පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, March 27, 2011

සෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක


සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා  
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා


සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා  
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා

වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ  හද  මිහිර මවා
වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ හද  මිහිර මවා


රන් කෙහෙලි බදිමින්  මග සරසන්නේ  
ජීවන ගමනේ මිහිර පතා


සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා  
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි -ජීවිතේ මතු වාසනා


මා සිහින විමානේ පැතුම් තටාකේ -  ආදර කුසුමන් පිපි තියේ 
මා සිහින විමානේ පැතුම් තටාකේ - ආදර කු සුමන් පිපි තියේ 

සැනසීම හෝ වැනසීම  ඔබගේ 
ඔය නිල් දෑසේ රැදී තියේ


සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා  
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා  
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා

- වික්ටර් රත්නායක

Thursday, March 17, 2011

තක්‍ෂලාවේ ගුරු තුමෝ


මව් පිය දහඩියෙන්  
අතට ආ ගිරා - මොනර කොළ
අනුකම්පාවක් නැතිව  - ටික්කා උදුරද්දී
රටේ නැති කුණු හරුප  - ශිල්ප කොට බෙදා දෙයි
තක්‍ෂලාවේ ගුරු තුමෝ .

කැඩී ගිය බංකුවට   - මුක්කුවක්  වුන මම
නිදි කිරා වැටෙන විට
දිසාපාමොක් ඇදුරිදු සමග - අතීතයේ
 වැළි පිල්ලේ අකුරු කළ හැටි
දුටුමි සිහිනයක්ව.

මුමුනමින් පෙම් බස් - දේශණය නොසලකා
නොදන්නා ගානට සිටින -  මේ  ගුරුන්ගේ
නිසරුවු දේශන -  අසා නිදි කිරන මට
සිහි කලේය යලි -  දිසාපාමොක් ගුරුතුමා

අධ්‍යාපන කළුකඩකාරයෝ
මවා පුරසාරම්  -
ඇදබා ගජ බින්න 
වැඩි කරගනී ගෝලයෝ
පුද පඩුරු මිස - උන්ට නැත වෙන සිහිනයක්.

පමාවු  කල්හී - කඹුරන්නට
බල්ලන් මෙන් එලවා දමති - දේශණයෙන් 
දිසාපාමොක්ට මෙන්  - මේ ඇදුරන්ටත්  
ඉතින් කෙලෙසද අප - බුහුමන් කරන්නේ .

Thursday, March 10, 2011

කුජ මහදශාව - කුජ කළහකාරී තරුණයෙක් වගෙයි.


මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි.
රවි සදු මහදශා අනුපිලිවෙලින් ගෙවී    ඉන්පසුව ලබන්නේ කුජ මහදසාවයි. කුජ මහා දසාව අවුරුදු හතකින් ගෙවී අවසන්වෙනු ලැබේ. 

කුජ ග්‍රහයා  අගහරු ග්‍රහයා ලෙසද හදුන්වනු ලැබේ.
කුජ විස්තර කරනුයේ ශක්තිමත් ශරීර ඇති කළහකාරි අන් අයට සවන් නොදෙන ගති ඇති හිතුවක්කාරී යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියා සදහා කැමැත්තක් දක්වන ගති පැවතුම් ඇති ප්‍රචණ්ඩකාරි තරුණයෙකු ලෙසය. තමන්ගේ අවශ්‍යතාවයන් සදහා අනුන්ගේ දේ වුනත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් සන්තක කර ගන්නා ගති ප්‍රචන්ඩකාරී සිතිවිලි ඇත්තෙක් ලෙස තවදුරටත් කුජ  විස්තර කෙරේ .නිල,ධන,ශක්තිය ඇති ජව සම්පන්න තරුණයෙකු ගේ හැසීරීම නිරීක්‍ෂණය කර ඒ අනුව කුජ හැසිරෙනවායි නිගමනය කළහොත්  එය නිවරදිවේ.ජොතිෂවේදීන්  විසින් කුජ මහ දශා කාලවලදී මේ ගති පැවතුම් ඇතිව කේන්දර හිමියන් හැසිරෙනවා යයි උපකල්පනයෙන් යුතුව ජොතිෂයේදී පලා පල විග්‍රහ කරනු ලැබේ.

කුජ මහදශාව  අන්තරයන්ට බෙදෙන අයුරුත් අන්තර් දශා කාලයේදී ඇතිවිය හැකි පලාපලත් පහත පරිදිවේ.

කුජගේ කුජ අන්තර් දශාකාලය මාස හතරයි දින විසි හතරකි.

මෙම කාලයේ කුජ මහ දසාවේ කුජ අන්තරය ගත කරන අය වෙත තද ‍ශාරීරික වේදනා සහිත රෝග , වේදනා සහිත ශාරීරීක තුවාල ඇති කරයි. තම ප්‍රධාණින් හා එරෙහිවීමෙන් සේවා ස්ථනයේ අසමගිකමි ඇති කරගනී. පවුලේ සහෝදර සහොදරයින් සමග තම පවුල් ඒකකය තුල අසමගිකම් ඇති කරගනී.

කුජගේ රාහු අන්තර් දශාකාලය අවුරුදු එකයි   දින දහ අටකි.

චර්ම රෝග , වස වීෂ අසාත්මිකතාවය නිසා රෝගාතුරවීම, සිදුවිය හැකිවේ. කිට්ටුම ඥාතීන්ට යම් යම් කරදර උපද්‍රව වවලට මුහුණපෑමට සිදුවේ. නිකරුනේ වියපැහැදම් වන ගමන් බිමන් ඇතිවේ. තදබල ලෙස මානසික ව්‍යාකූලතාවයනට ලක්වේ.
කුජ සහ රාහු දෙදෙනාම කේන්ද්‍රරයේ සුබ පල දෙන ස්ථානයක පිහිටියේ නම් බොහෝ ධන ලාභ ප්‍රසිද්ධිය ලැබේ.ලොතරැයි අනුමාන කර කරනු ලබන ආයෝජන වැනි දේවලින් ලාභ ප්‍රයෝජන අත්වේ.

කුජගේ ගුරු අන්තර් දශාකාලය මාස එක‍ලොහයි   දින හයකි.

කුජ සහ ගුරු බලවත්ව සිටී නම් එවරනි කේන්දර හිමියන් හට ඉඩකඩම් දේපල ,ගෙවල් දොරවල් , යානවාහන ලබාදේ. එසේ නොමැතිව අසුබ පල දෙන ලෙස පිහිටා ඇත්නම් වැඩිහිටියන් අසල්වාසීන් සමග වාද බේද ඇති කර විරසක කරවයි. ඉඩකඩම් දේපල පිළිබද නඩු හබ ඇති කරයි. එහෙත් මේ සියල්ල තමන්ගේ වාසියට හරවා ප්‍රතිපල ලබා ගාණිමට භග්‍යවන්තවේ.

කුජගේ ශනි අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස එකයි   දින නවයකි.

ඉතාමත් අයහපත් කාලයකි. මානව දයාවෙන් තොරව කටයුතු කරයි. අයහපත් කල්ක්‍රියා නිසා විපත් ලගා කර ගනී. මේ නිසාම දේපල ඉඩකඩම් යාන වාහන ආදී සම්පත් නැති කර ගනී අඩු තරමින් උගසට තබන්නවත් සිදුවේ. කුජ සහ ශනි අයහපත්වම පිහිටියේනම් දේපල ඉඩකඩම් යානවාහන අහිමිවේ. නැත්නම් ගම ගැටළු නිරාකරණය කරගැණිමට විකුනා දමයි.
කුජ ශනි දෙ‍දෙනාම කේන්දරයේ බලවත් ස්ථානවල පිහිටියේ නම් මේ අසුබ පල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල අත්වේ. යාන වාහන ඉඩකඩම් ලැබේ.

කුජගේ බුධ අන්තර් දශාකාලය මාස එක‍ලොහයි   දින විසි හතකි.

යහපත් කාලයකි. විවාහපේක්‍ෂකයන් විවාහ දිවියට ඇතුලත්වේ. සතුටින් ප්‍රිතියෙන් සිටීමට පෙළඹේ. ගායන වාදන යට සම්බන්ධ කලා කටයුතුවලට යෙදීමට කැමැත්ත ඇතිවේ. එවැනි කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වේ.ව්‍යාපාරවල යෙදෙන්නන්ට අධික ලාභ ප්‍රයෝජන අත්වේ. රැකියා කටයුතු වල යෙදෙන්න්ට උසස්වීම් ආදියට ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න්ට එම කටයුතුවලින් උසස් ප්‍රතිපල ලැබේ.

කුජගේ කේතු අන්තර් දශාකාලය මාස හතරයි   දින විසි හතකි.
අයහපත්වු කාලයකි.තදබල ලෙස මානසික පීඩාවන්ට පත්කෙරේ. නිවසේ දූ දරුවන් බිරිද  සහ අසල්වාසීන් ඥති හිතවතුන් සමග ආරවුල් ඇති කරගැණිමට හේතු සැදේ. මේ නිසා මානසික පීඩා ඇති කරයි.තමන් අන් පිලිසරණක් නොමැතිව තනිවුවායි සිතෙන තරමට අසරන වේ. වස විෂ ශරීරගතවීම් ආසාත්මිකතාවයනට ගොදුරුවීම් ඇතිවේ.
කුජ සහ කේතු බලවත්ව සිටී නම් මෙම ප්‍රතිපල නොලැබේ . ඉතා යහපත් සාමකාමි කාලයක් ඇතිවේ.
කුජගේ සිකුරු  අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස දෙකකි.

ඉතා යහපත් කාලයක් ලෙස සදහන් වේ.සෞඛ්‍යමත්වේ. යන එන ගමන බිමන කරදරයක් නැතිව ගොස් ආහැකිවේ. කරුණු කාරනා ඉටුවේ. විනෝද සංචාරයන් සදහා හිත යොමුවේ. එවැනි ලමන් බිමන් වල යෙදේ. ගෘහ ජීවිතයද සාමකාමි වේ. සතුට සමාදානය ගෘහ ජීවිතය තුල ගොඩ නැගේ.
කුජ හා සිකුරු කේන්දරයේ අසුබ පල දෙන ස්ථාන වල සිටි නම් සුබ ප්‍රතිපල නොලැබී ඉහත ප්‍රතිපල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලබයි.විරුද්ධ ලිංගිකයන් නිසා බොහෝ කරදර නිර්මාණ්‍ය කරගනී.

කුජගේ රවි  අන්තර් දශාකාලය  මාස හතරයි දින හයකි.

කුජ හා රවි සුබ පල ස්ථානවල නොපිහිටියේ නම් ඉතාමත් අසුබ කාලයකි. පියාට ,බිරිදක නම් ස්වාමියාට ,ස්වාමියෙකු නම් බිරිදට බරපතල රෝගවලට මුහුණපෑමට සිදුවේ.තමන්ට එරෙහි වන්නන් ඇතිවේ. මේ නිසා  අසල්වාසීන් නෑදෑයන් සමග අමනාප කම් ඇතිවේ.
කුජ හා රවි සුබ ස්ථානවල පිහිටියේ නම් සමාජයේ ප්‍රසිද්ධවේ. උසස් යයි සම්මත අයගෙන් ආධාර උපකාර ලැබේ.

කුජගේ චන්ද්‍ර  අන්තර් දශාකාලය  මාස හතකි.

සුබ පල දෙන මාස හතකි. ව්‍යාපාර වලින් ලාභ උපදී. ඉඩකම් ම්ළදී ගැණීමට නිවෙස අළුත්වැඩියා කර ගැණීමට සිත් ඇතිව ක්‍රියාත්මක කිරීමට උනන්දුවේ. රැකියා කටයුතු දියුණුවේ අඩු තරමින් .ණය මුදලක් අයදුම් කර ඇත්නම් පමා නොවී එය ලැබේ.අැදුම් පැළදුම් ස්වර්ණාභරණ මිළට ගැණීමට මුදල් යොදවයි.
කුජ සහ චන්ද්‍ර යන දෙදෙනා අසුබව පිහිටියේ නම් විරුද්ධ ලිංගිකයෙකු නිසා අපවාදයට ලක්වේ.  කුජ සහ චන්ද්‍ර දෙදෙනා දොලොස්වන ස්ථානයේ සිටී නම් අඩු තරමින් රිමාන්ඩ් භාරයට පත්වීමට හෝ ඉඩකඩ ඇති වරදකට චෝදනාවකට ලක්වේ.


යහපත් ප්‍රතිඵල ලැබෙනවා සේම අයහපත් ප්‍රතිපලත් ජීවිතයට උරුම වේ.  අටලෝ දහම රිය සක ලෙස කැරකේ යයි කියමනක් සහ කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති බව කියන කියමනක්  අප අසා ඇත. ජීවිතයට හොද හා නරක සම සමව ජීවත් වන කාලසීමාවේ උරුම වන බව මේ පලාපල පීබදව  විමසිල්ලෙන් බලන විට අපට පසක් වන කරුණකි. එසේ නම් අප විපතේදී කම්පා වන්නේ කුමටද ? . සියල්ල සිද්ධ වන්නේ මට විතරයි යන හැගීමෙන් හඩා වැටෙන්නේ කුමටද ?.

අප විපතේදී මෙන්ම සැපතේදීද අකම්පා නොවී උපේක්‍ෂා වෙන් ජීවිතය දෙස බැලිය යුතු වන්නේ නොවේදෑයි මීදුම සිතන්නේය. 

Wednesday, March 09, 2011

සෝමාවතී අභයභුමිය.


සෝමාවතී අභය භුමියේ වැවක්

සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.)

සෝමාවතී අභයභුමියේ වැවක්

Tuesday, March 01, 2011

ලිප්ස්- ලාටු පුඩිම.



රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ  රසවත් ආහාර කෙසේ වෙතත් බටහිරටත් චීනයටත් නැති  මෙරට සම්ප්‍රදායටත් නැති කෑම පේලියකින් සැරසූ  මේසයක් බූපේ නමින් මොඩ්වී පෝලිමක ගොස් බෙදා ගෙන රසබැලිමට සකසන්නේය.  අන්තිමට ළුනුත් නැති ඇඹුළුත් නැතිව ගිල දමා ගෙදර විත් හෝටල් කාරයාට ළුණු ඇඹුල් ඇතිව බැණ වදින්නේය . මෙනුව මෝස්තරයට තේරූ ඇනවුම් කරු නොදන්නා වගේ සිට ගොඩ යන්නේය.

තාමත් දානේ  ගෙවල් වලදී දෙන්නේ හාමුදුරුවරුන් අකමැත්තෙන් හෝ ගෙවල් වලට වඩින නිසාවෙන් විය හැක. නැත්නම් එයත් හොටල් කාරෙකුට බාරදී බිලත් ගෙවා හාමුදුරුවන්ට බිල පූජා කරන උපාසක අම්මලා සහ උපාසක තාත්තලා මේ දශකය වන විට බිහිවී හමාරය.

මේ කතාව දානේ ගෙවල් මගුල් ගෙවල් ගැන නොවූවත් දානේ ගෙයක් අවසාන වී සතුටු සාමිචියකදී මතුවු රසවත් ආහාරයක් පිළිබදවය.

ජුජුබ්ස් සහ මාෂ්මෙලෝස් අපේ රටට ආධුනික රසකැවිල්ලක් වුයේ මීට වසර තිහකට පමණ පෙරය. එකල ජනප්‍රිය රසකැවිල්ලක් බවට පත්ව සිටි ජුජුබ්ස් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර  එක් සමාගමක් මුළු  රටටම ග්ලුකෝරස නමින් ජුජුබ්ස් බෙදුවේය. ඉන් වසර කිහිපයකට පසු මාෂ්මෙලෝස් වෙළද පලට ආ අතර එකල රසකැවිලි වෙළද නාමයන් අතර ජනප්‍රියව තිබු ප්‍රමුඛ වෙළද නාමයන් මාෂ්මෙලෝස් වෙළදපල ජය ගෙන තිබුනේය.  

මීදුමට ඒ මේ වන විට එම වෙළද නාම  නම් අමතකව ගොස් ඇත.

පසු කාලයක් වන වි ශ්‍රී ලංකාවේ නාගරිකව ඉවුම් පිහුම් කලාව උගන්වන කුකරි ක්ලාස් බිහිවී අපේ කැවුම් කොකිස් මුල්ලට තල්ලු කර  බටහිර ,චීන පන්නයේ ආහාර ලේඛණ  විසින් දියවැඩියාව අධික රුධිර පීඩනය ,සමග තරබාරුකම ඇති ශරීර නිර්මාණය කලේය.
 මේ ක්‍රියාවට දායකවු මීදුමගේ වැඩිමහල් සොහොයුරියද කුකරි ක්ලාස් ගොස් විත් නානා පන්නයේ ආහාර ලේඛණ නිවසේදී නිෂ්පාදනය කර අපට පිළිගන්වා හොද නරක මෙන්ද ඒවා නැවත නැවතත් නිෂ්පාදනය සදහා අත්දැකීම් එකතු කර ගත්තේය. අපටත් නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට යාමට මග සැලැස්වීය.

  
මේ කුකරි ක්ලාස් එකක් හරහා අපේ නිවසට ගොඩ වැදුන මාෂ්මෙලෝස් නිෂ්පාදනය කරන මෙනුවක නිෂ්පාදන පිළිවෙල  මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය. - ජෙලටින් ග්‍රැම් 10ක්, සීනී ග්‍රැම් 500ක් වතුර මිලි 400 ක් සහ රසකාරක (වැනිලා) වර්ණක,
සාදන ක්‍රමය. - ජෙලටින් වතුරේ මිශ්‍රකර විනාඩි 05ක් පමණ තබන්න. සීනි ද්‍රාවනයක් සදා ලිපේ තබා උණුකරන්න . හැදිගාමින් සීනි පදමට සකස් කර ජෙලටින් මිශ්‍රණය එක් කරන්න. ඉන්පසු නිවෙන්න සලස්වා රසකාරක සහ වර්ණක එකතු කර බීටරයකින් හොදින් බීට් කරන්න. මෙසේ ද්‍රාවණය බීට් කරන විට අර්ධ ඝණ ද්‍රාවණයක් ලෙස පත්වන විට බටර් ගා සකස් කරගත් නොඇලෙන තැටියක සෙමි 03ක් පමන උසට වක්කර පැය 24ක් පමණ කාලයක් තබන්න.
තැටියේ ඝණව ඇති  මාෂ්මෙලෝස් උසට සරිලන කැබලි වලට කපා ඉන්පසු අයිසින් සුගර් මේස හැදි 02ක් සහ කොන්ප්ලවර් මේස හැදි 02ක් එක් කරගත් මිශ්‍රණයක දවටා ගන්න.
   
එක් දවසක අක්කා කුකරි ක්ලාස් ගොස් ඉගන ගෙන ආ මාෂ්මෙලෝස් පාඩම අපේ මද්දුම නංගීට අහුවිය . අක්කාත් ගෙදර නැතිවේලේ ඇගේ අඩුම කුඩුම ටික එකතු කරගත් මේ පන්ඩිතී ලිප ගිනි දල්වා මෙනුවට අනුව සිනී දමා උණුකර අනෙකුත් අඩුම කුඩුම මිශ්‍රණය කර  මාස්මෙලෝස් නිෂ්පාදනය කලේය. 
පදම වැරදී ‍ජෙලියක් නිර්මාණය විය. මේ අළුත්ම රසකැවිල්ල  කන්නත් බැරිය. ගිය වියදම නිසා ඇයට  විසිකරන්නත් ලෝභය. ඇයට අළුත් අදහසක් ඇතිවිය. ගෙදර තිබු පළතුරු වර්ග දෙක තුනක් ( ඇපල්, කෙසෙල් අඹ වැනි) කුඩා කැබලි වලට කපා අර ජෙලි මිශ්‍රණයට  හොදින් මිශ්‍ර කර ශීතකරණයේ තබා සිසිල් කලේය. ඉන් පසු නිර්නාමික  පළතුරු පුඩිමක් බවට පත්වු මාෂ්මෙලෝස් මිශ්‍රණය හතරැස් කැබලි වලට කපා අතුරු පසක් ලෙස කෑම මේසේට පැමිණියේය.
කෑම මේසේ එහාට මෙහාට මාරුවු පුඩිම රස බැළු මද්දුමයා අක්කේ මේක කන්න අමාරුයි  රසවුනාට.  යයි කෑ ගැසීය. පුඩිම කෑ පුංචි එකාගේ උඩු තොලත් යටි ‍තොලත්  එකට ඇලී අතින් පයින් සංඥා නිකුත් කරන්න පටන් ගත්තේය.
හැම එකටම කට දාන පොඩි එකී මදුදුමීගේ පුඩිමට නමක් යෝජනා කලේය.
එදා සිට මාෂ්මෙලෝස් හදන පදම වැරදි වුනදාට අපේ ගෙදර ලිප්ස් - ලාටු පුඩිම නිෂ්පාදනය වී මේසේට පැමිණියේය.