පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, November 23, 2011

ෆෙඩ්‍රික් බලකොටුව - .Fort Fredrick

 මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම සංචාරයක යෙදුනාට වඩා අද ත්‍රිකුණාමලය නිදහස් පරිසරයක් නිර්මාණය කරගෙන. උදේ පාන්දරින්ම නවාතැනින් පිටත් වුන මීදුම වෙරළ දිගේ ඇවිදගෙන හිරු පායනවා බල බලා ෆෙඩ්‍රික් බලකොටුවේ ආරුක්කු දොරෙන් කෝනේස්වරම් කන්ද නගින්න  පටන් ගත්තා.
පෘතුගීසින් විසින් ෆෙඩ්‍රික් බලකොටුව 1623 වසරේ ඉදිකර න ලද බලකොටුවක්. ඒ අතීතය වන විටත්  ත්‍රිකුණාමලය ලෙස වර්තමාණයේ හදුන්වන එකල ගෝකණ්‌ණ ලෙස හැදින්වු  මෙම වරාය ඇතුලත් ප්‍රදේශය  චීන, අරාබි, ග්‍රීක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ  වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණා. ක්‍රි.ව 1624 වන විට ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක්‌ තැනුවා. ක්‍රි.ව 1639  ත්‍රිකුණාමලයේ බලය ලන්දේසීන් අතට පත් වුණා. ඉන්පසු ලන්දේසීන් විසින් මෙම බලකොටුව තවත් පැතුරුන බිම් භාගයක ශක්‌තිමත්ව ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත.
බලකොටුව පාමුලපිහිටි මහ මුහුද  ලන්දේසි වරාය ලන්දේසි බොක්‌ක නමින් ද හදුන්වනවා.   ලන්දේසිගෙන් පසුව  1782 දී  මේ බලකොටුව ඉංග්‍රීසීන්ගේ  පාලනයට  යටක් වනවා . වරින්වර මෙයට ප්‍රංශ හමුදාව ද ප්‍රහාර එල්ල කළ පව ඉතිහාසයේ සදහන් වන්නක්. 1795 දී පූර්ණ වශයෙන් බලකොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයව  අයත් ව   එතැන් පටන් දියුණු වූ මේ තුළ නාගරික අවශ්‍යතා ගොඩනැඟුණා.

ෆෙඩ්‍රික්‌ කොටුව තුළ හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇත. වර්තමානයේ සංචාරකයින් නිතර ගැවසෙන ස්ථානයක්ව ඇති ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල ෆෙඩ්‍රික්‌ කොටුව තුල පිහිටා තිබෙනවා. ගජබා රෙජිමේන්තුවේ කඳවුරක් පිහිටා ඇති අතර නඩත්තු කටයුතු කරනු ලබන්නේ ඔවුන් විසිනි




.Fort Fredrick is a fort built by Portuguese colonials at Trincomalee, Eastern Province, Sri Lanka in 1624. It was built on Swami Rock-Konamamalai from the debris of the world famous ancient Hindu Koneswaram temple (Temple of a Thousand Pillars) that was destroyed by the Portuguese under Phillip IV, colonial occupiers of the Jaffna kingdom and Malabar country on the island. Several Hindu shrines in the Tamil country were destroyed during the occupation, particularly under Phillip III, when Trincomalee became the scene of naval battles during Europe's Thirty Years' War. It was initially a triangular fort named the Fort of Triquillimale by the Portuguese equipped with guns captured from a Danish fleet ship. This fort was captured by a Dutch fleet under Admiral Westerwold in 1639 and in 1665 a new fort was built here by the Dutch to defend against the advancements of the British and the French. The fort was renamed Fort Fredrick. In 1672, the year when the Dutch Republic was attacked by France, Britain, and two German states, the French captured Trincomalee and later they occupied Batticaloa. However soon the French were forced to leave. Trincomalee was important for its large all-season secure harbor. In late 18th century Trincomalee traded hands once more with the French capturing it again and later handing back to the Dutch East India Company(VOC) at the Peace of Paris in 1784. In 1795 it was taken over by the British, and remained a British garrison till 1948. Duri Coastal artilleryguns were added during the two World Wars.
Today it remains garrisoned by a detachment of the Gajaba Regiment, Sri Lanka Army, but accessible to visitors.
Arthur Wellesley, later 1st Duke of Wellington visited whilst a Colonel in the British East India Company, the bungalow he resided in is known as Wellesley Lodge which is inside Fort Fredrick and now is the officer's mess of the 2nd (Volunteer) battalion of the Gajaba Regiment.
ෆෙඩ්‍රික් බලකොටුව ගැන විකිපීඩියා සටහන් කරන්නේ  ඔය විදියට..

වර්තමානයේ පිවිසුම පෙනෙන්නේ මේ විදියට







Monday, November 14, 2011

සිතට කවි පද ගෙනේවි





මීදුමෙන් වැසී සිතිජයක කව 
සුළග නිහඩවම මුමුණාවී 
අදුරු අහ‍සින් ගලන පිණි බිදු 
රැයේ මල් තියාවි
 තාරුකා රැදි අහස් මායිම 
මිහිදුම් සළුවෙන් වසාවි 
නිහඩ ගීයක් තනිව මුමුණා 
රෑ පුරා හමා ඇදේවී 
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට 
සිතට  කවි පද ගෙනේවි 

Thursday, November 10, 2011

Belihuloya

Belihuloya Slideshow Slideshow: මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella) and Deniyaya. Stunning free travel slideshows on TripAdvisor

Tuesday, November 08, 2011

විශ්වාස කරනවද ?.

වම් අත පැත්තේ කවුද ඉන්නවා

කවුද මේ එන්නේ ?.

නිදා ගන්නවත් බෑ 

මොකද කල්පනාව ?.

ආ ඇද යට කවුද ?.

මෙහෙත් ඇවිල්ලා ?.

Friday, November 04, 2011

යදමින් බැද - විශාරද නන්දා මාලණී

යදමින් බැද විලංගු ලා  මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන්  වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව  මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.