පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, September 24, 2011

මද්දහනේ නිලාවේලි වලට.

ගිරිහඩු සෑයයෙන්  ආපසු ත්‍රිකුණාමලය දෙසට එන අතර අපේ නඩේ නිලාවේලි මුහුදු තීරයට පිවිසුනා.
අපේ විද්‍යාර්ථීන් සැලසුම්, පරිපාලන, මුදල්  සංවර්ධණ වගේ දෙපාර්තමේන්තු රැසකට අයත් උදවිය . මේ රැල අතර සිටින ශාරීරීක අධ්‍යාපන උපදේශක වරයා  තමයි ගමනේ සැලසුම් අංශයේ ප්‍රධානියා. මෙතුමා පරිපාලන බලතලත් කණ්ඩායමේ  නායකත්‍වයත් රාජකාරි ලැයිස්තුවට ඇතුලත් වෙලා තිබුනා.  කණ්ඩායම නියමිත කාලසටහනකට හසුරුවන බව ගමන පටන් කලින්ම නිවේදනය කලා. මගෙන් අහන්නේ නැතිව කටින් කෙළ බිංදුවක් වත් හලන්න බෑ තේරුනාද ?  මනුස්සයා‍ නීතීපොත පෙරලන ගමන්  උපදෙස් දුන්නා.  එතුමා ගේ අණ තමයි ගමන කෙළවර වෙනකම් බලපවත්වන්න ඕන කියලා මුලින්ම කිවත්  එතුමා හැර අනෙක් සියල්ලෝම නීතියට රූලට වැඩ කලා කියලා මීදුමට හිතුණා.


පාන් ගන්න  ප්‍රේස්ටි ෂොප්  දහයක් දොළහක් පහු කරලා රටබීම අළවි සැලක් ගාවින් තියෙන ප්‍රේස්ටි ෂොප් එකක් හොයා ගන්න  කිලෝ මීටර් විස්සක් තිහක් ගෙවන්න මේ ලොක්කෝ සමත් වුනා. ඉස්සරහ දොරෙන් පාන් එන කොට බස් එකේ ජනේල් අතරින් තිප්පොලවල් වලට බඩු ආවා. සීට් ඇතුලට නැමිලා තොල කට පිහිදා ගන්නේ හරියට  හොරපොලකට රිංගලා එළියට බහින්න වගේ. නඩේ එක්කෙනාට එක්කෙනා ගානේ පොලිසිය හිටියත් පොලිසිය නොමග යවන්න මේ ඇත්තෝ සමත් වුනා.
කොහොමද අද රාත්‍රි නවාතැන්.?. ඕ ......... ඒවා ඔක්කොම හරි. කලින් වෙන් කරවා ගෙන තියෙන්නේ ?. සැලසුම් ප්‍රධාණියාගෙන් අහපුවම උත්තරය වුනත් හැමදාමත් අගුවක බිම නිදාගන්න තරමට තිතට සැලසුම ක්‍රියාත්මකයි. ගමන් කාලසටහන නරඹන ස්ථාන  ලිපිගොණුවක අපුරුවට ගොනු කරලා . ඒත් ක්‍රියාත්මක වැඩ පිළිවෙල බස් එකේ කොන්දොස්තර පඩිතුමාට ඕන හැටියට.
අන්තිමට බලමුවහම ආණ්ඩුවේ කාර්යාලයක වැඩ වගේ ගමනත් සැලසුමෙන් බාගයක් වත් කෙරිලා නැහැ.


ඔයින් මෙයින් නිලාවේලි ගැන කියන්න බැරිවුනානේ  ගිණි ගහන මධ්‍යහ්න දොළහට  අපි කණ්ඩායම නිළාවෙලි වැල්ලට බැස්සුවා. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ආප්පේ වගේ කරවෙලා මීදුම ඉක්මනින්ම වාෂ්ප උනා  හෙවනකට. උදේ නවයට විතර නිලාවේලි පහුකරගෙන ගිරිහඩු සෑය බලන්න  ගියා. ඒ වෙලාවේ නිලාවේලි වෙරළට ගියා නම් විදින්න තිබු චමත්කාරය  සිහිපත් කරගෙන  ඈත ඉදන්  නිලාවේලි වෙරළ දිහා බලා හිටියා.
සැළසුම් විද්‍යාර්ථීන්ගේ නේ ! .  නම පොඩ්ඩක් වෙනස් කරලා කිව්වත් මේ ගොල්ලත්  ඒ දණ්ඩේ යන්න බැරි කට්ටියනේ මීදුම තීරණය කලා .
වෙරළ ජනාකීර්ණයි. කුච්චවේලි ප්‍රාදේශිය සභාව සංචාරකයිනට වැල්ලේ හෙවනක් නම් හදා දීලා තියෙනවා. යන එන පාර අවට පරිසරය ටිකක් ක්‍රමවත් කරලා. පරෙවි දූපතට  සංචාරකයින් ගෙන යන බෝට්ටු එනවා යනවා. 

ගිණිමද්දහනේ ඩිංගකින් පදම වැඩිවෙන බව නොදන්නා   ගැටයෙක් ඌරු පැටියෙක් වගේ වැල්ල අවුස්සා ගෙන කබානාවක ඔළුව ගහගෙන වමනේ දා ගෙන නිදි .





මීදුම නිලාවේලි වලදී ඉතිරි කර ගත්ත ඔය අනම් ටිකත් එක්ක මේ පින්තූර ටික බලන්නකෝ. අර ඈතින් පේන්නේ පරවි දූපත.



1 comment:

සංකල්පනා - රුවන් said...

ජීවිතයේ සැඳෑ සමයේ රට වටා සංචාරය! කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහඟු අවස්ථාවක්.

යුද්දෙත් ඉවරයි. මේ හොඳම කාලෙ! සුභ පැතුම්.

“ගිණිමද්දහනේ ඩිංගකින් පදම වැඩිවෙන බව නොදන්නා ගැටයෙක් ඌරු පැටියෙක් වගේ වැල්ල අවුස්සා ගෙන කබානාවක ඔළුව ගහගෙන වමනේ දා ගෙන නිදි.“

තාරුණ්‍ය “පොර  උන්මාදයට උගසට තියලා“ සමහර විට බීලා නානන ගිහින් ඔතනම වැලලෙනවා. මෙහෙම ලොකු වුනොත් සමාජයටම පිලිලයක් වෙනවා. අනාගෙතේ චන්දන රණසිංහ, සෝභිත. A. Joshep වෙගේ රට වනසන වංචාකාරයින්ගේ ආරම්භය.