Monday, August 22, 2011

ආදරණිය දිල් වෙතට.


 අතීතයෙන් මතක අහුලන දිල් .



සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිපයේම උපුටා දැක්වීම් විතරයි සිද්ද වුනේ. ලියන්නත් හිතට ගලා එන්න ඕනි. කොයිතරම් උත්සහාකලත් ලියවෙන්නේ නැහැ. මෙහෙම ඉන්න අතරේ www.attitudeisaltitude.com  උපුටා දක්වලා  මීදුමට මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි කියන වීඩියෝ පටය එක්කලේ . මේ වීඩියෝ පටයට  අතීතයෙන් මතක අහුලන දිල් ප්‍රතිචාර දක්වලා තිබුනේ මෙන්න මේ විදියට.
 ......................................................2005 වසරේදී මම මුහුණ දුන්න දරුණු රිය අනතුර නිසා මගෙ කොන්දෙන් පහල කොටස පණ නැති උනා. ඒ අවස්ථාවේදී මම උන්න මානසීක තත්වය පැහැදිලි කරන්න ඇත්තටම මට වචන නෑ. මගේ ජීවිතයේ හුඟාක් දේවල් උදුර ගත්ත ඒ රිය අනතුරෙන් පස්සෙ මට කවදාවත්ම ඇවිදින්න බැරි වග ලංකාවෙ උන්න හොඳම දොස්තරවරු කියද්දී මම තව තවත් මනසින් වැටුනා. ඒ අනතුර නිසාවට මට මගෙ ආදරය නැති උනා.

ඒ අනතුරෙන් පස්සෙ මම කියවන්න පුරුදු උනා. ඉස්සරවෙලාම මට ශක්තිය ගෙනාපු පොත උනේ " සැබෑ මිනිසෙකුගේ කතාවක් " නවකතාව. ඒක සැබෑ කතාවක් උනත් ඒ චරිත මම දැකලා තිබ්බෙ මනසින් විතරයි. ඒ අතර තුර ඔබ මේ පල කල වීඩියෝවේ ඉන්නා පුද්ගලයාගේ වීඩියෝ පටයක් ලැබුනා. ...... මට මොනාද හිතුනේ.... මේ පුද්ගලයා මට සැබෑම ශක්තියක් ගෙනත් දුන්නා. අදටත් ඒ වීඩියෝ පටය මා ලඟ තියෙනවා.අදටත් මේ පුද්ගලයා දකින වාරයක් පාසාම මම අඬනවා. ඒ වෙන දෙයක් නිසා නොවේ..... මේ පුද්ගලයා මගේ ජීවිතයට කල ප්‍රාතිහාර්ය නිසා.... ඔහුගේ වචන මාව ශක්තිමත් කල නිසා...............
””
ඉතින් දිල් එක්ක කතා නොකර කොහොමද කියලා හිතුනා. දවස් ගානක් මීදුම එහේ මෙහේ යන අතර වැඩකරන අතර තුර නිදහසේ සිතුවිලි අතර අතරමං වෙන කොට සිහියට ආවේ දිල්ව. දිල් වෙනුවෙන් අඩන්න හිතක් පහල වුනේම නැහැ. මා කවදාවත් මුණ නොනැගුසුනු දියණියක වුනත් . දවස් ගනනාවක් තිස්සේ ඈ මගේ සිතට විවේකයක් නුදුන් නිසා .  ඇගේ   අතීතයෙන් මතක අහුලන  අඩවිය සොයා ගියා . http://atheethayen.blogspot.com/ , http://atheethayen.blogspot.com/search/label/%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A  මේ දින කිහිපයේම ඇව කි‍යවුවා.
ඈ සටහන් කර තිබුනා ඈගෙන් ඈත් වුන ආදරය ගැන. මිනිසුන්ගේ චපලකම් ගැන. මට හිතුනා මගෙන් ඈත් වුන ආදරයක් ගැන විග්‍රහයක් කරන්න. මේ විග්‍රහය සිදුවෙන්න සිද්ධින් සිදුවෙලා අවුරුදු තිහ හතලිහකට පස්සේ.  දකින්නෙත් වර්තමානයෙ ඉදලා. එදා විදවපු විදවිල්ල ගැන අද හිතන්නේ මම එදා මේ වගේ මෝඩ විදියට හිතුවේ ඇයි ?. කියලා.
හරියට කන්දක් නැගලා කදු පාමුල දෙස බලන කොට පෙනෙන සුන්දරත්වය කන්ද නගින කොට ඇතිවුන අපහසුකම් සියල්ල මකා හරිනවා වගේ මම ඒ අතීත දුෂ්කරතා අද දකින්නේ සුන්දර අත්දැකීම් විදියට. ඒකට හේතු වුනේ කදු මුදුනේ තිබු සිසිලස  මගේ ජීවිතේ නැවුම් කල නිසා වෙන්න ඇති.ඒත් දිල් මම වගේ නෙමෙයි. සිතින් කොහොම වෙතත් ගතින් අසමාන්‍යත්වයට පත් වෙලා. දිල්ට මට වගේ හිතන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. ඒත් ගිය හකුර ගැන හිතන්නේ මොකටද ?. අපි හිතන්න ඕනි තියෙන හකුර රැක ගන්න විතරයි. ගැහැණු පිරිමි කියලා නැහැ කොයි මනුෂ්‍ය ආත්මයක් ලබපු කොයි මනුෂ්‍යයත් ලොකු ආර්ථිකයක , සමාන අයට ඉහලින් අසමාන විදියට ජීවත් වෙන්න කැමතියි. ආදරය ප්‍රේමය හොයා ගෙන යන්නෙත් ආදරය ප්‍රේමය සුරක්‍ෂිත කරගන්නෙත් අයිති කරගන්නෙත් දගලන්නෙත් මුලිකව අසමානව ජීවත්වෙන්න.
මම පාසල් කාලයේ ඉදන් බැදි ආදරයක් හිමිව සිට  ඈ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයත් පංති සාමාර්ථයක් ලැබීම නිසා අසමාන බවක් නිර්මාණය වීමෙන් බිද වැටුන ආදරයක් හිමිවූ අයෙක්. මේ බිදවැටීම  තුල ඇතිවු අවකාශයට පැමිණි තවත් සැබෑ ආදරයක් එදා සිට මා සුවපත් කල නිසා වෙන්  මට රික්තයක අව පීඩනය දැනුනේ නෑ. දිල්ට එහෙම වෙන්න නැතිව ඇති තාමත්. පුංචි බාප්පා නංගී දිල් ලග. නතරවු අධ්‍යාපනය එතැන් සිට ඉදිරියට අරගෙන යන්න දැන් පරිසරය ලැබිලා ඇති. වර්තමානයේ ආර්ථිකයක් ගොඩ නගා ගන්න කාර්යාලයක කුරුටු ගාන්න ඕනීම නැහැ. සල්ලි ලගට ගෙන්න ගන්න මුලික දැනීම දිල් ලග තියෙනවා.
මම පුංචි උදාහරණයක් ලියලා අද සටහන අවසන් කරනවා. මට හමුවෙනවා ආදයම් බදු උපදේශකවරයෙක්. ඔහු ගණකාධිකරණය අවිධිමත් ලෙස අධ්‍යාපනය ලැබුවෙක්. පෞද්ගලික ආයාතනයක රැකියාව කරමින් සිටියදී ඔහු රැකියාවෙන් නෙරපනවා. හදිසි අවස්ථාවකට මුහුණ දුන් මේ තෙදරු පියා   පොලොවේ ගසා අතහැරියා වගේ වෙනවා. ඔහු ඒ ගැන හිත හිතා හිටියේ නැහැ. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ ගිනුම් කටයුතු ලගට ගිහින් කර දීලා පුංචි ගානක් හොයා ගන්න උත්සහා කලා . එය සාර්ථක වුනා. ආදයම් බදු , සේවක අර්ථ සාධක ´සේවා නියුක්ත අරමුදල්  කම්කරු ආරවුල් වැනි ව්‍යාපාරිකයන්ගේ කටයුතු සදහා උපදේශක වරයෙක් සහ නියෝජිතයෙක් ලෙස අදාල ආයතන සම්බන්‍ධකම් තර කරගත්තා. අද ඔහු පිලිගත් වෘත්තිකයෙක්. දහයකට අධික පිරිසක් සමග කාර්යාලයක් පවත්වා ගෙන යන අපට නැතිවම බැරි පුද්ගලයෙක්.

ඕනෑම කෙනෙකුට එක් දොරක් වැහෙන කොට තවත් දොරක් ඇරෙනවා. 
දිල් ඔබටත් එය පොදුයි.

No comments: