පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, December 31, 2010

දශාක්‍රමයෙන් පලාපල බලන්න.

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු  ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි  තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ වියමන් කිරීමට මීදුම පෙරුම් පුරා සිටියත් විවේකය සහ ඒ සදහා නිරවුල් මනසක් නොවීමෙන් පසුගිය දින කිහිපයේ “යූ ටියුබ්” එකේ සිංදු ඇසීමට  කාලය වෙන් කලේය.

අද සිට  ඒ විරාමය අවසන් කර පුරුදු වියමන් පෙලට පිවිසීමට මීදුම අදහස් කරයි.

දසා ක්‍රමය පිලිබදව කරන වියමනේ ඔබත් සමග සංවාදශිලි වීම , මීදුමේ අපේක්‍ෂාව වන අතර මේ දත්තයන් ඔබේ කේන්දරයට ආදේශ කරගෙන වර්තමානයේ ඔබේ පලාපල හා ගලපා සත්‍ය හා සාවද්‍ය බව සාකච්ඡා කිරීමට හැකිවන්නේ නම් මීදුම එය අගේ කරන්නකි.
පළමුව ඔබේ කේන්දරය ගෙන එහි මෙවැනි හෝ මීට සමාන වන format  එකක් ඇද්දැයි සොයා ගන්න . එහි “.....................ස්වස්ථි  ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් .........යන්නෙන් පටන් ගෙන ........නැකතේ......වෘක්‍ෂ........පක්‍ෂි.........භූත.........
වැනි සටහන් අවසානයේ ----------------මහදශාවනු .........උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණටමද වශයෙන් අපහැරන හැර ..........වර්ෂ ..........මාස.........දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී . යනුවෙන් ඡෙදයක් ඇත.
එවැනි format  එකක් ගෙන   පහත සදහන්  දත්තයන් ආදේශ කිරීම උදාහරනයකට ගනු ලැබේ. ..........
“උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණට මද වශයෙන් අපහැරන හැර ...04.......වර්ෂ .....0.....මාස....22.....දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී.
යන්නට දත්තයන් ආදේශ කිරීම මෙම ඉදිරි වියමන් පෙල දී ආදර්ශකයක් වශයෙන් යොදා ගනු ලබනු ඇත.
 එතැන් සිට එම මුලාශ්‍රයට ඉදිරි‍යේදී පලවන දත්තයන් ආදේශ කිරීමෙන් වර්තමානයට ( අදට ) ගැ‍ලපෙන අන්දමින් පලාපල  වියමන් කරමු.
ජ්‍යොතිශයේ අපේ ජීවිත කාලය අවුරුදු 120 ක් ලෙස සලකා එක් එක් මහා දශාවට කාලය වෙන්කර ඇත. ඉන් පසුව එම මහා දශා තවත් විග්‍රහ කිරීම සදහා අතුරු දශාවලට වෙන් කරඇත.  මහා  දශාවට වෙන් කරන ලද කාලය  -   අතුරු දශාවලට වෙන් කරමින්  පලාපල විග්‍රහයන් කිරීම තවත් පහසු කර ඇත.
දශා පලාපල කියවීමේදී ආදේශ කළ  යුතු  දත්තයන් පිළිවෙලින් පල කිරීමත් ඉන්පසුව එම දත්තයන්ට අනුරූප පලාපල පලකරන බැවින් මේ වියමන්  පෙල සම්පුර්නයෙන්ම කියවීමට ඔබට සිදුවනු ඇත. අද පළමු පියවර වශයෙන් අනු පිලිවෙලින් මහාදශා සහ ඒ ඒ මහ දශාවන්ට අයත්වන කාල පරාසය පල  කිරීමට මිදුම අදහස් කරන්නේය.
  1.     රවි මහා දශාව -    අවුරුදු 06
  2.        චන්ද්‍ර මහ දශාව -   අවුරුදු 10
  3.       කුජ  මහ දශාව -    අවුරුදු 07
  4.       රාහු මහ දශාව -    අවුරුදු 18
  5.       ගුරු මහ දශාව -     අවුරුදු 16
  6.       ශනි මහ දශාව -     අවුරුදු 19
  7.      කේතු මහ දශාව -   අවුරුදු 07
  8.        සිකුරු මහ දශාව -    අවුරුදු 20


අතුරු දශා වලට අයත් කාලය ඉදිරි වියමනේ පල කරනු ලැබේ.
 මිදුම පල කර ඇති උදාහරනයට අනුව 
කේතු මහා දශාවෙන්  අවුරුදු 04 මාස 0 දින 22 ක් ඉදිරියට ඇතුව 1948 . 10. 27 දින උපන් පින්වත් කුමරා අද ගත කරන දශාව සොයමු. 

එය ආදර්ශකයක් වශයෙන් ‍ගෙන ඒ   අනුව ඔබ  ගත කරන මහා දශාව සොයා ගන්න.

  • 1948 . 10. 27 දින සිට ඉදිරියට කේතු මහ දශාව අවුරුදු 04 මාස 0 දින 22  කි.
  • 1952. 11. 19 දින ඔහුගේ කේතු මහා දශාව ගෙවී ගියේය .
  • ඊලගට ඔහුට උදාවන්නේ සිකුරු මහා දශාවයි.
  • එය අවුරු දු 20කි.
  • 1972. 11.19 දින සිකුරු ගෙවී රවි මහා දශාව ලැබුවේය.
  • රවි අවුරුදු 06ක් ගෙවී 1978.11.19 දින ඔහුට චන්ද්‍ර මහා දශාව ලැබුවේය.
  • අවුරුදු 10ක් වු චන්ද්‍ර මහා දශාව 1988.11.19 දින ගෙවී අවුරුදු 07ක ආයු කාලයක් ඇති කුජ මහා දශාව 1995.11.19 දින ගෙවෙන ලදී.
  • අනතුරුව ලැබුවේ රාහු මහ දශාවයි.
  • ඔහුගේ කේන්දරය අනුව රාහු මහ දශාව ගෙවී  අවසන් වන්නේ අවුරුදු 18 කිනි.
  • එනම් 2013.11.19 දිනදීය.
  • එතෙක් ඔහු ඉදිරි අවුරුදු 2 මාස 11 දින 19 ක් තව රාහු මහ දශාව ගත කල යුතුය.
  •  

ඔබේ කේන්දරයේ උපතේ සිට ඉදිරියට කුජ මහදශාව ඉදිරියට යන්න දක්වා ඇත්නම් ඔබ කල යුත්තේ කුජට පසු අනු පිළිවෙලින්
  1.  රාහු
  2.  ගුරු 
  3. ශනි
  4. කේතු 
  5. සිකුරු 
  6. රවි 
  7. චන්ද්‍ර 

යනුවෙන් ඉදිරියට ආදේශ කිරීමය.

මේ අනු පිළිවෙල නොපැහැදිලි නම් කේන්දරයේ දශා ශේෂය සොයා ගෙන  උපන් දිනයත් සමග ප්‍රතිචාර තුල පල කරන්න. 
මීදුම ඔබ ගත කරන මහා දශාව  පිලිතුරු තුල පලකරනවා ඇත.

ඉදිරි වියමන අතුරු දශා සදහා කාලය වෙන් කර ඇති අන්දම  පැහැදිලි කිරීමටත් ඉන්පසුව ඒ ඒ දශා තුල ජීවිත පලාපල පලකිරීම  සදහා වෙන් කරනු ඇත.

2011........................................... Happy New Year - සුබ නව වසරක්















Thursday, December 30, 2010

මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ




මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ


මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා 
නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා
‍බෝගම්බර සිපිරි ගෙදරට -  එන්න එපා 
හතුරෙකුටත් මට වන් දුක  - වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඩ - රැව් දෙනවා
කළ පවු මතක්වී දෑසම - තෙත් වෙනවා
සියක් වාරයක් මැරී මැරී - උපදිනවා
තිබහට වතුර වෙනුවට - කදුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින - ආරකය
දුදනන් නිසාවිය හෙනහුරු - මාරකය
මං පෙරගියේ වරදින් පිරි  - පාරක
ඒ ගිය මගේ අවසානය -  පෝරකය


Sunday, December 26, 2010

මලක් උනේ ඇයි ඔබ මට


මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්
පහන් තාරකාවක් සේ-  ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් -  දල්වනු කෙලෙසින්
කියන්න 
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 

විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බීමට තහනම්
සහන් ගීතිකාවක්සේ -  ජීවිතයේ  ගී ලිව්වද
ඒ ගීතයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින්
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්



Saturday, December 25, 2010

ගොළු හදවත තේමා වාදනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස



ගොළු හදවත තේමා වාදනය 
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

- ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න. 



Friday, December 24, 2010

ජය සිරි මහා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශණි.




ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ


……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ
……………

වැලි මළුවේ ඉද සාදු කියනකොට

අපිටත් නොහිතා ඉන්න හොදයි
ඉස්සර වාගෙම දවුදිය බුදුවරු
අපෙ දාන පිළිගන්න හොදයි
ජයසිරි මහා හාමුදුරුවනේ

……………
රන්වැට පාමුල සාදු කියන කොට

ලෙන්ගතු කම් නොහිතන්න හොදයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොදයි.
- ජයසිරි මහා හාමුදුරුවනේ

……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ



Thursday, December 23, 2010

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න - වික්ටර් රත්නායක


පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න

මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න

ඒත් අපේ මල් සුවදයි -එපා බාර නොගෙන ඉන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න



Tuesday, December 21, 2010

කුම්භ ලග්න හිමියන් වාසනාවන්තය.


ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළිබදව සියයට සියයක් විශ්වාසය පළ නොකරයි. ප්‍රවීනයෝ ලග්න පලාපල පැවසිමේදී යොදා ගන්නා සිද්ධාන්ත  පීලිබදව ගොණු කළ වියමනක් ඉදිරි 
දිනක වියමන් කිරීමට මීදුම අදහස් කරයි.

කුම්භ ලග්න හිමියා ස්වභාවිකත්වය අගේ කරයි.මිනිස් බව සුරකී. විධිමත්ව උසස් අධ්‍යාපනයට යොමු වෙයි.දේශපාලන ,සමාජ කටයුතු සදහා නැඹුරුවේ. ඉවසීම, ප්‍රවේසම,හිතේ ඒකාග්‍රතාවය ,මතකය උසස් පැවතුම්වේ.මහජනතාව උදෙසා කැපවේ. බාහිරට පෙනෙනවාට  වඩා යහපත් ගතිගුණ සිත්තුල ඇතිව වැඩ කටයුතු ඉටුකරයි.

ආත්ම ලාභය අපේක්‍ෂා නොකරයි. ප්‍රධානත්වයට කැමැත්ත නොදක්වයි. එහෙත් ප්‍රධානත්වයට පත්වේ.ැන් සමාජයේ ප්‍රසාදයට පත්වේ.අසරණයනට උදව් පදව් කිරීමට වහා ඉදිරිපත්වේ.  විවේකීව ජීවත්වීමට කැමත්ත දක්වයි.

Sunday, December 19, 2010

සබද අපි කදු නොවෙමු...


සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.


සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

වියරු ගිණිදැල් නොවෙමු - වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු - දැවෙන වනයට වැටෙන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

නපුරු හීනය නොවෙමු- ළමුන් නිදි සුව විදින
සොදුරු අඩහැරය වෙමු - දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

ගුණදාස කපුගේ ගායකයානන් විසින් ගායනා කළ මේ ගීතය පදවැල  රචකයානන් මීදුම හදුනාගෙන නැත. එහෙත් මේ ගීතය හා බැදුන කතාවක් මීදුමට තිබේ.
මීදුමට මේ ගිතය පළමු ඇසුවා නොව   පදවැල  කියවුවා පමනි. පදවැල දුටුදා සිට ගීයට පෙම් බැදි ඉන් බොහෝ කළකට පසු මේ ගීතය මීදුමට අසන්නට ලැබිනි. ඒ 1989 වසර විය හැක.
මිදුම එකල තිබු දේශපාලන භීෂණය සමග උඩුගම්බලා පිහිනමින් එවකට පැවති රජයට එරෙහිව මැතිවරණය ව්‍යාපාරය හා සම්බන්‍ධව සිටියාය.
එම අසීරු කටයුත්තේදී දහසක් ප්‍රතිවිරෝධතා හමුවේ ඇතිවු මානසික පීඩනය මේ ගීතය නිතර නිතර ඇසීමෙන් හා මිමිණිමෙන් සමනය කර ගත්තා මීදුමට මතකය.

Friday, December 17, 2010

පරිත්‍යාගශීලී ධනු ලග්න හිමියන්.


අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය.

මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට ලග්න දොළහ සම්පුර්නවේ.

ධනු ලග්න හිමියෝ බොහෝ පරිත්‍යගශිලි ඇත්තන් බව සදහන්ය. උසස් විමේ බලාපොරොත්තු ඇති ,අවංක එමෙන්ම සෘජු ව කටයුතු කරන ක්‍රියාශීලි , නීතිය යුක්තිය අකුරටම සලකන ඒ වෙනුවෙන් තමනට මෙන්ම අනුන්ටද අවැඩක් වන්නේ නම් වහා ඉදිරිපත් වන ගති පැවතුම් ඇත්තේය.
තමන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක් පෙර පළපුරුදු නැති වුවද , එය නිවරදිව කරගෙන යාමට තරම් බුද්ධිමත්ය.

අරගලකාරී, ප්‍රශ්නකාරී අවස්ථා සදහා මුහුණ දෙන්නේ ප්‍රතිවාදියාට මුළික අවස්ථාව තබමින් තමන් දෙවනි අවස්ථාව ලබා ගනිමින්ය. උදාහරණයකට ගතහොත් මේ අසාධාරණයකට අධිකරණයට යාමට අවස්ථාව ලද හොත් තමන් පැමිණීළිකරුනොවී විත්තිකරුවීමට සුදානම්ය.එමෙන්ම ගොඩින් ප්‍රශ්න ගැටළු විසදා ගැණිමට ප්‍රයෝගකාරීව කටයුතු කිරීමට දක්‍ෂය.

තමන්ගේ මෙන්ම අන් අයගේද නිදහසට ගරු කරයි. සතුටින් දවස ගෙවා දැමීමට මං සලසා ගනී.
ඥාණවන්තව උපදෙස් දීමට දක්‍ෂ මෙන්ම ඒ උපදෙස් අඥාදායක ස්වරූපයකින් ඉදිරිපත් කරයි .වීනිත ,නිහතමාණි ගතිපැවතුම් සහ ක්‍රමාණුකූලව කටයුතු කිරීම වැනි උසස්  පැවතුම් ඇත්තෙක්වේ.
ගණුදෙනුවලදි පරිස්සමෙන් දෙවරක් සිතා කටයුතු කරයි. අප්‍රවේසමෙන් කටයුතු කිරීම නිසා හදිසි අනතුරු ඇතිකරගනී.

Tuesday, December 14, 2010

සමබර සිතිවිලි ඇති තුලා ලග්න හිමියෝ.


තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ .
 තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව  දක්වන, නීතීයට යුක්තියට ගරුකරන, සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්තක් දැක්වීම මෙම ලග්ණ හිමියන්ට උරුම ලක්‍ෂණයකි.
අනාගතය ගැන සිතා  නිවරදිව සැලසුම් කිරීමට දක්‍ෂවේ. අන් අයට කරුනු පැහැදිලි කර අබෝධ කරදීමට දක්‍ෂ වන අතරම කේන්තියක් අනවබෝධයක් ඇතිවුව හොත් වහා යථා තත්වයට පැමීණීමටත් යලිත් පෙර පරිද්දෙන්ම කටයුතු කිරීමටත් හැකියාව උපතින්ම පිහිටා ඇත.
තමන් උපයන , තමන් සතු දෑ අන් අයගේ සැප පහසුකම් උදෙසා නිර්ලෝභීව කැප කර ඉන් සතුටට පත්වේ. ආත්මාර්ථව කටයුතු කරනවාට වඩා පරාර්ථකාමිව කටයුතු කරයි. වාද විවාද කර ජයගන්නවාට වඩා උපේක්‍ෂාවෙන් යම් යම් ගැටළු ප්‍රශ්නකාරී අවස්ථා ජයගන්නට සිතයි. සමාජශිලිවේ. දේශ දේශයන් හී සංචාරයට ස්වභාව සෞන්දර්ය අත් විදීමට කැමැත්ත දක්වයි.
සිහින් ප්‍රියමනාප උස්වු සිරුරක්  තුලා ලග්න හිමියන් සතුවේ.

Tuesday, December 07, 2010

කන්‍යා ලග්ණ හිමියෝ කඩවසම්ය.

කන්‍යා ලග්ණය ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත හැකිවිනි.

ගීතවත් කඩහඩක් සියුමැලි කඩවසම් සිරුරුක් වියපත් නොවන තරුන පෙනුමක් කඩිසර පැවතුම් කන්‍යා ලග්න හිමියෝ උපතින් ම ලබන බව විස්තර වන්නකි.

විවේචන ශීලිව කටයුතු කිරීමත් ගැටළු ප්‍රශ්න සදහා සාධාරණ විසදුම් දීමටත් කන්‍යා ලග්න හිමියෝ දක්ෂය.තමා ගැන ඇති විශ්වාශය අවම වන අතර අන් අයගේ විශ්වාශයන් සහ උපදෙස් මත යැපීමට කැමැත්තක් දැක්වීම, නිතරම තම කටයුතු කාරණාවලදී දෙවරක් සිතීම ඒවා පිලිබදව මෙය මට සිදු කළ හැකිද යන්න විශ්වාශයක් නොමැතිව කටයුතු කිරීම, යම් යම් කාරනා ඉටු කළ පසුත් මෙය මම හරියට කලා දැයි නැවත නැවත සැකයෙන් යුතුව පසු විපරම් කිරීම චරිත ලක්ෂ ණ අතරට එක්වන කරුණු කාරනා වන්වේ.

අලි යන මං නොදකින කූඹින් ගිය මං දකින්නෝ කන්‍යා ලග්ණය හිමියන් අතර සුලබය. මිත්‍ර සමාගම් පවත්වාගෙන යාමට වැඩි නැඹුරුතාවයක් නොදක් වයි. මිත්‍රයෝද යාවජීව සාමාජිකයෝ නොවෙති. දත මැද ගත් පසු ඉවත දමන දැහැටි කූරු මෙන් මිත්‍රයින් අත්හරී.
නීරෝගි සම්පතක් හිමි වුවත් ලෙඩ රෝග වැලදේයයි බියෙන් නිතර නිතර ඖෂධ වර්ග භාවිතා කරයි.
වැවිලි , කෘෂිකර්මාන්තය වැනි වෟත්තින්ට ලැදියාව දක්වයි වියපැහැදම් කිරීමේදී අරපරිස්සම් වේ.

කන්‍යා ලග්ණ හමියෝ සිනහවෙන් කතාවෙන් අන් සමාජයේ හැසීරීමට දක්ෂයන්වේ.

Saturday, December 04, 2010

සිංහයෝ කවදත් එඩිතරය.


සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්‍රතිපත්ති අකුරටම රැකීමට තරම් ආත්ම ශක්තියක් ඇති බවත් කියවෙන්නකි.

ඕනෑම තැනක ප්‍රධානත්වය ගැණිමටත් තම භාරයට පත්වන කටයුතු අකුරටම ඉටු කිරීමේ වගකීම දැරීමත්  සිංහ ලග්න හිමියන්ගේ උරුම ගතියකි. පුංචි පුංචි සැලසුම් ගැන අවධාණයක් නැති මහ පරිමාණ ව්‍යපෘති මෙහෙයවීමට කැමත්ත ඇති නොනැවතී ඉදිරියට යාමේ උනන්දුව ඇති නිසා ප්‍රසිද්ධයට පත්වීමත් දියුණුව ඇති කර ගැණිමත් කටයුතු  කැරණාවලදී  මුලිකත්වයට පත් විමත් සිදුවේ.

අන් අයට වරදක් කිරීමට සිත පොළබවන්නේ නැති වුවතු තමන්ට වරදක්  කළ හොත් ප්‍රතිප්‍රාහාර එල්ල කිරීමට නොපසුබට වේ. නීතී ගරුකවේ.

රාජ්‍ය ප්‍රධානීන් , රාජ්‍ය අංශයේ  පරිපාලනමය සේවකයන් වීමට හේතු වාසනා සිංහ ලග්න හිමියන්ට උරුමයි.