පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, August 27, 2012

ප්‍රේමයේ සිරකරුවෙකුවු ෂා ජාහාන් - ටාජ් මහල්



ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි කරනලද සදාතනිකවු සිහිවටනයකි. මෝගල් අධිරාජ්‍යෙයකුවු සජාහාන් රජතුමා(ක්‍රි.. 1627 – 1658)  17 හැවිරිදි මුම්ටාස් කුමරිය හා විවාපත්වුයේ 1612 වසරේ මාර්තු මස 13 දිනදීය. සජාහාන් සහ මුම්ටාස් යුවලට දරුවන් 13 දෙනෙක් වුහ . විවාහයෙන් පසුව සජාහාන් රජතුමා ඈ තම අගමෙහෙසිය බවට පත්කර ගත්තේය. මුම්ටාස්මහල් දේවිය 14 වෙනි දරු ප්‍රසූතියට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ අධික රුධිරවහනය වලක්වා ගත නොහැකිව තම ජීවිතය බේරාගැණිමට අසමත්ව මියගියාය.
එකිනෙකා කෙරෙහි තද බැදීමක් ඇතිව සිටි රජතුමා තම මෙහෙසියගේ වියෝවෙන් පසු ජීවිතයේ බලවත් මානසික පසු බෑමකට ලක්වු බව මුලාශ්‍රයන් කියවන විට අනුමාන කල හැක. ඔහුගේ ශෝකය තුණි කර ගනුවස් තම ආදරවන්තිය වෙනුවෙන් සිහිවටනයක් ඉදි කිරීම ඔහුගේ අරමුන විය මේ නිසා ජීවිතයේ අවසාන කාලයේ තම පුතෙකුගේම සිරකරුවෙකු බවට පත්ව මාළිගය තුලම කාමරයක සිරකරුවෙකුව ජීවත්ව මිය ගිය බව සදහන්ය.
විශාරද සනත් නන්දසිරියන් ගයන මේ ගීතය ඔබ රසවිද   ඇති බව නිසක ය. එම ගීතයේ පදමාලාව කියන්නේ සජාහාන්ගේ සිතිවිලි යයි මගේ සිත කියයි.
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමල මැදුර බලා වඩින්න දේවියේ.
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..යමුනාවේ 
තරඟ මතින් මත පිළිබිඹු වේවා..චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා-මැදුරක කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු-නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

මුම්ටාස් මහාල් (MumtazMahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙයි. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මෝගල් රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි.
අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය.

 කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
ඔහු සියළු රාජ්‍ය කටයුතු වලින් බැහැරව අවුරුදු විසි දෙකක්ම මියගිය තම මෙහෙසිය වෙනුවෙන් කාලය ගත කරමින් මේ මහා ස්මාරකය ඉදිකරිම නිසා රටවැසියා නෙසන්සුන්වුවා විය හැක. එහි ප්‍රතිපලයක් ලෙස වෙනත්  බිසවකට දාව උපන් පුතකු වූ අවුරන්ග් සෙබ් රාජ්‍ය බලය අල්ලා ගෙන සජාහාන් සිරකරුවෙකු බවට පත් කර ජීවිතාන්තය දක්වා මාලිගයේ කාමරයක සිරකර තැබුවේය.ඉන් වසර අටකට පසුව 1666 එක්තරා දිනෙක ටජ්මහල දෙසටම දෙනෙත යොමුකොට මරණය සොයා ගොස් සිටි සාජහාන්ගේ දේහයද මුම්ටාස් අසලින්ම මිහිදන් කෙරිණි.
notes of imaginary

No comments: