පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, October 09, 2011

පොතුවිල් මුහුදු මහා විහාරය.





නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
 අතීත කතාව ඇරඹෙන්නේ එකල  සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ  සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට  විහාර මහා දේවිය  නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට  (අරුගම්බේ ) යයි කියවේ.




පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක්  මෙන්ම බුදු පිළිම වහන්සේ නමක්  ඉදිරියේ  සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින්  අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
 


ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට  ආගම් ජාති පටලවා ගත යුතු නැති බව මිදුම අදහස් කරයි.




5 comments:

Anonymous said...

Api hema deyama mudalin sihtana patu jaathiyak wela. Ape dewal apita agaya nethi wena tharamatama kohenwath aapu evun rata tiken tika gila gannawa. Sinhalayata es erena dawasak enne neththe salli walin un andha wela nisa. mehema thenak thiyena vaga pennala dunnata pin. kohoma hari Anuradhapuraya wage mekath rekunoth obatai ee pina.

ruwan said...

machan othana eththatama wela thiyenne sinhalaya hema ekkenawama saadarayen pili gannawa..ithin eken anawashya prayojana aran anith jaathin unge oona epaakam pirimaha gannawa..ape sinhalaya uda balaagena innawa arunge hitha riddanna beruwa.. e aya ape gedarata ewith eyaage ge kiyala kiuwath, oyaage genam ithin mama yannam kiyana tharam moda jaathiyak wela thiyenne..api ape dewal rekaganna negitinna oone..me rate inna lokko kiyana eun mudalata amma thaththa paawala dena jaraa hethikarayak..eungen ape jaathiyata, aagamata kisima pilisaranak nehe.api wage podi minissu hari meka aaraksha karaganna oone..

Anonymous said...

මුහුදු මහා විහාරය දැනට පුරා විද්‍යා ස්ථානයක් ලෙස නම් කර නැතිද?
එහි දැනට පූජ්‍ය ස්ථානයක් පවත්වාගෙන යනවාද?
එසේ පවත්වාගෙන යන විහාරස්ථානයක්නම් එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා කවුරුන්ද?

(සුදත්)

miduma said...

පොතුවිල් මුහුදු මහා විහාරය පුරා විද්‍යා ස්ථානයක් ගෙස නම් කර පුරා විද්‍යා ඉඩම් සීමා මායිම් කර ඇත. මෙම ස්ථානයේ තාවකාලික හමුදා ඛණ්ඩයක් මා එහි ගිය නොවැම්බර් මාසයේ සිටි අතර එක් හිමි නමක් වැජ සිටියේය. එම හිමියෝ එම සුථානයේ වාසී හිමිනමක් දැයි මට නිශ්චිතව කිව නොහැක.

miduma said...

මා ගිය අගෝස්තු මාසයේ ලෙස සංශෝධණය විය යුතුය.