පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, February 24, 2013

ගහමුද පොඩි අඩියක් ! .



අඩිය පොඩියෙන් පටන් අරන් බඩ ගාගෙන යන අපේ උදවියට , අඩිය ගහන්න ඉදගත්ත තැන මතක නැති  වෙනකම් අඩි ගහන්න පුළුවන් .අද අපේ රටේ සම්භාවණිය පුරවැසියන් කියලා හිතන්න පුළුවන් මේ අඩි ගහන උදවිය. රටේ සංවර්ධණය උදෙසා වැඩිම බදු මුදලක් ගෙවන්නේ මේ උදවිය නිසා. ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයන්නන්ගෙන් බදු අයකරන ආදායම් සීමාවක් තියෙනවා.මත්පැන් බොන උදවියගෙන් එහෙම සීමාවක් නැහැ.කුලියක් මලියක් කරලා  හවසට මිට මොලවා ගන්නා රු600/=ක් වගේ පුංචි මුදලෙන් ඇගේ අමාරුවට කියලා අරක්කු කාලක් බොන්න රුපියල් දෙසිය පනහක්ම වියදම් කරන අය ආණ්ඩුවට රුපියල් එකසිය අසූවක්ම බදු ගෙවනවා.දික තිහම කඹුරලා මාසික ආදායම රුපියල් 18000/= හොයාගත්තා කියමුකෝ. මේ මනුස්සයා 5400/= ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් පාරවල් හදන්න  ණයට ගත්ත මුදල්වලට පොලිය ගෙවන්න දායක වෙලා. ඉතින් මේ මිනිස්සු සම්භාවණිය පුරවැසියන් නෙමෙයිද ?.අනිත් පැත්තෙන් බාර් වහලා දාන්න පුළුවන්ද?.
ගෙවී යන සතියේ මාතෘකාවෙලා තිබුනා ශ්‍රී දළදා මාලිගාව අවට ඇති මත්පැන් අලෙවිසල් වහාම වසා දමන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විසින් උද්ඝෝෂණයක්‌ ආරම්භ කරලා තිබෙන බව.  නිත්‍යානුකූල බලපත්‍ර සහිතව පවත්වාගෙන යන බාර් 9 ක්‌ දළදා මාළිගය අවට !.  

බහුතර බෞද්ධ ජනගහනයක් සිටින රටක ඒ බෞද්ධයන්    අති උතුම් සිද්ධස්ථානයක් ලෙස සලකන ශ්‍රී දළදා මාළිගය අවට මත්පැන්හල් අරින්නට අවසර ලැබෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්.
මේවා වහන්න කියලා උද්ඝෝෂණය කලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමාට ඒ වැඩේ කරන්න බැහැ. බාර් අයිතිකාරයෝ අපොයි මගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා සුරා බදු කොමසාරිස් තුමාට එරෙහිව අධිකරණයට යාවි.

සුරාබදු කොමසාරිස්තුමා ට මත්පැන් බලපත්‍රයක් ඉල්ලුවිට නිකුත්කරන්න  සුදුසුකම් මාලාවක් පනතේ  තියෙනවා ඔය පාරේ අයිනේ “වයින් ස්ටෝර්ස් “කියලා අටවගෙන බෝතල් පිටින්ම විකුණන්න බලයලත් ස්ථාන වලට ( මේවා අහලින් යන්න බෑ බෝතල් කඩලත් විකුණලා වෙරි කාරයෝ පාර පුරාම වැනෙනවා.) වර්ග අබි 250ක බිම් කොටසක් ඉදිවුන ගොඩනැගිල්ලක්  තිබුනහම ඇති.  තවත් තියෙනවා බෙදා වෙන් කර අළවි කරන්න පුළුවන් වගේ බලපත්‍රයක් නිකුත් කරපු  වෙළද ස්ථාණ. මේවායේ බෝර්ඩ් ලෑල්ලේ “ රෙස්ටෝරන්ට්” කියලා ගහලා තියෙනවා මේවට වර්ග අඩි 500ක ගොඩනැගිල්ලක් ඕනි.

පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන අතර මත්පැන්හලක් පිහිටිය යුතු දුර ප්‍රමාණය අතර කොන්දේසී තියෙනවා.
 මත්පැන් හල තුලදී පරිභෝජනය නොකරන්නේනම් - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 100 ක්වත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
මත්පැන් හලේදීම පරිභෝජනය කිරීමේදී - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 500 ටවත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
සැලකිය යුතුයි!.
අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයක් පවත්වාගෙන යනු ලබන මත්පැන් හල සම්බන්ධව ඉහත සඳහන් කරුනු සුරාබදු කොමසාරිස්තුමා ට අදාල වෙන්නේ නෑ.
සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් හා මත්පැන් විකිණීම සම්බන්ධව පොදු ජනයාගේ විරුද්ධත්වයක් නොමැති නම් බලපත්‍රය නිකුත් කරනවා.
සුරාබදු කොමසාරිස්තුමා මේ    ප්‍රශ්ණය මෙහෙම තවත් ලිහිල් කරලා තියෙනවා.

පූජනීය ස්ථාන පාසල් වැනි තැන් අදාල මත්පැන් හල ඉදිවීමට පසුව ඉදිවුනේ නම් හා ඵ් පිළිබඳව සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් සුරාබදු කොමසාරිස්තුමා ට ඉහත සදහන් කරුණු අදාල වෙන්නේ නෑ.

බලපත්‍ර නිකුත්  කර ඇත්තේ සංචාරක මණ්ඩලය මගින් අනුමත කරන ලද හොටල් අවන්හල් සඳහා නම්.  
බලපත්‍ර  නිකුත් කර ඇත්තේ සමාජ ශාලා වැනි මත්පැන් පමණක් අලෙවි කරන ස්ථානයක් සඳහා නම් බලපත්‍රයක් නිකුත් නොකිරීමට ඉහත සඳහන් තොරතුරු අදාළ වන්නේ නෑ.

සිල්ලරට මත්පැන් විකුණන්නන් සඳහා, පොදු වෙළඳ සල්, සිල්ලර කඩ වල බලය පැවරීමට රජයේ පිළිගත් විගනන ආයතනයක් මගින් හෝ ආදායම් පරිපාලන දෙපාර්තමේන්තුව මගින්, අදාල ඉල්ලුම් කළ ආයතනය පසුගිය අවුරුද්ද වෙනුවෙන් රුපියල් මිලියන 72 කට වැඩි මුදලක ආදායමක් ඇති බවට තහවුරු කළ විට සුපර් මාකට් වලට ද බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස් තුමා ට බලය ලැබේ.
 මේ වැඩේට දේශපාලකතුමෙක් අතගහපුවහම ලිහිල්වු කොන්දේසී යටතේ දළදා මාළිගාවේ විතරක් නෙමෙයි ශ්‍රී පාදස්ථානයෙත් බලපත්‍ර සහිත මත්පැන්හල් අවහිරයක් නැතිව විවෘත වෙනවා. බලපත්‍රලාභියාගේ  පින්තූරය එල්ලන තැන බුදුහාමුදුරුවන්ගේ පින්තුරයකුත් එල්ලා ගන්නවා.
  notes of imaginary

3 comments:

Manasindiviyata said...

මෙක පිස්සු ලොාකයක්

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

Unknown said...

එපමණ ද නොවේ.
රාත්‍රී සුරා සැල් වැසීමට කාලයක් තිබේ. (මා දන්නා පරිදි එය රාත්‍රී 9 හෝ 10)
එහෙත්, මැදියම් රැයද ඉක්මවා විවෘතව තිබෙන සුරා සැල් අනන්ත තිබේ.

රජයට බදු ගෙවන ආයතන නිත්‍යානුකූල වේ. බදු නොගෙවන ස්ථාන හොර තිත් පලවල් වේ. අරක්කු ද එසේම ය. සත්‍ය වශයෙන්ම කෙටිම විග්‍රහය එයයි. වෙනත් නිර්නායක පොතට පමණක් සීමා වේ.

miduma said...

වයින් ස්ටෝර්ස් නම් දරන ඒවා පස්වරු 8.00 සහරෙස්ටෝරන්ට් සහ බාර් නම් දරන්නෝ පස්වරු 10.00 වැසිය යුතුය.
එහෙත් එසේ වසා තබන්නේද නැත.