේ නම් ලෝභයෙකි. එහෙත් නිර්භය කෙනෙකි. රාජ් ගෞරවය ලබයි. ්‍රසිද්ධියට පත් වේ.·        එම රවි ඔබේ කේන්ද්රයේ හත්වැන්නේ නම් ස්්‍රී වර්ගයාට ද්වේශ කරයි. කපටි අදහස්දරයි. නපුරු පැවතුම් සහිතයි.
·        එම රවි අට වැන්නේ නම් අමාරු දෙයට දක්ෂයෙකි. සිතින් ජය ලබයි. පියාගේ ආයු දුබල විය හැකිය.
·        එම රවි නවයේ නම් සිය ගුරුවරුන් අන්‍ය ලබ්ධීන් වේ.
·        රවි දහයේ නම් පරම්පරාගත වස්තුව උරුම වේ. කීර්තිය, අවබෝධය, ඉගෙනීම හා ශක්තිය වේ.
·        රවි එකොළහේ නම් සතුටින් ජීවත් වන කෙළෙඹියෙකි. රවි දොළහේ නම් විකලාංග ඇත්තෙකි. එහෙත් බොහෝ උත්සාහ වන්තයෙකි.·        බෘහත් ජාතකයට අනුව රවි කුජ, ශනි හත්වැන්නේ නම් ස්ත්‍රීන්ගේ සරදමට ලක්වන්නෙකි.·        රවි මේෂයේ උච්ච වූ විට ධනවත් . හමුදා ක්ෂෙත්‍රයක නායකයෙකි.
·        රවි සිංහයේ මුල ්‍රීකෝණ වූ විට හෙතෙම ජනතා ගෞරවය ලබයි.
·        රවි සිංහයේ ස්වක්ෂේත්‍ර වීමෙන් ඔහුට ලස්සන ගෙයක්වෙයි.
·        රවි වෘෂභ මකර කුම්භ රාශියක (සතුරු) නම් පියාගේ සැප ජීවිතයෙන් ඈත්ව අනුන් යටතේ වැඩ කරයි. යට සඳහන් කළේ රවි ගේ පිහිටීම ගැන පමණි.
·        කේන්ද්රයක 8 වැනි රාශිය ලෙඩ රෝග, සැත්කම් ගැන කියන තැනයි. අටේ සිටින ්‍රහයා, අට දකින ්‍රහයා හෝ අට අධිපති ්‍රහයා රෝග කෙරෙහි බලපෑම් කරයි. මරණයට අට වැන්න දායක වෙයි. ්‍රහයෙකුට 8 වැන්න නොපෙනුනත් අටේ ්‍රහයෙකු නැතත්, අට හිමි ්‍රහයාට අයත් ලෙඩක්වේ.
·        රවි අටේ සිටියේ හෝ අට වැන්නට නෑකම් ඇත්තකු වූයේ නම් ගින්න හෝ උෂ්ණ රෝගයකින්ද, සක්‍ර නම් ජලය නිසා හෝ බඩ යැම ලේ දූෂණය වැනි හේතුවකින් . අටේ බුද නම් මොළයේ උණ වැනි රෝගයකින් ·        ගුරු වූයේ නම් මානසික රෝගයකින්ද, නැතහොත් සොයාගත නොහැකි රෝගයකින්ද, සිකුරුගෙන් නම් බීමත්කම නිසාද·        ශනිගෙන් නම් බඩගින්න නිසාද මරණය විය හැකිය.
·        අට වැන්න ්‍රහයන් කීපදෙනකු විසින් දකිනු ලැබුවොත් ලෙඩ කීපයක් විය හැකිය.
·        අට චර රාශියක්නම් (මේෂ, කටක, තුලා, මකර) පිටරටකදී , තිර රාශියක්නම් තම නිවසේදී උභය රාශියක්නම් අනුන්ගේ තැනකදී මරණය සිදුවෙයි.·        යමකුගේ කේන්ද්රයේ රවි 10 , කුජ 4 සිටියේ නම් මරණය උසකින් වැටීමකින් වේ.
·        ශනි 4 ත් න්ද්‍රයා 7 ත් කුජ 10 ත් නම් ළිඳකට හෝ ජලාශයකට වැටී මියයයි·        රවි න්ද්‍ර කන්‍යාවේ සිටියදී එයට අශූභ දෘෂ්ටියක්වැටුණේ නම් ස්වකීය නෑයන් නිසා මරණය සිදු වේ. නැතහොත් ඥාතීන් නිසා සිය දිවි නසා ගැනීමක්වේ.
·        ධනු, මීන, කන්‍යා, මිථුන යන උභය රාශියක්ලග්නය වී නම් ලග්නයේ රවි - න්ද්‍ර වෙතොත් දියේ ගිලීමෙන් මරණය වන බවක්ජාතක පරිජාත සංග්‍රහයේ සඳහන් වේ.·        සෙනසුරු කටකයේත්, සඳු මකරයේත් උපතේදී සිටියේ නම් උදර රෝගයක්නිසා මරණය සිදු වේ.
·        සඳු මේෂ වෘශ්චික රාශියක පාපීන් අතර සිටියේ නම් ආයුධයකින් මරණය වේ. ගින්නෙන් හෝ පිටගැස්මෙන් මරණය වේ.
·        සඳු පාප පීඩිතව, පාපීන්ට මැදිව කන්‍යාවේ වෙතොත් ලේ නරක්වීමෙන්ද, කෙට්ටු වීමෙන්ද, සඳු පාපීන්ට මැදිව මකරයේ සිටියොත් හෝ කුම්භයේ සිටියොත් එල්ලීමෙන් දිවි හානි කර ගනී. පිළිස්සීමෙන් මරණය විය හැකිය.·        ශුභ ්‍රහයන්ගේ දැකීමක්නොලද පාප ්‍රහයන් උපතේදී පස්වැන්නේ හෝ 9 වැන්නේ සිටියේ නම් බලහත්කාරකමකින් ·        අෂ්ටම දෙර්කාණය යෙදුනේ නම් සර්ප විෂකින් මරණය වේ.
·        හත් වැන්න කන්‍යා රාශිය වී සඳු පාපියකු සමඟ එක් එහි වුවොත් සිකුරු මේෂ රාශියේ වූයේ නම් බිරිය අතින් හෝ කාන්තාවකගෙන් මරණය වෙයි. එසේ සිටියොත් වස පානය කිරීමෙන් මරණය සිදුවන බව සාරාවලිය කියයි.·        රවි - ශනි - කුජ යන ්‍රහයන් තිදෙනා උපතේදී 4 වැන්නේ වූයේ නම් උලක්වැනි දෙයක්ඇනීමෙන් මරණය සිදුවනු ඇත.·        පස්වැන්නේ අඟහරුත් 9 වැන්නේ සෙනසුරුත් සඳු සමඟ සිටියේ නම් මරණය එසේය. එම යෝගයේදී කුජ ්‍රහයා සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වුණොත් පොලු පහරකින් හෝ ගසකට යටවීමෙන් මරණය සිදුවෙයි. අදහස්සාරාවලියේ .·        අව පස සඳු කුජ, ශනි හා රවි සමඟ ජන්ම කේන්ද්රයේ 8, 4, 01, 10 වැනි තැනක වූයේ නම් පොලු පහරකින් මරණය සිදුවනු ඇත. එම ්‍ර පිහිටීම 1, 5, 9, 10 යන රාශියක යෙදීම නිසාත් එම ්‍රතිඵලයම දෙයි.·        කුජ ග්‍රහයා 4 වැන්නේත්, රවි හත් වැන්නේත් සෙනසුරු 10 වෙතොත් ආයුධයකින්, ගින්නෙන් හෝ රාජ උදහසකින් මරණය සිදුවනු ඇත.
·        තුවාලයක්නිසා හෝ සැත්කමක්නිසා හෝ නැතොත් සතකු විසින් හපා කෑමක්නිසා මරණය සිදුවන්නේ සෙනසුරු 2 ත් සඳු 4 ත් කුජ 10 ත් සිටීම නිසා .
·        ශනි න්ද්‍ර දෙදෙනා ලග්නයේත් රවි 10 හා කුජ 4 ත් වෙතොත් සිරුර පොඩිපට්ටම් වී මරණය විය හැකිය.
·        තද පාපියකු වන අඟහරු ලග්නයේත්, සෙනසුරුව නීචව මේෂයේත්, සඳු මකරයේ හෝ කුම්භයේත් වෙතොත් කුණු අපවිත්‍රතා මැද මරණය යෙදේ.·        රාශිය හා රාශියේ සිටින ්‍රහයාගේ කාරක අයිතිය අනුවත් මරණය සිදුවෙයි.
·        හතරවැනි රාශිය සිවුපා (මේෂ, වෘෂභ, සිංහ) රාශියක්වී නම් සිවුපා සතකු නිසා මරණය සිදුවිය හැක.
·        බොහෝ විට සැත්කමකින් මරණය වීමට කුජ දායක වෙයි.
·        කුජ 7 ටත් ශනි න්ද්‍ර ලග්නයටත් යහපත් නැත. අව පස සඳු විසින් කුජ ්‍රහයා දැක ශනි 8 වැන්නේ වෙතොත් අර්ශස්මුත්‍රා අමාරු නිසා මරණය සිදුවන්නේය.
·        මේ සියලු ්‍රහ පිහිටීම්වලට අමතරව අයහපත් දෙර්කාණයත් මරණයට දායක වෙයි. දෙර්කාණ 36 අතුරුන් 22 වන දෙර්කාණය වඩාත් මරණයට හේතු විය හැකි බව කියෑවේ. මේ දෙර්කාණ අතර ගිනි දෙර්කාණ, ආයුධ දෙර්කාණ, ජල දෙර්කාණ, සර්ප දෙර්කාණ ආදී වශයෙන් සඳහන් වන තැන මරණයට හේතුව කුමක් යනු එම දෙර්කාණ නාමයෙන්ම සිතා ගත හැකිය. දෙර්කාණ 36 න් 22 වැනි දෙර්කාණය වඩාත් මරණයට නෑකම් කියන බව කියෑවේ. 22 වැනි දෙර්කාණය 8 වැන්නේ බලකරුය.·        ලග්නයේ සිටි ්‍රහයා නවාංශක පාලක ්‍රහයා, හෝ එම ්‍රහයා සමඟ යෝග වූ නැතොත් දෘෂ්ටිය හෙළන ්‍රහයා අනුව මරණය යෙදේ.·        සසරේ කරන ලද පාපකර්මයන්ගේ විපාක ගෙන දෙන රාශි හා එම රාශි අධිපතීන්ගේ දශාව කුමක්දැයි ජන්ම කේන්ද්රයේ පැහැදිලිවම දක්වා ඇත.
·        6 සහ 8 යන රාශිත්, එම රාශි අධිපතීන්ගේ දශා කාලයත් එම රාශිවල සිටි ග්‍රහයන්ගේ දශා කාලයත් පෙර කරන ලද පව් පළ දෙන කාලයයි.
·         9 වැන්නත් 9 වැන්නේ සිටින ග්‍රහයාත්, 9 අධිපතියාගේ දශා කාලයත් පින් පළ දෙන කාලයයි. එහෙයින් ජන්ම කේන්ද්රය තුළ සසර ගමනේ ක්‍රීයාවලිය සටහන්ව තිබේ.
මෙම සටහන පියසේන රතුවිතානයන් විසින් පලකරන ලද ලිපියකින් උපුටා ගත්තකි. ඔබගේ කේන්දරය ගෙන ගලපා ගන්න උත්සහා කරන්න.
අපි කවදා හෝ මියයන්න උපන් බැවින් මරණයට කම්පා විය යුතු නැත.


notes of imaginary

No comments: