පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, September 14, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අල කලංචිය.


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක්  ඇතිවී මේ වන විට  ඒ පිලිබද සමාජ කතිකාවක් ආරම්භ වී ඇත.
වෛද්‍යවරුන් සුලභ වීම ජනතාවගේ පැත්තෙන්  සුබවාදී ප්‍රතිපලයකි. ගිණි ගනන් දී චැනල් සේවයේ  අලවි වන රෝගීන්ට වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩීවීමෙන් එම ගසා කෑමේ ප්‍රවනතාවයට තරග වෙළද පළක් නිර්මාණය වන්නේ නම් වෛද්‍ය විද්‍යාල එකක් නොව දහයක් ඇති වීමද පලදායි නිමිත්තක් වනු ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  ටියුෂන් කඩ මෙන් ප්‍රමිතියක් නැති අවලන් කඩ වන්නේ නම් අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරුන් ප්‍රමානයද සමානුපාතිකව වැඩි විය යුතුය. එසේ නොවුන හොත් ජනතාවට සිදුවන්නේ මිණි පෙට්ටි ගිණිගණන් ගොස් පෙට්ටියද නොමැතිව මිහිදන් වන්නටය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා වන අදහස මුලින්ම ඇති වුයේ 1977 බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව යටතේය අවසානයේදී එජාප ආණ්‌ඩුවට තමන්ගේ එකඟතාවයෙන් පිහිටු වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කරන්නට සිදුවිය. මේ රජය යටතේ යටපත්ව  තිබු පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය යළිත් හිස ඔසවන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදිකිරිම පිලිබද කතා බහත් සමගය.
උසස් පෙල සමත් මුදල් වියදම් කිරීමට හැකි දෙමව්පියෝ තම දරුවන්  විදේශ රට වලට යවා අධ්‍යාපනය ලබා දීම නිසා විශාල විනිමය ප්‍රමාණයක් අහිමි වන බැවින් එයට පිළියමක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම වැදගත් බව රජයේ මතය වී ඇත.ඇත්තෙන්ම උසස් අධ්‍යාපනය සදහා යොමු වීමට සුදුසු කම් ලැබුවත් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට වරම් නොලබන කොටසට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් යම් සහනයක් ඇති වන බව අප පිලිගතයුතුය. එහෙත් එම අධ්‍යාපන ආයාතන නිසි ප්‍රමිතියකින් යුතුවීය යුතුය.
රජයේ වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහි වන්නේ සත්භාවයකින් යයි සිතිය නොහැක. සෑම රජයේ වෛද්‍යවරයාම  පෞද්ගලික ප්‍රතිකාර  කරන ව්‍යාපාරිකයෝය. ඔවුන්ගේ වෙළද පොලට අළුතින් වෛද්‍ය කඩ විවෘත වීමෙන් ඇතිවන වෙළද තරගයෙන්  සිදුවන ආර්ථික හාණිය අවම කර ගැණිමට  වෛද්‍ය කඩ ප්‍රමාණය අවම කර ගත යුතුය. ඊට පිලියමක් ලෙස වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමාණය සීමා කර ගැණිමට දැනට ඇති වෛද්‍ය විද්‍යාල පවා වසා දමන්නේ නම් ඔවුන් කැමති වනු ඇත.
අධ්‍යාපනය ලැබීමේ අයිතිය  සැමගේම  අයිතිවාසිකමක් බැවින් රජයෙන් නොහැකිනම් පෞද්ගලිකව හෝ  අධ්‍යාපනය ලැබීමට පුරවැසියනට අයිතියක් ඇති බව අප අමතක කල යුතු නැත. මෙම අයිතියට  අධ්‍යාපනය ලබා ඉහලට ගිය අය අකුල් හෙලීම සුදුසු නැත.  

5 comments:

Anonymous said...

කොහොමද ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් මොලේ නැති බූරු දොස්තරල ඇවිලල මිනිස්සු මරන්න ගත්තම?මිනී පෙට්ටි ලාබවෙයි නේ!උන් දේශපාලන හයියෙන් දොස්තරල වෙන කාලකණ්ණි හින්ද උන්ට විරුද්ධව උසාවියකට පොලිසියකට යන්න වත් බැරිවෙයි...........දැන් ඉන්න එවුන් අඩුගණනේ උසාවි දක්කන්න වත් පුළුවන්...........කොහොමද මැති ඇමති වරුන්ගෙ පුත්තු ඔක්කොම දොස්තරල වෙල මිනිස්සුන්ට බේත් කොරන්න ගත්තොත්..........ලක්ෂ 65ක් දීල අධ්‍යාපනය ලැබීමේ නිදහසෙන් ප්‍රයෝජන ගන්න හන්දියෙ කඩේ අප්පුහාමිගෙ පුතාට පුළුවන්ද?අද රටේ මිනිස්සුන්ගෙ ආදයම ඒ තරමට නැඟලද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

වැඩෙ හොඳයි , හැබයි ගුණාත්මක භාවය රැකගෙන කරන්න ඔනි

ඒකාලේ ජේආර් කරන කොට විරුද්ධ වුනු අයමයි දැන් කරන්නේ , මේ අය ජේ ආර්ට වඩා දශක 2ක් පිටිපස්සෙන් ඉන්නෙ

miduma said...

දේශපාලන යේ ස්වරූපය අපේ ජනතාව හදුනා ගෙන නැහැ.එජාපය කරන්න හදන කොට විරුද්ධ වෙන ශ්‍රිලනිපය ඒ වැරද්දම ඊට වඩා හොදින් කරනවා. දේශපාලන කටයුතු ගැන අධ්‍යණයකින් ඉන්නවා නම් මේ බව පැහැදිලි වනවා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. එක් ආණ්ඩුවක් පටන් ගත්තදේ ඉදිරි ආණ්ඩු සම්පූර්ණ කරනවා. එහෙම උනේ නැත්නම් රටේ ප්‍රගතියක් ඇති වන්නේ කොහොමද? අන්තිමට විවෟත කරපු එකාගේ නම ගහ ගන්නවා.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිවු දඹරාවේ රතනසාර හිමි වෙඩි පහරකින් අපවත් වුනා.ඒත් තාවකාලිකව අත්හිටවු අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අංග තව දුරටත් එකින් එක ක්‍රියාමත්මක වනවා.


1948 න් පසු ඉතිහාසය අධ්‍යයනය කරලා බලන්න. ගැටළු ආ විට තාවකාලිකව නතර කරන වැඩ ඉන් පස්සේ ටික ටික කරනවා. බලන්න පෞද්ගලික වෛද්‍ය සේවය, පෞද්ගලික අධ්‍යාපනය අද සාමාන්‍ය දෙයක් වුනාට එදා කොයිතරම් උද්ඝෝෂන ඇතිවුනාද කියලා.

madu said...

Government doctors who are engaged in privet practice has more attraction from the patients.So we do not have any challenge by people who buy MBBS for 6.5M.We need to maintain the higher quality of medical education.If anybody need more doctors can expand government universities.

රවින් said...

ලිපියේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි... ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙනවා නම්...