Monday, July 11, 2011

එජාපයට කවදා ඉර පායත්ද ?.

 ජාතික දේශපාලන පක්‍ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාවට අයත් බුදලයන් ලෙස  භාවිතා නොවන බවත් අත්දැකීම් තුලින් මිදුම  පැහැදිලි කර ගෙන සිටී. මීදුම එක්සත් ජාතික පක්‍ෂය නිර්මාණය කර ගෙන සිටින අර්බුදය දෙස මැදිහත් සිතින් බලා සිටින්නෙකි. එය විසදී නව ජවයකින් පිබිදී පාලක පක්‍ෂයක් ලෙස නායක කාරකාදීන්ගේ බඩ කද මහත් වෙනවා දකින්නත්කැමත්තක් මීදුමට තිබේ. 
මොනම දේශපාලකයෙක් වත් ජනතා සුබ සිද්ධිය පෙරට ගෙන තම සුබ සිද්ධිය පමා කල බවක් මීදුමට තේරෙන වයසේ සිට අත් දැකීමක් නොලද දෙයකි. ඒ නිසා එසේ සීතීම සාධාරණයයි කියවන ඔබටද සිතෙනු ඇත.
 අඩුම තරමේ කරට කර අභියෝග කල හැකි විපක්‍ෂයක් රටට තිබිම යහපත්  ලක්‍ෂණයකි . ආණ්ඩු පක්‍ෂයේ සිටින විට මැති ඇමති හෙංචයියලා තමන්ට  හදා වඩා ගන්නා හැටි ඉරිසියාවට හෝ රටට කියන්න තරම් විපක්‍ෂය සත්ගුණවත්,  ශක්තිමත් කන්ඩායමක් වී සිටීම ඒ නිසා  වැදගත්වේ.
න කොටා ගෙන තර්ක විතර්ක කරමින් සිට වටු වැද්දාගේ  දැලට අහුවුන වටුවන්ගේ තැනට පත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය සමගියෙන් සාමදානයන් එක්ව වැඩ කර දැල උස්සා ගෙන පියාඹන්නට උත්සහා ගන්නේ නැත.තවත් කාලයක්  මෙලෙස සිටීමෙන් එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයට එක්වී මහාවංශයේ තවත් එක් පිටුවක් වනු ඇත.
ලාත් සභා මංත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති  පැමිනිල්ල පක්‍ෂයේ වර්තමාන අර්බුදයයේ පසුබිම් ස්වරූපය පිලිබදව යම් කිසි අව‍බෝධයක්  ලබා ගත හැකි අවස්ථාවක් ලෙස දකින මීදුම එම පැමිණිල්ල උපුටා දක්වන සී.ඒ. ප්‍රේමචන්ද්‍ර යන් විසින් සැ ජුලි 11 දිවයින ට සැපයු විශේෂාංග ලිපියේ කොටස් කිහිපයක් මෙසේ පහතින් උපුටා දක්වයි.


පසුබිම.
“ ........................නව පක්‍ෂ ව්‍යවස්‌ථාවේම 8(6) වගන්තිය අනුව පක්‍ෂ නායක ඇතුළු ප්‍රධාන නිලතල හොබවන්නන් හා නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ව්‍යවස්‌ථාව සම්මත වීමෙන් මාස 4 ක්‌ ඇතුළත එනම් 2011 අප්‍රේල් 12 වැනිදාට පෙර පත් කරගත යුතු විය. අදාළ පත් කර ගැනීම් සිදු කර ගැනීම සඳහා ව්‍යවස්‌ථාව සම්මත වන අවස්‌ථාවේ සිටි කෘත්‍යාධිකාරී මණ්‌ඩලය අප්‍රේල් මස 12 වැනිදා තෙක්‌ දිගටම "අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌" හැටියට කටයුතු කරන ලදී. ඉකුත් මාර්තු 21, 22 හා 23 යන දිනවලදී මෙකී නව පත් කිරීම් කරගැනීම සඳහා මේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වන ලදී. මේ රැස්‌වීම්වලදී පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නායක හා පක්‍ෂ සභාපති තරගයක්‌ නොමැතිව පත් කර ගන්නා ලදී. එපමණක්‌ නොව උප නායක නමැති තනතුර අහෝසි කොට තවත් නියෝජ්‍ය නායක තනතුරක්‌ ඇති කොට එයට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට ද ඒකමතිකව තීරණය කරන ලදී. නව පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව සිදුවූයේ එපමණකි. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ නායකත්වය නැවතත් තහවුරු කරගත් මොහොතේ සිට කලින් තිබුණාටත් වඩා අන්තනෝමතික පාලනයක්‌ ගෙන යැමට පටන් ගත්තේය.
ඔහු මුල්වරට පක්‍ෂයේ නව උපදේශක සභාව රැස්‌ කරන ලද්දේ ජාතික සංවිධායක ධුරයට කිසිවෙක්‌ පත් නොකොටය. ව්‍යවස්‌ථාවට අනුව මහලේකම්වරයා ද පත් කරන්නේ පක්‍ෂ නායකයා විසින් නිසා උපදේශක සභාවේ සෙසු සාමාජියන් නිසි ආකාරව පත්වී සිටියේය. නමුත් ජාතික සංවිධායකවරයකු නැතිව උපදේශක සභාවට රැස්‌විය හැකිද, එවැනි තත්ත්වයක්‌ යටතේ ගන්නා තීරණ වලංගු ද යන්න සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා නඟන ලද ප්‍රශ්නයට පිළිතුර වූයේ වික්‍රමසිංහ මහතා විසින් නව ව්‍යවස්‌ථාවේම හදිසි අවස්‌ථා විධි විධානයක්‌ වන 16(2) වගන්තිය උපුටා දැක්‌වීමයි.
මෙකී වගන්තියට අනුව එ.ජ.ප. යේ කුමන හෝ තීන්දු ගන්නා කමිටුවට ඇබෑර්තුවක්‌ හෝ සාමාජියන් පත් කිරීමේ යම් වැරැද්දක්‌ හෝ තිබුණොත් එකී කමිටුව විසින් ගන්නා ලද සියලුම තීන්දු වලංගු බවයි.

ඒ මොහොතේ සිට මුළු එ.ජා.ප. යම එකී හදිසි නීති රෙගුලාසියට යට විය.
උපදේශක සභාව රැස්‌වූයේ ජාතික සංවිධායකවරයකු නැතිවයි. පසුව රවි කරුණානායක මහතා ජාතික සංවිධායකවරයා හැටියට පත් කරන විට එකී තීන්දුව ගත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සිටියේ සම්පූර්ණ සාමාජිකයන් ගණනින් අඩක්‌ පමණි. 16 (2) වගන්තියේ හදිසි නීති රෙගුලාසි අනුව එය ද ප්‍රශ්නයක්‌ නොවීය.


 මෛත්‍රි ගුණරත්න නඩු මඟට බැස්‌සේ මෙතැනදීය. ඔහු උසාවියෙන් ඉල්ලා සිටියේ ජාතික සංවිධායක තනතුරට හා උප සභාපති, නීති ලේකම්, විදේශ කටයුතු ලේකම් වැනි තවත් තනතුරු 16 කට කරන ලද පත්වීම් අවලංගු කරන ලෙසය. එවැනි අවලංගු කිරීමක්‌ ඉල්ලා සිටීමට හේතු දක්‌වා තිබුණේ පහත සඳහන් ආකාරයටය.

මෙම වසරේ මාර්තු 21, 22 හා 23 රැස්‌වූ අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලය, පක්‍ෂ නායක, නියෝජ්‍ය නායක, සභාපති හා තවත් නියෝජ්‍ය නායක තනතුරක්‌ ඇති කළ ද ජාතික සංවිධායකවරයකු පත් කර ගත නොහැකි විය. මාර්තු 23 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම අවසන් වූයේ මාර්තු 28 වැනිදා නැවතත් රැස්‌වී ජාතික සංවිධායකවරයකු පත් කර ගන්නා බවට සටහන් කර ගනිමිනි. මාර්තු 28 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩලය නැවතත් රැස්‌වුණු පසු ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා විසින් ජාතික සංවිධායක ධුරයට රංජිත් මද්දුමබණ්‌ඩාර නම් කරනු ලැබූ අතර චන්ද්‍ර ගන්කන්ද විසින් එය ස්‌ථිර කරන ලදී. එදින වෙනත් කිසිදු නමක්‌ ජාතික සංවිධායක ධුරය වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත. නමුත් රංජිත් මද්දුම බණ්‌ඩාර එම තනතුරට නිතරගයෙන් පත් වුණේ යෑයි ප්‍රකාශ නොකරන ලදී.
සිදුවූයේ අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නිල කාලය අප්‍රේල් 12 වැනිදා අවසන් වනතුරු බලා සිට ඉන් පසුව නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් භාගයක්‌ පමණ පත්කොට එකී බාගෙට පත් කරන ලද අලුත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් රවි කරුණානායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කර ගැනීමයි.

මෛත්‍රි ගුණරත්නගේ  ඉල්ලීම


නඩු මඟට බසිමින් මෛත්‍රි ගුණරත්න මහතා පවසා සිටින්නේ පක්‍ෂයේ ප්‍රධාන නිලතල හා නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌ පත් කිරීම ව්‍යවස්‌ථාවට අනුව කළ යුතුව තිබුණේ අප්‍රේල් 12 වැනිදාට පෙර බවයි. එදිනට පෙර ජාතික සංවිධායක ධුරයට යෝජනා වූ එකම නම වූයේ රංජිත් මද්දුමබණ්‌ඩාර වන නිසා නීති ප්‍රකාරව ඔහු නිතරගයෙන් ජාතික සංවිධායක ධුරයට පත්වූ බවට ප්‍රකාශ විය යුතු බවයි. පක්‍ෂයේ අවශේෂ නිලතල හා කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් පත් කළ යුතු වන්නේ නිසියාකාරව පත්වී තිබෙන උපදේශක කමිටුවක නිර්දේශ අනුව වන නිසා එවැනි නිර්දේශයක්‌ නොමැතිව වර්තමානයේ පත්වී සිටින අවශේෂ නිලධාරීන්ගේ පත්වීම් අහෝසි කළ යුතු බවයි.

මෛත්‍රි ගුණරත්නගේ එම ඉල්ලීම උසාවියෙන් ලබාදෙනු ලැබුවහොත් එ.ජා.ප. ය තුළ දැවැන්ත පෙරළියක්‌ හට ගනු ඇත. ඒ අනුව දැනට විභාග වන වැදගත්ම දේශපාලන නඩුව මෙය වන්නේය. මෙකී නඩුව විභාග කිරීමට එරෙහිව රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් ගොනු කර තිබුණු මූලික විරෝධතාවන් අතර තිබුණු ප්‍රධානම තර්කය වූයේ මෛත්‍රි ගුණරත්න එ.ජා.ප. යේ සාමාජිකයකු නොවන නිසා ඔහුට මෙවැනි නඩුවක්‌ පැවරීමට අයිතියක්‌ නොමැති බවයි. නමුත් ගුණරත්න මහතා දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරයෙකි. ඔහු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරයකු හැටියට තුන් වතාවක්‌ තේරී පත්වී තිබිණි. එසේ තිබියදී ඔහු පක්‍ෂයේ සාමාජිකයකු නොවන්නේ යෑයි කියා තිබෙන්නේ ඇයි දැයි අප විමසා බැලූ විට ඔහු අපට කියා සිටියේ ඔහුට එ.ජා.ප. යේ සාමාජිකත්වය තිබෙන බවත් ඔහුගේ දායක මුදල සෑම මසකදීම දකුණු පළාත් සභාවෙන් ස්‌ථාවර නියෝගයක්‌ මගින් එ.ජා.ප. යේ ගිණුමට බැර වන බවයි. වික්‍රමසිංහ පාර්ශ්වයේ මූලික විරෝධතාවන් ඉවතලමින් නුගේගොඩ දිසා විනිසුරුවරිය ද විවෘත උසාවියේ පවසා තිබුණේ 2010 ඔක්‌තෝබර් මාසයේදී එ.ජා.ප. මහලේකම්වරයා මෛත්‍රි ගුණරත්න මහතාට යවන ලද එක්‌තරා ලිපියකින් ඔහු එ.ජා.ප. යේ සාමාජිකයෙක්‌ බව සඳහන් කර තිබූ බවයි. වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් නඟන ලද සෙසු මූලික විරෝධතාවන් ඔහුගේ පෙත්සමේ තාක්‍ෂණික කරුණු අළලා කෙරුණු ඒවාය. 



වික්‍රමසිංහ පාර්ශ්වයට උසාවියට දැක්විය යුතු කරුනු.
නමුත් ඒ සියලුම විරෝධතාවන් ඉවතලමින් නඩුව අසා ඉවර වනතුරු අන්තර් වාරණ නියෝගයක්‌ නිකුත් නොකළ යුත්තේ මන්දැයි හේතු දැක්‌වීමට වික්‍රමසිංහ පාර්ශ්වයට සිදුවී ඇත.
මේ අනුව ඔවුන්ට ජාතික සංවිධායකවරයකු නොමැතිව උපදේශක සභාව රැස්‌ කිරීම නීත්‍යනුකූල බව පෙන්වීමට සිදුවනු ඇත.
එපමණක්‌ නොව ව්‍යවස්‌ථාව විසින්ම නියම කරන ලද මාස 4 ක කාලපරිච්ඡේදය තුළදී අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් කළ යුතුව තිබූ ජාතික සංවිධායක පත්වීම එම කාලය ඉක්‌මවා ගොස්‌ නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌ විසින් රවි කරුණානායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීම නීත්‍යනුකූල වන්නේ කෙසේදැයි පෙන්වීමට සිදුවනු ඇත.
එමෙන්ම ව්‍යවස්‌ථාවෙන් නියමිත මාස 4 ක කාලය තුළ එනම් අප්‍රේල් 12 වැනිදාට පෙර අලුත් ව්‍යවස්‌ථාවේ විධි විධානවලට අනුව සම්පූර්ණ උපදේශක මණ්‌ඩලයක්‌ පත් කරගන්නේ නැතිව එකී අසම්පූර්ණ උපදේශක මණ්‌ඩලයක්‌ විසින් පත් කරන ලද නව නිලධාරීන්ගේ හා කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන්ගේ පත්වීම් නීත්‍යනුකූල වන්නේ කෙසේදැයි පෙන්වීමට සිදුවන්නේය.

වික්‍රමසිංහ පාර්ශ්වයට පෙන්වාදීමට සිදුවන තවත් කරුණක්‌ වන්නේ ව්‍යවස්‌ථාවට අනුකූලව ජාතික සංවිධායකවරයකු ද පත් කර ගන්නේ නැතුව එකී ඇබෑර්තුව තිබියදී උපදේශක මණ්‌ඩලය විසින් ගන්නා තීරණ නීත්‍යනුකූල කිරීමට හදිසි අවස්‌ථා විධි විධානයක්‌ වන ඉහත කී 16(2) වගන්තිය පාවිච්චි කිරීම සාධාරණ වන්නේ කෙසේද යන්නයි.
ව්‍යවස්‌ථාවේ නියමිත කාල පරිච්ඡේදය තුළදී නිසි ආකාරව ජාතික සංවිධායක ධුරයට යෝජනා වී තිබුණු රංජිත් මද්දුමබණ්‌ඩාරගේ නම නොසලකා හැරීම ද කුමන පදනමක්‌ මත කරන ලද්දක්‌ දැයි පෙන්වීමට ඔවුන්ට සිදුවනු ඇත...................................”


11 සදුදා දිවයින - සී.ඒ. චන්ද්‍රප්‍රේම

No comments: