පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, March 01, 2013

කුවේණිගේ බඩ පිරවීමට රුපියල් දෙදහක් !.





සතියේ සටහන ලියන්න ඇමති පුත්තු  - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ්‍යයනය කරගෙන ඉන්න කොට දිවයිනට  මාධ්‍යවේදී  ඉපලෝගම - ඡේ. බී. ඒකනායක මහත්තයා ලියාපු ප්‍රවෘත්ති වාර්තාවක් දැක්කා. ලොකු ලොකු අලි ඇත්තු පෙම් කෙලින කොට පුංචි පුංචි තණකොල ලදු පොඩි පට්ටම් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක මතක් වෙලා ඒකනායක මහත්තයාගේ කතාවට ආරළු බුරළු ටිකක් එකතු කරගෙන  අපේ නායක හාමුදුරුවන්ට වෙච්ච ඇබැද්දියක් සටහනට එකතු කලා.
අහගම්මුකො කතාව.
අපේ හාමුදුරුවන් වැඩ වසන අධිපතිත්වය දරන රජමහා විහාරස්ථානයේ විහාර මණ්දීරය ජරාවාස වෙලා. අපේ හාමුදුරුවන්ට ඕන වුනා විහාර මණ්දීරය පිලිසකර කරලා එකලහක් කර ගන්න.කැඩිලා බිදිලා තියෙන පිලිම අළුත්වැඩියා කරලා බිතු සිතුවම් පුනරුත්ථාපනය කරන්න හිතාගෙන දවසක් දායක සභාව කැදවුවා. කැදවලා අදහස දායක සභාවට ඉදිරිපත් කලා.දායක සභාවත් වැඩේට කැමතිවුනා

බරපැන දායකයෝ බෙදා ගන්නත් හාමුදුරුවන්ට ඔන විදියට  වැඩ රාජකාරි කරන්නත් එකග වෙලා දායක සභාව සතුටින් විසිර ගියා.. මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ සිත්තර බාස්උන්නැහේ කෙනෙක් ගැන විපරම් කරන කොට සිරිසේන බාස්උන්නැහේ හාමුදුරුවන්ට හදුන්වලා දුන්නේ ශාසනාරක්‍ෂ කමිටුවේ ලේඛකාධිකාරි හාමුදුරුවො.

හාමුදුරුවේ සිරිසේන බාස් උන්නැහේ කැදවලා විහාරගේ වටේ ඇවිදලා පිලිසකර කරන්න ඕනි බිතුසිතුවම් , ්‍රතිමා පෙන්නලා වැඩේ භාරදීලා ගණම් මිණුම් ඇහුවා.බාස්උන්නැහේත්  වැඩේ කරමුකෝ හාමුදුරුවනේ ගණම් හිලව් පස්සේ බැරියකියලා. මම එහෙනම් බ්‍රහස්පතින්දා වැඩ පටන් ගන්නත් එක්ක බඩු භාහිරාදියත් අරන් එන්නම් කියලා හාමුදුරුවන්ගෙන් එදාට සමුගත්තා.

හරියටම සිරිසේන බාස්උන්නැහේ කිව්වත් වගේ බ්‍රහස්පතින්දා උදෙන්ම ඇවිත් වැඩ පටන් ගත්තා. අත්තිකාරමක්  ඉල්ලන්නේ නැතිවම වැඩේ කරගෙන ගිය සිරිසේන බාස් උන්නැහේ සතියක් දෙකක් යන කොට වැඩේ නිමාවක් දැක්කා. අපේ හාමුදුරුවොත් වාලෙන් පල්ලෙන් බුදුගේ පිබිදෙන හැටි සන්නෝෂයෙන් අධීක්‍ෂණය කලා.වැඩේ එවර වෙන්න දවසක් දෙකක් තියෙද්දී අපේ හාමුදුරුවේ ඇහුවා සිරිසේන බාස්උන්නැහේ දැන්වත් කියමුකෝ බර පැන.?” කියලා.

අපේ හාමුදුරුවනේ  මම ගෙනාවේ ඉස්තරම්ම තීන්ත , වැලි හුණු සිමෙන්ති  ඔය ඔක්කොමත් එක්ක මගේ කුලියත් බලලා රුපියල් දාහත් දාස් පන්සීයයක් දෙන්නකෝ කියලා හාමුදුරුවන්ට උත්තර බැන්දා. හාමුදුරුවන්ට හරි සතුටුයිවිහාරගේත් අලංකාරෙට නිම වෙලා ගානත් සාධාරනයි .

සිරිසේන බාස් උන්නැහේ ,  මට දායක සභාවට පේන්නලා වියදම අනුමත කරගන්නත් එපාය ඔන්න ඔය සවිස්තර වාර්තාවක් හදලා දෙන්නකෝ හාමුදුරුවෝ සිරිසේන බාස්උන්නැහේගේ හිත නොරිදෙන්නත් එක්ක කිව්වා.  “හොදමයි අපේ හාමුදුරුවනේ අපේ ලොකු කොළුට කියලා මම හෙට උදේ ලියාගෙන එන්නම් කියලා  සිරිසේන බාස්උන්නැහේ පොරොන්දු වුනා.

පහුවෙනිදා උදේ කවරේක දාපු මිළ ගණන්  ඇස්තමේන්තුව අපේ හාමුදුරුවන්නට බාරදුන්න සිරිසේන බාස් උන්නැහේ අඩුපාඩු පිළිසකර කරන්න විහාර මණ්දීරයට ගියා. හාමුදුරුවෝ මිල ගනන් ඇස්තමේන්තුව කියවන්න ගත්තා.

රජමහා විහාරයේ විහාරගෙය ප්‍රතිසංස්කරණය කිරීම

1.      ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම
1000.00
2.      යසෝදරා දේවියගේ ඉරීගිය තණ පොට නැවත ඇන්දවීම
5000.00
3.      අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම
2500.00
4.      අජාසත්තගේ දණහිස්වලට මස්දැමීම
3000.00
5.      කුවේණිගේ බඩ පිරවීම
2000.00
6.      චිංචි මානවිකාවගේ බඩට දර දැමීම
4000.00
සම්පුර්ණ වියදම
17500.00

අපේ හාමුදුරුවෝ දායක සභාවට මිළ ගණන් ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න දායක සභාව රැස්කරගන්න කල් තියෙනවා. එතකොට බාසුන්නැහේට සල්ලි පරක්කු වෙයි”   කියලා කියන ගමන්  , එදා හවස සිරිසේන බාස්උන්නැහේට රු 17500/= දුන්නේ උන්නැහේ ට පින් අණුමෝදන් කරමින්.

අපේ හාමුදුරුවෝ වැඩ ඇස්තමේන්තුව අනුමතකරගන්න දායක සභාවට ඉදිරිපත් කල බවක් නම් තාම ආරංචි නැහැ.



notes of imaginary

9 comments:

samakayawate said...

පංකාදු අඩවියක්නේ..ජය වේවා

Unknown said...

ඔබේ පෙන්වාදීම නම් හොඳයි. නමුත් හාමුදුරුවන්ගේ වැරැදි පෙන්වීමට යශෝදරා... වැනි අර්ථ නිරූපණ නොගැලපේ.
ඇඟිල්ල දික් කළ යුත්තේ හාමුදුරුවන්ටනම් උන්වහන්සේට ඇඟිල්ල දිගු කිරීම වරදක් නැත.

Unknown said...

ඔබේ පෙන්වාදීම නම් හොඳයි. නමුත් හාමුදුරුවන්ගේ වැරැදි පෙන්වීමට යශෝදරා... වැනි අර්ථ නිරූපණ නොගැලපේ.
ඇඟිල්ල දික් කළ යුත්තේ හාමුදුරුවන්ටනම් උන්වහන්සේට ඇඟිල්ල දිගු කිරීම වරදක් නැත.

Anonymous said...

බොහෝම පරණ කතාවක්. ඔයාට කියපු කෙනා අඩුපාඩු ඇතුවයි කියලා තියෙන්නේ. අඩු කෑලි මේවයි. පූර්ණක යකාට දත් දැමීම. ඇත් පටවා මහාමාය දේවියගේ බඩට ලං කිරීම, කන්ථක අස්සයාගේ වලිගය දැමීම, චිංචි මානවිකාවගේ කකුල් සුදු කිරීම. පරණ කතාවක් නිසා කිසීම වටිනාකමක් නැත. කණගාටුයි.

itnishantha said...

පට්ට ආතල් කතාව. wordpress වලට වැඩිය බ්ලොගේර් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? අපිට comment කරන්න උනත් ලේසියි

itnishantha said...

වැරදීමක් උනේ සමාවන්න

miduma said...
This comment has been removed by the author.
miduma said...

නිර්මලා ,

හාමුදුරුවෝ ඉලක්ක කරන්න හිතාගෙන නෙමෙයි වියමන් කලේ . මේ කතාවේ තියෙක නයි ස්වරූපය මතු කරගන්න.

Anonymous said...

ලස්සන කතාවක්.මෑතක සිට හාස්‍ය රසය නොහදුනන පිරිස වැඩිවී ඇති බව පෙනේ.