පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, September 17, 2012

පුංචිත්තාගේ ලෝකය.





ජීවිත නාටකයට තවත් එක් ජවනිකාවක් එකතු වෙමින්  එහි සීයාගේ චරිතය රගපාන්න මීදුමට අවස්ථාව නියම විනි. ඒ  බව මීදුම කියවන ඔබට දැනෙන්න ඇත්තේ මීදුමේ පලවන වියමන් නොමැතිවීමෙන් විය යුතුය.

පුංචිත්තාගේ ලෝකය විසිතුරුය. පුංචි ලෝකයේ විසිතුරු කියන්නට පෙර පුංචි එවුන් හා පුංචි එවුන්ගේ දෙමව්පියන් වැළද ගන්නා මිත්‍යාව නිසා පුංචි එවුන් විදිගන්නා අපහසුතා ගැන කතා කරන්න පුංචි ත්තාගේ සීයාට අත්දෑකීම් ඇතිවිය.

මින් දශක තුන හතරකට පෙර මව් කිරෙන් බැහැරවු පුංචිත්තාලා අද මවු කිරට එකතු වී ඇති බව මීදුම වියමන් කරන්නේ බලවත් සතුටකින් යුතුය. ඒ අතීත අම්මලා වෙළදපලේ ඇති නානා නම්වලින් පිරි ළදරු කිරිපිටි වල නම් කියමින් උජාරු වු අතර මව්කිරි පමනක් දෙන අම්මලා හෑල්ළුවට ලක් කලේය. පසු කාලයක් වන විට ළදරු කිරිපිටි ටින් එකේ මූනතට “මව්කිරි දීම අගනා බව“ සදහන් වැකියක්  එකතුව ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට රජයන්ට නීති නියෝග පැනවීමට සිදුවිය.වර්තමානයේ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් බිලිදු අවධියේ සිටම දරුවන්ට මව්කිරි දීමේ වැදගත් කම මවුවරුන්ට ලබා දෙන්නේය. ඔවුන් බහුජාතික සමාගම් වල වෙළද නියෝජිතයෝ නොවී කරන මෙම සත්කාර්ය අප සැවොම අගේ කල යුතුය.

අපේ පුංචි එකාගේ දැන් වයස මාස අටක් වී ඇත. පුංචි එකා පළමු මාස අටේ මවු කිරි පමනක් උරා බී මෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවා දැම්මේය.මාස හතර ඉක්මවු පසු අර්ධ ඝණ ආහාරවලට හුරු කලේය. මුල් මාස දෙක දියර ස්වභාවයටත් මාස හයේ සිට දියර ස්වභාවය අඩු කරමින් තලපයක් ලෙස ආහාර සකස් කර දෙන්නත් පුරුදු විය.

මීදුම සියා කෙනෙක් වී මුණුපුරා වැඩෙන හැටි නිරීක්‍ෂණය කලේය. මේ වියමනේ සිට පලවන්නේ ඒ නිරීක්‍ෂනයේ වාර්තාවන්ය.

notes of imaginary

3 comments:

♥ ළිහිණි ♥ said...

දරුවන්ව හදපු වඩපු දෙමාපියෝ සීයලා වෙලා දරුවන්ගේ දරුවන්වත් හදා වඩා ගන්නකොට මොන තරම් සතුටක් දැනෙනවා ඇතිද.....

jayantha colombage said...

සීයා කෙනෙකුවීම සෑම තාත්තා කෙනෙකුගේම උත්ප්‍රාසයට හේතුයි.තාත්තා කෙනෙක් වීම බොහෝ පිරිමින්ගේ උත්ප්‍රාසයට හේතුයි.වැඩිහිටියෙක් වීම බොහෝ දරුවන්ගේ උත්ප්‍රාසයට හේතුයි..මේ හැම මුල් අවස්ථාවක්ම ඊලග අවස්ථාවෙන් අනිත්‍ය වී යාම විශ්ව ධර්මතාවයේ හේතුවයි..පංචිත්තාද සීයාද එක් අවස්ථාවකදී එක සමානයි..ඒ නිසානෙ සීයා පොඩිදරුවෙක් වගේ කියන්නෙ.පුංචිත්තාද (යම් කලෙකදී)සීයාද උක්හිටි තැනම මලමුත්‍ර පහකරයි.කවුරු හෝ කවයි.පොවයි..
ඒතමයි සංසාරයේ ස්වභාවය
සීයාට සුභපැතුම්

Anonymous said...

I do not know if it’s just me or if everybody else encountering issues with your site. It seems like some of the text in your content are running off the screen. Can someone else please provide feedback and let me know if this is happening to them as well? This might be a problem with my browser because I’ve had this happen previously. Cheers