පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, February 18, 2013

හලාල් සමග හරාම්






පොල් කතාව අවසන් වුයේ විධායකය  ලගටම ගිහින් !.

සතියෙන් සතිය අළුත් කතා එකතු වෙනවා. ඉස්සර නම් චිත්‍රපටි පෙන්නන්න එක සිනමා මණ්ඩල තියෙනවා. පස්වෙනි මණ්ඩයේ අජාසත්ත පෙන්න කොට හතරවෙනි මණ්ඩලේ ධාතුසේන පෙන්නනවා.
දැන් ඒ සිනමා මණ්ඩල ජනප්‍රිය ස්ථාන නෙමෙයි.
රූපවාහීණි චැනල් ඒවට හරියන්න තියෙනවා. ඒත්  එක චැනල් එකක එක් කතාවක් බලපුවම හොදටම  ඇති අනෙක් ඒවයිත් පෙන්නන්නේ ඒ වගේම කතා. විවිධත්‍වයක් ඇත්තේම නැහැ.මේ වගේ තමයි අපේ රටේ අර්බූද මතුවෙන්නේගිය සතියේ පොල් පෙන්නුවා මේ සතියේ හලාල් -හරාම් පෙන්නනවා.

හලාල් කියන්නේ කැප ඒවා.

පවුසි ඇමතිතුමා සරල විග්‍රහයක් කරලා තිබුනා කැබිනට් රැස්වීමේදී. හලාල් කියන්නේ මගේ නෝනාත් එක්ක  නිදාගන්න එක “හරාම්” කියලා හදුන්වලා දෙන්න පුළුවන්.  ‍මගේ නෝනාත් එක්ක හැරෙන්න වෙනත් නෝනලාත් එක්ක නිදා ගන්නවනම් ඒක “හරාම් “කියලා හදුන්වා දෙන්න හැකියි. .ඉතින් මේකට මොකටද පොළු උස්සගෙන හරඹ කරන්නේ ?.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවානේ.

නෝනාත් එක්ක නිදා ගන්න විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවලා ලයිසන් එකක් ගන්න ඕනී.  නෝනා කර ගන්න. ඒත් වෙනත් නෝනාලත් එක්ක නිදා ගන්න ඒ වගේ ලයිසන් එකක් ගන්න ඔනී නැහැනේ.

ඒවගේ හලාල් කියලා භාණ්ඩ වල සදහන් කරන්න මුදල් ගෙවලා ලයිසන් එකක් ගන්න ඔනී. හරාම් වලට ලයිසන් එකක් ඕනීත් නැහැ.
"ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka" සංවිධාණය වෙත ගෙවන බලපත්‍ර ගාස්තුවක් ගෙවීමෙන් පසු තම නිෂ්පාදනයන් සදහා හලාල් සහතිකය ලබාගන්න ඕනී.
 හලාල් කරන ලද භාණ්ඩ මිළදි ගැණිමට මුස්ලිම් ජාතිකයන්  කැමැත්තක් දන්වනවා. ලංකාවේ ජනගහණයෙන් මුස්ලිම් ජාතිකයෝ ඉන්නේ 7% යි. මේ වෙළදපල දිනාගන්න  ගොස් විශාල ප්‍රතිශතයක ජනගහණයක් සතු වෙළද පල අහිමි කර ගන්න නිෂ්පාදකයෝ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා උලමා සංවිධාණයට තම අරමුදල් අහිමි වෙන්න ඉඩ විවර වෙනවා.ඒත් මැද පෙරදිග වෙළදපලට යොමුවන තම නිෂ්පාදන සදහා හලාල් සහතිකය දැවටුම් වල මුද්‍රණය කරන්නට වෙනවා.ඒ වෙළදපල අහිමි කරගන්න නිෂ්පාදකයෝ කැමති වෙන එකක් නැහැ. ආයෙත් වටිනාකමක් "ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka"සංවිධාණයට ඒ අවස්ථාවේ උදා වෙනවා. මේ ගැනත් සටනට කඩු උස්සන සංවිධාණ සලකා බලන්න ඕණි.
කාලයක් ක්‍රිස්තියාණි මුලධර්මවාදීන්  සමග සටන් කල සංවිධාණ එය නවතා දැන්  මුස්ලිම් මුළධර්මවාදීන් සමග සටනට එලබිලා.


තව සතියක් දෙකක් ගියාම තවත් චිත්‍රපටියක් පෙන්නාවි. එතෙක් අපි “හලාල් සමග හරාම්” බලමු.



5 comments:

samakayawate said...

එපා වෙච්ච අප්‍රසන්න මාතෘකාවක් බන් මේක

විදුර said...

පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා. මුස්ලිම් 9% කියල වෙන්න ඕනා.
ඔව් මේක එක අතකින් චිත්‍රපටයක් තමා. ජීවිතය රඟමඩලක් හැමෝම නලුවෝ කියලත් කියනවානේ.

මෙහෙම බලන්න, උලමා සංවිධානයේ තග දාන්නෙ සහතිකය ගන්න කොට ඒ ආයතනයට මුස්ලිම් අය 10% අනිවාර්යෙන් රැකියා දිය යුතුයි. වට්ටෝරුව දිය යුතුයි. ආයතනයේ ආදායම අනුව මිලියන 1 දක්වා වාර්ශිකව දිය යුතුයි.

හරි මෙහෙම වාර්ශිකව මුදල් ගන්න කියලා ‍කුරාණයේ හෝ අල්ලා දෙවියන් දේශනා කරලා තියෙනවාද? 10% මුස්ලිම් වරු ආයත‍නයේ ස්ථිර සේවටය ගන්න කියලා අල්ලා දෙවියන් කියලා තියෙනවාද?

මෙහෙමත් වංචාවක්. රජයෙන් අනුමත කරලා සහතික නිකුත් කිරීමක් කලානම් තමා හරි එකත් හොරට.

දැන් තියන එකම විසදුම ඔය සල්ලි උලමාලාට ඕනෙම නම් ඕක ඉස්ලාම් අයගෙන් අරගන්නවා. උදා හලාල් / හරාම් වෙන වෙනම. හලාල් වලට යන 10% මුස්ලිම් අයගෙ පඩිනඩි, උලමා සංවිධානයේ බද්ද හා වාර්ශික මිලියනයක හො මිලියන 100ක බදු හො කුමන දෙයක් හො එව භාන්ඩයේ මිලට එකතු කරලා විකුණනවා.

හලාල් බිස්කට් පැකට්ටුවක් රුපියල් 35 හලාල් නොවන 30යි. මුස්ලිම් අය පැන පැන හලාල්ම ගනී නේද?

Unknown said...

මම ඔය හලාල්-හරාම් වලට කැමැති නැහැ. නමුත් මේ කතාවත් කිව යුතුයි.

බදු ගෙවන ඉස්කාගාරවල අරක්කු විකිණීම තහනම් නොවේ. බදු නොගෙවන අරක්කු ‘හොර අරක්කු‘ වන බැවින් විකිණීම තහනම්. එබැවින් ඒවා පොලිසිය අල්ලනවා.

නමුත්, බදු ගෙවීම සහ නොගෙවීම තත්ව සහතිකයක් නොවේ. ඇල්කොහෝල් ඇල්කොහොල්මයි. (වරදවා හිතන්න එපා. ජාතිවාදයක් මතු කළා නොවේ. ජාතිවාදී පැත්තෙන්ම ගත්තෝත් දේපාර්ශවයම සිහි එළවා ගත යුතුයි.)
හලාල්-හරාම් නාට්‍ය පමණී. දේශපාලනයේ එදා දවස ගෙවා දමන එක තවත් එක මගඩියකි.

Anonymous said...

හලාල් දෙන්න උලමාලාට කොම්පැණි වලට ගෙවන්න උනොත් එළම එල....

miduma said...

නලින්,
මමත් කියලා තියෙන්නේ ඒකම නේද ?.