පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, November 03, 2010

වෘශ්චික ලග්න හිමියෝ මානව හිතවාදී ද ?.


ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ  වෘශ්චික ලග්න හිමියන්ගේ ගති ස්වරූපයන් පිළිබදව  මීදුම එකතු කර ගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. අපි අතර ඉන්න වෘශ්චික ලග්න හිමියන්ට මේ ගති ස්වභාවයන් ආදේශ කරලා කොයිතරම් නිවරදිද කියලා බලමු.

වෘශ්චික ලග්න හිමියෝ සෘජු ගතිගුණ ඇති එඩිතර අදහස් ඇති අය කියලයි සදහන් වන්නේ. හිතේ කිසිවක් ඉතිරි කරන්නේ නැතිව අදහස් ප්‍රකාශ කරන ඒ වාගේම කටයුතු කිරීමත්   අවංකව කටයුතු කිරීමත්  මේ අයගේ ලක්‍ෂණයක් බවයි සටහන් වන්නේ . ඕනෑම විෂයයක් පිළිබදව දක්වන අදහස්  ක්‍ෂණිකව අවබෝධ කරගන්නා ඥාණයක්  මේ අයට තියෙන බවත්  සදහන් වනවා.
වැඩ පල කඩිසරව  කරන ආඩම්බර ගතිපැවතුම් ඇති, විවේචනශිලි සිතිවිලි ඇතිව තර්කානුකූලව සිතන ස්වභාවයක් මේ අයට තියෙන බවත් , යමක් ඇසු  පමනින්ම පිළිගන්න කැමති නැති බවත්  සදහන්වු තවත් කරුනක්.
සමාජයේ කැපී පෙනෙන පෞරුෂයක් හිමි, මානව හිතවාදීව කටයුතු කරන  අන් අය හට ගරු කරන නිහතමාණි ගති පැවතුම් ඇති බවක් විෂේශිත ලක්‍ෂණයක්. දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කරන මොවුන් තම වැඩ කටයුතු පවා පසුවට කල් තැබුවත් ඉලක්ක ගත අවස්ථාව වන විට නිම කර සැහැල්ලු වනවා දක්නට පුළුවන්.

ඉක්මනින්ම කේන්ති යාම දුර්වල කමක් ලෙස සදහන් වුවත්  එ සැනින්ම යථා තත්වයට පත්වන්න මෙයාලට හැකි බවත්  සදහන් කරන සුවිශේෂ  ලක්‍ෂණයක්.

3 comments:

Chanaka Aruna Munasinghe said...

මගේ ලග්නෙත් වෘශ්චික

" තම වැඩ කටයුතු පවා පසුවට කල් තැබුවත් ඉලක්ක ගත අවස්ථාව වන විට නිම කර සැහැල්ලු වනවා දක්නට පුළුවන් "

කියන එකනම් මට හරියටම හරි

මෙන්න තියෙනවා මගේ කේන්දරේ.
http://picasaweb.google.com/lh/photo/ewdkKXfw_gsP8dCK0JHcQQ?feat=directlink

miduma said...

කේන්දරයත් සමග දසා අපහරණයත් යොදන්න. මම නම් තාමත් පර්යේෂකයෙක්.

Chanaka Aruna Munasinghe said...

දසා අපහරණය කියන්නෙ මොකක්ද ?