Thursday, May 31, 2012

දියණියනි, - මැයි 31 දා.

notes of imaginary

 

31.05.2012

ආදරණිය සුදු,

thank  loku. මට ලැබුන sms පණිවිඩයේ තිබුනා. මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ එහෙමයි.

 ඒත් මම කියාගෙන එන කතන්දරය සුදුට කියන්න හිතුනා. එක විවාහයක් සිද්ධවුනේ මෙහෙමයි. පාසල් කාලයේ ඉදන් දැන ඇදිනගෙන ආදරවන්තයෝ වෙලා හිටියා. දෙන්නම උසස් පෙල උසස් විදියටම සමත් වෙලා ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලය හමාර කරලා විවාහ වුනා. දෙන්නගේ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා දෙපාර්ශවයේම වැඩිහිටියෝ විවාහයට කැමැත්ත දුන්නේ නෑ. ඒත් මේ ආදරවන්තයෝ දෙන්නාට විවාහ වෙන්නම ඔන වුන නිසා දෙමව්පියෝ කැමැත්ත දුන්නා.

එක දරුවෙකුත් ලැබිලා දරුවට මාස හත අටක් වයසේදී දෙන්නා දෙපලකට වුනා. මාත් මේ දෙමවිපියන්ගේ උවමනාවට මේ දෙන්නත් එක්ක කතා කලා . දෙන්න ‍වෙන ‍වෙනම කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දරුවා ලැබුනට පස්සේ එයා මට ආදරේ නෑ කියලා. මේ දෙන්නා ප්‍රාර්ථනා කරන ආදරේ මෙකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. මේ දෙන්න සමථයකට පත්කරන්න ගත්ත සියළු උත්සහායන් ව්‍යාවර්ථ වෙලා අද වන විට වෙන්වන්න අධිකරණයේ පිහිට පතා ගෙන වැඩ කටයුතු කෙරෙනවා.

මේ වරද කේන්දරේද ?. අනවබෝධයද ?.

අනිත් යුවල ටියුෂන් ක්ලාස් එකේදි හමුවෙලා .එක බස් එකේ ගමන් ගිහින් දෙවෙනි වර උසස් පෙල ලියා ගත්තා විතරයි කසාද බැන්දා. කඩුල්ලි මේ මනාල මහත්තයා ‍ගේ අම්ම‍ගෙන්  විවාහ උත්සවය දවසේ ඇහුවා ප්‍රශ්ණයක්. “නංගා  ඔයා පුතා බෝනික්කෙක් ඉල්ලලා අඩන කොට බෝණික්කෙක් අරන් දුන්නා වගෙයි නේද ? “ කියලා  කඩුල්ලීගේ ප්‍රශ්ණයට  උත්තරය  අවුරුදු එකහමාරක් විතර යන කොට ලැබුණා. ‍මේ ‍දෙන්න‍ගේ ‍ගෙදර ප්‍රශණ පත්‍රයට උත්තර ලියන්න බැරිව මාස හත අටක දරුවෙක් සමග  දැන් දෙන්න දෙපලේ !.

සුදුලාගේ ව‍ගේ තරුණ වයසේ  අය  මග දෙපස තියෙන අන්ධකාරේ දකින්නේ නැහැ. ඈතින් ‍පෙ‍නෙන මිරිගු‍වේ ආලෝකය විතරයි දකින්නේ. විවාහයට ‍පෙර දැන අදුනා ‍ගෙන ඉන්න ඔනී කියන මතය තරුණ වය‍සේ දරුවන්  නිවරදිව අදුරා ගන්න පටන් ගන්‍නේ විවාහ‍යෙන් පස්‍ ‍සේ කියලයි ඉස්‍සෙල්ලා කියාපු සිද්ධි ‍දෙ‍කෙන්ම මට හි‍තෙන්‍ ‍නේ.

දැන  දරන අදුනා ගන්න ආදරේ කලත් විවාහයේ ප්‍රශ්නත් සමගයි දෙන්නා අදුනා ගන්න පටන් ගන්‍නේ.. එතනදී වගකීම් බෙදා ගන්න  ගන්නා උත්සහායේදී වගකීම් වලින් බැහැර වෙන කොට ගැටුම් ඇතිවෙනවා. ‍බැදීමක් වගකීමක් නැතිව ‍කොයිතරම් දැන ඇදිනගත්තත් වැඩක් ති‍යෙනවද ?. යෝජිත විවාහ ගැන තර්ක විතර්ක කරන තරුණ වය‍සේ දරුවන්  මම කැමති දැන අදුනා ගත් අ‍යෙක් සමග විවාහ ‍වෙන්නයි  කියලා තර්ක කරනවා.

අධ්‍යාපනයම දැණිමයයි හිතන්නත් බැහැ. විභාග සහතික ‍‍කොයිතරම් තිබුනත් ප්‍රායෝගික  නැත්නම් වැඩක් ති‍යෙනවද ?. වැඩිහිටි‍යෝ තම ජීවිත‍යෙන් අත්දැකීම් එක්රැස්කර ගත් අය. වැඩිහිටියන් සිතන්නේ ඒ අත්දැකීම් මූලාශ්‍රකර ගෙන. ඉතින් එයාලට ඇහුම්කම් දීමත් වැදගත්වනවා.

අපි ලබන සතියේ ආයේ හමුවෙමු. පොසොන් පෝයත් ලගයි. සිල් ගන්න අදහසක් එහෙම නැද්ද. ලොකු නම් සිල් සමාදන් වෙන අදහසින් ඉන්නේ.

තෙරුවන් සරනයි.

ආදරණිය ලොකු 



4 comments:

නිම්ශා said...

සමහර අය ඉන්නවා කොච්චර අවුරුදු ගණන් ගියත් අදුරගන්න බැ හරි කෙනාව..සමහරවිට දෙමාපියෝ හරි වෙන්න පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්..ඔය ගැන කොහොම අදහසක් දෙන්න බැ..එක දෙයක් හරි..වැඩිහිටියන්ට අපිට වඩා දුර පේනවා..

නිම්ශා said...

සමහර අය ඉන්නවා කොච්චර අවුරුදු ගණන් ගියත් අදුරගන්න බැ හරි කෙනාව..සමහරවිට දෙමාපියෝ හරි වෙන්න පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්..ඔය ගැන කොහොම අදහසක් දෙන්න බැ..එක දෙයක් හරි..වැඩිහිටියන්ට අපිට වඩා දුර පේනවා..

නිම්ශා said...

කෝ මේ ඔයාගේ ෆලෝ කරන අයගේ ලිස්ට් එක මිදුම්..මට ෆලෝ පාරක් දාන්න එක පෙන් නැනේ.. :(

Sihina Dakinniya said...

මාත් එකඟයි! අත්දැකීමෙන් ලබන දැනුම ප්‍රායෝගිකයි. ඒ නිසා වැඩිහිටියෙකුගේ ඔවදනක් ගැන දෙවරක් හිතන්න ඕනැ ඉවත දමන්න කලින්.